ලුතෙන් සපත්තු දෙකක් අරන් ටික කාලෙකින් ඉවසන්න බැරි තරමට ගඳ ගහන්න පටන් ගන්න එක හැම දෙනාටම තියෙන ප්‍රශ්නයක්. කොච්චර හේදුවත්, අව්වේ දැම්මත් මේ ගඳ නම් යවාගන්න හරිම අමාරුයි. ඉතින් ගොඩක් දෙනා කරන්නේ මෙහෙම තත්වයක් උදා වුණාම ඒ සපත්තු දෙක විසි කරලා අළුත් දෙකකට මාරු වෙන එක. මේක කොච්චර වියදම් යන වැඩක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම ඔබේ සෞඛයටත් මේක අහිතකරයි.

සපත්තුවලින් ඒ වගේ දුර්ගන්ධයක් හැදෙන්න හේතු ගණනාවක්ම බලපානවා. ඒ අතරින් ප්‍රධානම හා සුලබම හේතු විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ නිතර නිතර එකම සපත්තු කුට්ටමක් පමණක් භාවිතා කිරීම, බැක්ටීරියා හා දිලීර වර්ධනය වීම, ප්‍රමාණවත් පරිදි වාතය නොලැබීම ආදියයි. ඉතින් මේ දුගඳ හමන කරදරයෙන් ඔබේ සපත්තු කුට්ටම් පරිස්සම් කරගන්නේ කොහොමද? අන්න ඒ ගැනයි මේ ලිපිය.
fb-like-beg


හරියටම ගැලපෙන සපත්තු කුට්ටමක් තෝරාගන්නේ කොහොමද?

  1. ඔබ සපත්තු තෝරාගන්න විට සැම වෙලේම ඔබට හරියටම හරියන ප්‍රමාණයේ සපත්තු කුට්ටමක් තමයි මිලදී ගත යුත්තේ. ලස්සනයි කියා ඔබට පතුලේ ප්‍රමාණයට මදක් විශාල හෝ හිර සපත්ති කිසදා තෝරාගන්නට එපා. එවිට වන්නේ ඔබේ කකුල්වලට වැඩිපුර දහදිය දැමීමට පටන් ගැනීමයි. එමෙන්ම එය විශාල අපහසුවක් දනවන සුළු දෙයක්ද වනවා.
  2. වායු හුවමාරුව හොඳින් සිදුවන අමුද්‍රව්‍යයකින් සාදා ඇති සපත්තු තෝරාගන්න. දහදිය සපත්තු තුල නොරැදීමට එය හේතුවක් වනවා. ඒ වගේම කකුල්වලටත් ඉතාම සුවපහසුයි. ඒ නිසා සපත්තු කුට්ටමක් තෝරාගැනීමට යන විය කපු, ලිනන්, උසස් තත්වයේ හම් හෝ හණ වලින් සකසා ඇති සපත්තු තෝරාගන්න වග බලා ගන්න.


එකම සපත්තු කුට්ටම දිගටම දාන්න එපා

  1. වැඩිපුර සපත්තු කුට්ටමක් තබා ගන්න. එකම සපත්තු කුට්ටම දින දෙක තුනක් පළඳින්නට එපා.
  2. අව්ව සහ සුළඟ මගින් වේලෙන්නට ඉඩ හරින්න. මෙවිට බැක්ටීරියා හා දිලීර මර්ධනය වීම සිදුවෙනවා.2

පෞද්ගලික සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න

  1. ඔබේ දෙපා දිනපතාම බැක්ටීරියා නාශක සබන් වර්ගකින් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු තෙත මාත්තු කර වියලීමට ඉඩ හරින්න.
  2. පතුල්වලට අධික ලෙස දහදිය දමනවානම් ඩියෝ එකක් භාවිතා කරන්න.
  3. සපත්තු පැළඳීමට පෙර සේදීමෙන් පසු පතුල් වල baby powder ස්වල්පයක් තැවරීමෙන් අනතුරුව මේස් දමන්න.
  4. කැමති නම් සපත්තු කුට්ටම ඇතුලෙත් පවුඩර් ස්වල්පයක් ආලේප කර අනතුරුව පැළඳ ගන්නත් පුලුවන්.
    3

සපත්තුවල දුගඳ දුරලීම

  1. ඔබ නිවසට පැමිණ සපත්තු ගලවා ඉවත් කරන විට ඒ තුලට බේකින් පවුඩර් ස්වල්පයක් දමා රැයක් තිබෙන්නට හරින්න. උදෑසන සපත්තු දෙක එකට ගසා වැඩිපුර ඇති බේකින් පවුඩර් ඉවත් කරගන්න.
  2. සපත්තු ප්ලාස්ටික් බෑගයක දමා රැයක් පුරාවට ශීතකරණයේ තබා ඉවතට ගන්න. මෙමගින් බැක්ටීරියා සහ දිලීර මර්ධනය වෙනවා.
    4

මේස් භාවිතා කිරීම

  1. හැකි සෑම විටම මේස් පළඳින්න. එය ඔබේ පතුල්වලින් පිටවන දහදිය උරාන්නා නිසා දහදිය සපත්තුවල තැවරීම අවම වෙනවා.
  2. හැකිනම් දුවන විට භාවිතා කිරීම සඳහා විශේෂයෙන්ම සකසා ඇති මේස් පළඳින්න.

සපත්තුවල ඇතුල් අඩිය සහ මැහුම් දාර පිරිසිදු කිරීම

සපත්තුවේ ඇතුල් අඩිය ගලවා සේදීමෙන් අනතුරුව හොඳින් වියලෙන්නට හැරීම කළ යුතුයි.


සපත්තු සෝදා ගැනීම

රෙදි සෝදන යන්ත්‍රයකට දමා හෝ රෙදි සෝදන කුඩු දිය කළ බේසමකට දමා බුරුසුවකින් ඇතිල්ලීමෙන් ඔබට ඔබේ සපත්තු කුට්ටම් සෝදා ගත හැකියි. සෝදා ගැනීමෙන් පසු සපත්තුවල සෑම කොටසක්ම හොඳින් වේලෙන්නට හරිය යුතුයි. තෙත පිටින් ඒවා නැවත පළඳින්නට යන්න එපා.

SHARE