පළමු වරට හමුවන කෙනෙක් ආකර්ශනීය කර ගැනීමට සුහදශීලී සංවාදයක් ගොඩනගා ගන්න ඔබට පුලුවන්ද?

ළමු වරට කෙනෙක් මුණගැහුනම එයා එක්ක සංවාදයක් ගොඩනගා ගන්න එක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා පිලිබඳ ඔබ කිසිවක් නොදන්නා නිසා ඔබට ඔහු හෝ ඇය සමග කතා බහ කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්,

ඔයාට කොහොමද?

ඔයා මොකද කරන්නේ?

ඔයා කොහේද?

මේ තමයි පොදුවේ හැමෝම සංවාදයකදී අහන ප්‍රශ්න. එත් මේ දේවල් ඇහුවට පස්සේ ඔබට තවත් කතා බහ කරන්න දෙයක් නැති වෙනවා. සංවාදය එතනින්ම ඉවර වෙනවා. එවිට ඔබට මුණගැසෙන අය ඔබ සමග සුහද වීම අඩු වේ. එනිසා කම්මැලි සහ ඒකාකාරී සංවාදයකින් මිදෙන විදියයි මේ කියන්න යන්නේ.


fb-like-beg


ඔබේ කතාව මොකක්ද?

පළමු වරට මුණගැහෙන පුද්ගලයෙක් සමග පෞද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීම සුදුසු නැහැ. එත් තමන්ගේ පෞද්ගලික අත්දැකීම් ගැන කතා කරන්න හැමෝම කැමතියි. තමන් ලැබූ ත්‍රාසජනක අත්දැකීම්, හාස්‍යජනක අත්දැකීම්, තම සංචාරයන් ගැන ඔවුන්ගෙන් විමසන්න. පළමුව ඔබේ අත්දැකීම් පිලිබඳ ඔවුන්ට පැවසීමෙන් ඔවුන් ද ඔවුන්ගේ අත්දැකීම් ඔබ හා බෙදා ගැනීමට පෙළඹේ. එවිට ඔබේ සංවාදය වඩාත් ආකර්ශනීය වේ.


ඔබේ දිනයේ හෝ සතියේ විශේෂ සිදුවීම් මොනවාද?

මෙවැනි ප්‍රශ්නයක් මගින් මෑතකදී ඔහු හෝ ඇය ලැබූ අත්දැකීම් පිලිබඳ සාකච්චා කිරීමට අවස්තාව ලැබේ. එයින් ඔහු හෝ ඇය මේ දිනවල සිදු කරන දේවල් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අවකාශය ලැබේ.


ඔබේ ජීවිතයේ වඩාත් සුවිශේෂීම අවස්ථා මොනවාද?

මෙවැනි ප්‍රශ්නයක් මගින්ද ඔබ සංවාදයේ යෙදෙන පුද්ගලයාගේ ජීවිතයේ වැදගත් දේවල් දේවල් පිලිබඳ කතා කිරීමට ඔවුනට ආරාධනාවක් කෙරේ. එය ඔවුන් වඩා කැමති දේවල් පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩ ලබා දේ. එය ඔවුන් ඔබ හා සුහද වීමට ද හේතු වේ.


ඔයාගේ කැමතිම පොත මොකක්ද?

සංවාදයේ යෙදෙන විට ඔහු හෝ ඇය පොත් කියවීමට කැමති කෙනෙක් යයි දැනුනහොත් ඔබට මෙම ප්‍රශ්නය ඇසිය හැකියි. එවිට ඔබ දෙදෙනාම පොදුවේ කැමති දෙයක් පිලිබඳ සාකච්ඡා කල හැකි වේ. එමෙන්ම මෙයින් ඔබේ සංවාදය වඩාත් වැදගත් හා ආකර්ශනීය එකක් බවට පත් කරයි. ඒ අතරම මෙයින් ඔබ දෙදෙනා අතර සම්බන්ධතාවය ද වර්ධනය කරයි.


ඔබ කැමතිම ඔබේ සිහින රැකියාව කුමක්ද?

මෙවැනි ප්‍රශ්නයක් ඇසීම මගින් ඔහුගේ හෝ ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ද සාකච්ඡා කිරීමට ඉඩ ලැබේ. එවිට ඔවුන් කැමති රැකියා ක්ෂේත්‍රය පිළිබද ඔබේ අදහස් පැවසීමටත් ඒ පිලිබඳ වැඩිදුර කතා කිරීමටත් අවස්තාව ලැබේ.


