ර්තමානයේ බොහෝ නිවෙස් වල නාන කාමරය සහ වැසිකිලිය ටයිල් අල්ලලා ඉතා ලස්සනට නිර්මාණය කරනවා. බැලූ බැල්මට නම් ගොඩක් පිරිසිඳු පාටයි. එත්, ඔබ නොසිතන තරම් විෂබීජ ගණනාවක් මේ නානකාමර සහ වැසිකිලි තුල ජීවත් වෙනවා. වැසිකිලිය නිවසින් පිටත පිහිටා තිබෙනවා නම් මේ විෂබීජ වලින් ආරක්ෂා වෙන්න අපිට ඉඩක් තියෙනවා. නමුත් බොහෝ නිවෙස් වල වැසිකිලිය පිහිටා තිබෙන්නේ මුළුතැන්ගෙය ආසන්නවයි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


කොහෙන්ද මේ විෂබීජ ?

ගණන් කරලා නොබැලුවට පවුලේ සාමාජිකයන් සියල්ලෝම දවසකට තිස් වතාවක්වත් වැසිකිලිය පාවිච්චි කරනවා. හැමෝගෙම අපද්‍රව්‍ය එකතු වෙන ස්ථානය තමයි වැසිකිලිය. මේ විෂබීජ වැසිකිලිය සහ නාන කාමරය පුරා පැතිරී සිටිනවා. ඉතින් මේ තැන විෂබීජ කන්දක් කියලා කිව්වොත් නිවැරදියි.


ඔබේ වැසිකිලියේ ජීවත් වන බැක්ටීරියා වර්ග මොනවාද ?

♦ E. Coli

මේ බැක්ටීරියාවේ බලපෑම නිසා වමනය, උණ, පාචනය සහ කොළරාව වැළඳිය හැක. මේ රෝග බරපතල වීමෙන් මරණය පවා සිදු විය හැක.

♦ Streptococcus

මේ බැක්ටීරියාවේ බලපෑම නිසා රුමැටික් උණ, උගුරේ ආසාදන සහ වකුගඩු ආසාදන ඇති විය හැක.

♦ Salmonella

මේ බැක්ටීරියාවෙන් බඩවැල් වල ආසාදන ඇති කරයි. තෙත සහිත ස්ථාන වල මෙම බැක්ටීරියාව සීග්‍රයෙන් වර්ධනය වේ.

♦ Rota Virus

මෙම වෛරසය පිට වන්නේ වමනය හරහාය.

♦ Legionella

මෙම බැක්ටීරියාවේ බලපෑම නිසා නිව්මෝනියාව සෑදිය හැක. මෙම බැක්ටීරියාව වර්ධනය වන්නේ කැඩී බිඳී පලුදු වී ඇති ජල කරාම වලයි. පලුදු වූ ජල කරාම වලින් ගලා එන ජලයේ ඇති මෙම බැක්ටීරියාව නාසය හරහා ශරීර ගත විය හැක.

♦ Tuberculosis

මේ බැක්ටීරියාව නිසා පාචනය, ආහාර මාර්ගයේ ඉදිමීම්, තෙහෙට්ටුව, වමනය සහ ශරීරයේ බර සීග්‍රයෙන් අඩු වීම වැනි රෝග වැළඳිය හැක.


කොහොමද මේ විෂබීජ වලින් ආරක්ෂා වෙන්නේ ?

  • ඔබේ නිවසේ වැසිකිලිය දිනකට වරක්වත් පිරිසිඳු කරන්න. මේ සඳහා විෂබීජ නාශක දියර භාවිතා කරන්න.
  • පිරිසිඳු කිරීම් කරන විට වැසිකිලි පෝච්චිය පමණක් පිරිසිඳු කරලා වැඩක් නැහැ. නාන කාමරයේ බිම, බිත්ති, ජාල නළ, දොර ආදියත් හොඳින් පිරිසිඳු කරන්න.
  • ගොඩක් අය වැසිකිලියේ ඉඳගෙන පත්තර බලන්න, ජංගම දුරකථනය භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ගිය වැඩේ ඉක්මනට ඉවර කරගෙන එන්නේ නැතුව, වෙන වැඩ කර කර  කාලේ ගත කරන්න සුදුසු තැනක් නෙවෙයි වැසිකිලිය කියන්නේ.
  • වැසිකිලිය භාවිතා කරලා ඉවර වුණාට පස්සේ හොඳට සබන් ගාලා අත් හෝදන්න ඕනේ.
  • Flush කිරීමට පෙර පියන වහන්න අමතක කරන්න එපා. එතකොට අපද්‍රව්‍ය ජල බින්දු සමඟ වටේට විසිරෙන්නේ නැහැ.
  • ඔබේ දත් බුරුසු හොඳින් ආවරණය කරලා තියන්න. නැත්තම් මැස්සන්, කැරපොත්තන් වැනි කෘමීන් වැසිකිලි පෝච්චියේ වහලා ඔබේ දත් බුරුසු වලත් වහන්න ඉඩ තියෙනවා.
  • පලුදු වුනු ජල කරාම අලුත්වැඩියා කරන්න. නැත්තම් පලුදු වුනු තැන් වල විෂබීජ බෝ වෙන්න පටන් ගන්නවා.
  • බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ටයිල් අල්ලපු වැසිකිළි වලට සෙරප්පු නොදා යන්න. ඒකට නිදහසට කරුණ විදිහට ඔවුන් කියන්නේ සෙරප්පු දාගෙන ගියාම ටයිල් අපිරිසිඳු වෙනවා කියලයි. ටයිල් වල අපිරිසිඳු බව ගැන දුක් වෙන්න කලින් තමන්ගේ සිරුරේ පිරිසිඳු බව ගැන සිතන්න. වැසිකිලියේ තියෙන විෂබීජ ශරීරගත නොවෙන සේ පරිස්සම් වීමට සෙරප්පු භාවිතා කරන්න.
  • ඔබ ලිඳක් කපනවා නම් වැසිකිලි වලෙන් අඩි හැටක්වත් ඈතින් කැපිය යුතුයි. ඔබේ පස වැලි සහිත පසක් නම්, ලිඳ පිහිටිය යුත්තේ වැසිකිළි වලෙන් අඩි සියයක පමණ දුරකිනි.
  • වැසිකිලියක් සෑදීමේදී හිරු එලිය හොඳින් ලැබෙන තැනක සෑදිය හැකි නම් සුදුසුය. වැසිකිලියේ කවුළු දිවා කළ විවෘත කර තැබීමෙන් හිරු එලිය වැසිකිලිය තුලට වැටෙන්නට ඉඩ සලසන්න.
SHARE