ආදරයෙන් පැරදිලා නම් ඊළඟ ආදරය දිනන්නේ මෙහෙමයි

බේ ජීවිතය ඔබ ගෙවන්නේ ඔබ වෙනුවෙන්. ජීවිතේ ආදරය, විභාග, රැකියා, දෙමාපියෝ මොන දෙයක් අහිමි වුනත් ඔබ එයින් මානසිකව වැටුනොත් පාඩුව වෙන්නේ ඔබටමයි. ඒ වගේම එක සම්බන්ධයක් බිඳුනා කියල එයින් ඔබේ ජීවිතේම විනාශ වෙන්නේ නැහැ. එයින් ලද පාඩම් අරගෙන ඔබේ විවාහය සාර්ථක කර ගන්න ධනාත්මකව සිතන්න ඕනේ.

පහත පියවරවල් 6 අනුගමනය කලොත් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ සැබෑ සාර්ථක ආදරය සොයා ගන්න ඔබටත් හැකි වේවි.


fb-like-beg


පළමු පියවර – හොඳින් සිතන්න

සම්බන්ධය තිබුන කාලය ගැන හොඳින් සිතන්න. එය මුල සිටම නොගැලපුනාද? නැත්නම් ඔබ සම්බන්ධකම් පැවැත්තුව කෙනා නරක පුද්ගලයෙක්ද? ඔහු වන්චනිකයෙක්ද? ඒ පුද්ගලයා නරක පුද්ගලයෙක් නම් එම සම්බන්ධය බිඳ වැටීම සිදු වී ඇත්තේ ඔබේම යහපතටයි. එහෙම නැත්නම් සම්බන්ධය බිඳුනේ ඔබේම වරදක් හෝ පෞර්ෂ අබාධයක් නිසාද? එහෙනම් ඒ වරද නැවත ඇති නොවෙන්න හදා ගන්න. පසුගිය සම්බන්ධයකින් ලද හැකි වටිනාම දේ තමයි ඒ මගින් ඔබ ලබන දැනුම. ඔබ ගැන ලෝකය ගැන වගේම ජීවිතේ ඇති හිමි අහිමි වීම් ගැනත් ගැඹුරු අවබෝධයක් ලබන්න බිඳ වැටුන සම්බන්ධයක් ඔබට උදවු වෙනවා. ඒ නිසා පලමුව බිඳ වැටුන සම්බන්ධය ගැන මුල සිට අග දක්වා හොඳින් අධ්‍යනය කරන්න.


දෙවන පියවර – වේදනාව පහවෙන්න දෙන්න

ඔබ තවමත් පසුගිය සම්බන්ධතාවයේ අහිමිවීමේ වේදනාවෙන්, තරහෙන් සහ කලකිරීමෙන් ඉන්නවා නම් තවමත් ඔබ අලුත් සම්බන්ධයක් පටන් ගන්න සූදානම් නැහැ. හිතේ වේදනාව තියාගෙන අලුත් එකක් පටන් ගන්නවා කියන්නේ ඒ සම්බන්ධයත් බිදෙන්න ලොකුම හේතුවක් වෙනවා. වේදනාත්මක කාලය පසු කරලා ඔබේ හිත සැහැල්ලු සාමාන්‍ය තත්වයට පැමිණි පසුව තමයි අලුත් එකකට යන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔබ හැම විටම ඔබේ පරණ පෙම්වතා සහ අලුත් පෙම්වතා සංසන්දනය කිරීම සිදු වීමයි.


තුන් වන පියවර – පවුල සහ මිතුරෝ

සම්බන්ධකමක් බිඳීමෙන් පස්සේ තනි වෙන්න හදන්න එපා. ඒ වගේම දුක තුනී වෙන්න වැරදි කෙනක් ජීවිතේට ගන්නත් එපා. ඔබට ඇති වටිනාම ශක්තිය තමයි ඔබේ පවුල සහ මිතුරෝ. ඔවුන්ට සමීප වෙන්න. උදාහරනෙකට ඔබ ඔබේ තාත්තා සමග එතරම් කිට්ටු නැහැ කියල හිතන්න. හැබැයි මෙවැනි වේලාවකදී ඔබේ දුක බෙදා ගන්න සුදුසුම අය තමයි ඔබේ දෙමාපියෝ. ඔවුන් දෙන්නා ගේ වටිනාකම බලන්න ජීවිතේ දෙන හොඳ අවස්තාවක් තමයි සම්බන්දයක් බිඳ වැටීම් කියන්නේ. මෙවැනි අවස්ථා වල පවුල සහ හිතවත් මිත්‍රයෝ සමග වඩ වඩා සම්බන්ධ වෙන්න. ඔබට වැටහේවි ලෝකයේ ඔබට ආදරය කරන ගොඩ දෙනෙක් ඉන්නවා කියල.


සිවුවන පියවර – ඔබ ඔබට ආදරය කරන්න

පසුගිය සම්බන්ධතාවය නිසා හෝ වෙන කිසියම් දෙයක් නිසා ඔබට කරන්න බැරි වුන දෙයක් ඇත්ද ? ඉගෙන ගන්න බැරි වුන දෙයක් තිබේද? ඒ දේ වහාම කරන්න පටන් ගන්න. ඔබ ඔබ සමග හොඳ සම්බන්ධයක් ඇති කර ගැනීම මින් අදහස් වෙනවා. බය දෙයක් ඇත්නම් අත්හදා බලන්න. ඔබේ ආත්ම විශ්වාසය මේ සමග වැඩි වේවි. එය අනාගතයේ ඇති වෙන්න තිබෙන සම්බන්ධය සාර්ථක කර ගන්න උදවුවක් වෙනවා.


පස්වන පියවර – සම්පූර්ණයෙන්ම තනිකඩ වෙන්න

තනිකඩයන සමග එක් වී ගමන් බිමන් යන්න. වගකීමක් නැති, වාර්තා කරන්නට කිසිවෙක් නැති ඔබේම නිදහස හිත පුරා භුක්ති විඳින්න. අලුත් මිතුරෝ හමු වෙන්න. ඔබ අලුත් සම්බන්ධයක් පවත්වන්න විවෘත වෙන්න. එයින් අදහස් වෙන්නේ නැහැ අදම කෙනෙක් හොයාගෙන දුවන්න කියල. නමුත් දැන් අලුත් කෙනක් පිළිගන්න කාලේ හරි කියල හිතට ගන්න.


හයවන පියවර – නැවත උත්සහ කිරීම

ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න. නවීන විලාසිතා වලට ඇඳුම් පැළඳුම් කරන්න පටන් ගන්න. මේ මගින් ඔබව සුන්දර වෙලා පෙනෙද්දී ඔබටම ආත්ම අභිමානයක් ඇති වේවි. ඔබට හමුවෙන ඔබ ගැන සැලකිලිමත් අය සමග කතා බහ කරන්න පටන් ගන්න. පොඩි හමුවකට කෝපි එකක් බොන්න යන්න. නැවත වරක් සහකරුවෙක්ට ජීවිතේ දොරට තට්ටු කරන්න පොළඹවන්න.

SHARE