දේශපාලන හෝ ආගමික හෝ වෙනත් දෙයක් පිලිබඳ හෝ පොදු ගැටළුවක් අසන්න

බොහෝ විට වයසක පුද්ගලයන් හමු වූ විට අතීතයේ පටන් දේශපාලන ගැටළු පිලිබඳ සාකච්චා කරයි. ඒ දෙපාර්ශවයටම පොදු කරුණු පිලිබඳ සාකච්ඡා කල හැකි නිසාවෙනි. ඔබටත් එවැනි කාලීන සිදුවීමක් හෝ ගැටළුවක් හෝ පිලිබඳ විමසිය හැකියි. උදාහරණයක් ලෙස ඩෙංගු, ගංවතුර නැතිනම් ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන මේ ඕනෑම දෙයක් ගැන විමසන්න. එයින් දෙදෙනාටම පොදු දෙයක් පිලිබඳ කතා බහ කිරීමේ ඉඩ ලැබේ.


ඔබ ඔබේ රැකියාව තෝරා ගත්තේ ඇයි?

මෙවැනි ප්‍රශ්නයක් මගින් ඔහු හෝ ඇයගේ පෞද්ගලික හැඟීම් පිළිබඳ දන ගැනීමට ඉඩ ලැබේ. එයින් ඔහු හෝ ඇය කුමන ආකාරයේ අයෙකු ද යන්නත් අවබෝධ කර ගත හැකි වේ. ඇතැම්විට ඔවුන් තමාගේ රැකියාවට අකමැති අය විය හැකියි. එවන් අවස්ථාවල ඔබට ඔවුනට උපදෙස් ලබා දීම ද සිදු කල හැකියි. එයින් ඔවුන් ඔබ පිලිබඳ වඩා පැහැදීමට පත් වේ.


සංවාදයකදී ඔබ අවබෝධ කර ගත යුතු වැදගත් කරුණු 03 ක් වේ

• සංවාදය කම්මැලි, ඒකාකාරී වන බව අවබෝධ කර ගත යුතුය.

වෙනත් පුද්ගලයකු හා සංවාදයේ යෙදෙන විට තමන්ගේ කතාවට ඔවුන් වශී වී ඇතැයි සිතා හැමදේම කියවීම සුදුසු නැහැ. අනෙක් පුද්ගලයාට සංවාදය එපා වන බව තේරුම් ගැනීමට තරම් ඔබ සුක්ෂම විය යුතුය. එවිට ඉක්මනින් සංවාදය වෙනත් අතකට හරවා ආකර්ශනීය කර ගත යුතුය.

ඒ වගේම වැල් වටාරම් කියවීමත් සංවාදයකදී හොඳ දෙයක් නෙවෙයි.

• නිතර කුතුහලය දනවන දේවල් පිලිබඳ කතා බහ කරන්න

කුතුහලය ඇති විට ඒ දේවල් පිලිබඳ තව තවත් හාරා අවුස්සා ඇසීමට අනෙක් පාර්ශ්වය පෙළඹේ. එනිසා නිතරම ඔවුන් තුල කුතුහලය ඇති වන දේවල් පිළිබඳව කතා බහ කරන්න. එවිට ඔබේ සංවාදය කිසිදා ඒකාකාරී නොවේ.

ඒ වගේම සංවාදයකදී අනෙකා උනන්දු කරවන කතාවක් හෝ දෙකක් පැවසීමත් හොඳ දෙයක්. එහෙත් එම කතාව කම්මැලි නොවීමට ඔබ වග බලා ගත යුතුයි.

• එක මාතෘකාවක් ඉවර වී අනෙක පටන් ගන්න

බොහෝ දෙනෙක් කරන වරදක් තමයි එක මාතෘකාවකින් ආරම්භ කර ඊට වෙනස්ම මාතෘකාවකින් අවසන් කිරීම. මෙය අනෙක් පුද්ගලයාට ඔබ පිළිබද අයහපත් ආකල්ප ඇති කරන්නකි. එනිසා එක දෙයක් පිළිබඳ සාකච්ඡා කර අවසන් වූ පසු අනෙක් දෙය පිලිබඳ කතා කරන්න.

සංවාදයකදී මේ දේවල් අනුගමනය කලොත් ඔබට හමුවන හැමදෙනාම ඔබ සමග ඉතා ඉක්මනින් සුහද වේවි.

SHARE