පේ ගෘහණියන් තමන්ගේ නිවස පිළිවෙලට තබා ගැනීම ගැන හරිම උනන්දුයි. සමහරු මැසිවිලි නඟනවා කොච්චර අස් කළත්, ටික වෙලාවකින් ගේ හැඩි වෙන බව කියමින්. නිවස පිළිවෙලට තබා ගැනීම වෙනුවෙන් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


බැක්ටීරියාවන් නැසීම සඳහා නාන කාමරය වාතයට විවෘත කර තබන්න

Image Source – brightside.me

නාන කාමරය නිතරම වහලා තියෙනකොට, ඒ තුල වේගයෙන් බැක්ටීරියාවන් වර්ධනය වෙනවා. එය වලක්වා ගැනීම සඳහා නාන කාමරය විවෘත කර තබන්න. එහි කවුළුවක් තිබෙනවා නම්, දිවා කාලයේදී හිරු එලිය වැටෙන සේ විවෘත කර තබන්න.


කුණු බඳුනෙන් දුගඳ හැමීම වක්වන්නට දෙහි භාවිතා කරන්න

Image Source – brightside.me

කුණු බඳුනෙන් දුගඳ හැමීම බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්. මේ ගැටලුව වලක්වා ගන්න ඔබට පුළුවන් කුණු බඳුනේ අඩියට කැපු දෙහි බෑයක් දමන්න.


එහෙ මෙහෙ විසි වේවි තිබෙන පොඩි පොඩි බඩු පෙට්ටියකට දමන්න

Image Source – brightside.me

මේසය උද, කබඩ් එක උඩ ඔබ පහසුවට එක එක බඩු තියනවා ඇති. හැබැයි එයින් පොඩි අපිළිවෙල පෙනුමක් ලැබෙන බවත් ඔබට වැටහිලා ඇති. මේකට විසඳුම තමයි ඒ බඩු කුඩා පෙට්ටියකට අසුරන එක. ඒවා පාවිච්චි කර, නැවත එම පෙට්ටියටම දමන්න.


මල් බඳුන් තැටියකට දමා තබන්න

Image Source – brightside.me

මල් බඳුන් වලින් වෙලුනු පත්‍ර, මල් හැලීම වලක්වන්න බැහැ. ඒවා ඔබට දිනපතා අස් කරන්නට සිදු වීම අමතර වෙහෙසක්. ඉතින් මල් බඳුන් මේ වගේ තැටියකට දමා තැබීම ඊට හොඳ විසඳුමක්. ඔබ කල යුත්තේ බඳුන් ඉවත් කර, තැටිය ගසා දැමීම පමණයි.


වීදුරු ජනේල පවිත්‍ර කිරීම සඳහා වැසි දවසක් තෝරා ගන්න

Image Source – brightside.me

වැසි දවසක අවට පරිසරයේ වැඩි ජල අංශු ප්‍රමාණයක් තිබෙනවා. අව්ව ඇති දවසකට සාපේක්ෂව, වැසි සහිත දිනයක වීදුරු ජනේල පවිත්‍ර කිරීම පහසු වෙනවා.       


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 1 – කොටස

මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 2 – කොටස

SHARE