පේ ගෘහණියන් තමන්ගේ නිවස පිළිවෙලට තබා ගැනීම ගැන හරිම උනන්දුයි. සමහරු මැසිවිලි නඟනවා කොච්චර අස් කළත්, ටික වෙලාවකින් ගේ හැඩි වෙන බව කියමින්. නිවස පිළිවෙලට තබා ගැනීම වෙනුවෙන් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


සපත්තු තියන්න ගල් පිරවූ තැටියක්  

Image Source – brightside.me

ගමනක් ගිහින් ඇවිත් සපත්තු ගලවලා තියන තැන වැලි සහ කුණු එක් රැස් වෙන එක වලක්වන්න බැහැ. ඒ ගැටලුවෙන් මිදෙන්න ඔබට පුළුවන් මේ වගේ තැටියක් සකසන්න. එය දකිනකොටත් ලස්සනයි. ඒ වගේම තමයි සපත්තු වල වැලි රැස් වෙන්නෙත් එය තුලටයි.


දියරමය සබන් භාවිතය

Image Source – brightside.me

ඔබේ සබන් වතුර වැදුනම බේරී වෙලා සබන් පෙට්ටියෙන් පිටතට ගලාගෙන යන අවස්ථාත් ඇති. මේ ගැටලුව වලක්වා ගන්න පුළුවන් ඔබ හෑන්ඩ් වොෂ්, බොඩි වොෂ් වගේ දියරමය සබන් වර්ග භාවිතා කරන්න පුරුදු වුනොත්.


අමතර පිඟන් රාක්කයක්

Image Source – brightside.me

එක පිඟන් රාක්කයක පිඟන් තියන්න. තව පිඟන් රාක්කයක් මිලට අරගෙන නිවසේ එහෙ මෙහෙ විසි වෙන පොඩි පොඩි බඩු භාණ්ඩ රඳවන්න. එතකොට ඒ භාණ්ඩ අවශ්‍ය වෙන වෙලාවට ගේ පෙරලගෙන ඒවා හොයන්න ඕනෙත් නෑ. නිවසත් පිළිවෙලයි.

උදා : ක්‍රීඩා භාණ්ඩ, හැඳි, බුරුසු, ප්ලාස්ටික් බඩු


විනාඩි 10කින් කොමඩ් එක පිරිසිඳු කර ගන්න

Image Source – brightside.me

සාමාන්‍යයෙන් කොමඩ් එක පිරිසිඳු කරනවා කියන්නේ ටිකක් වෙලා යන වැඩක්නේ. මේක නම් ඉතා පහසු ක්‍රමයක්. විනාකිරි කෝප්පයක් අරන් කොමඩ් එක වටේට දාලා, මිනිත්තු කීපයක් ඉන්න. ඊට පස්සේ තව විනාකිරි කොප්පයකුයි, බේකින් සෝඩා කොප්පයකුයි එකට මිශ්‍ර කරලා කොමඩ් එක වටේට දමන්න. විනාඩි 5කට පස්සේ ටොයිලට් බ්‍රෂ් එකෙන් ඇතුලා සෝදා හරින්න.


ශීතකරණය හැමදාම පිරිසිඳුව තියා ගන්න  

Image Source – brightside.me

ශීතකරණයේ රාක්ක වල කෑම හැලිලා අපිරිසිඳු වෙන එක මහ කරදරයක් නේද? සරින් සැරේ රාක්ක පිරිසිඳු කර කර කරදර වෙන එක වලක්වන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි රාක්ක වලට පොලිතින් ආවරණයක් යොදලා සීල් කරන එක.


මෙම ලිපියේ දෙවන කොටස සඳහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 2 – කොටස

මෙම ලිපියේ තෙවන කොටස සඳහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 3 – කොටස

SHARE