මාජයේ ජිවත් වෙද්දී ගොඩක් දෙනෙකුගේ ආකර්ශනය, ආදරය දිනා ගන්නේ කොහොමද කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ආදරය කියලා මෙහි අදහස් කරන්නේ තවත් අයෙකුගේ සිත තුල යම් ඉඩක් තමන් වෙනුවෙන් වෙන් කරවා ගන්න එකයි. ඔබගේ බාහිර පෙනුම වගේම අභ්‍යන්තර ගති ගුණ මේ වෙනුවෙන් වෙනස් වීම අනිවාර්යයි. ඒ සඳහා ඔබ සිදුකල යුත්තේ කුමක්ද කියලා තමයි අපි අද කතා කරන්නේ.


fb-like-beg


1) සෑම දෙයක් දිහාම සුභවාදීව බලන්න.

සුභාවාදීව සෑම දෙයක් දිහාම ඔබ බලන්න පුරුදු වෙනවා කියන්නේ, ඔයාගේ මනසත් ඉතාම නිරවුල් තත්වයකට පත් වෙනවා කියන එකයි. පර්යේෂකයන් දක්වන්නේ මෙම සුබවාදිත්වය තුලින් ඔබගේ මනස තුල උද්ගාමීත්වයක් ඇති වන බවයි. ඔබ තුල පවතින මේ සුබ වාදිත්වය ඔබ වටා සිටින පුද්ගලයන් හටත් කියා දෙන්න. මේ නිසා ඔවුන්ට ජීවිතය ඉතාමත් සරල වේවි. බලාපොරොත්තු විරහිතව සිටින ඔබගේ මිතුරන් හට සැමවිටම ඔබට සවියක් වෙන්න පුළුවන්.


2) තව කෙනෙක්ට සිනා වෙන්න යන්න එපා.

කෙනෙක්ට කරදරයක් උනාම අපි කරන දෙයක් තමයි හිනා වෙන එක. ඇත්තටම එහෙම කරන එක ගොඩක් වැරදියි . මොකද කෙනෙක් අපහසුතාවයකට පත්වෙලා ඉද්දි එහෙම කරනවා කියන්නේ ඉතාම නරක වැඩක්. ඔබ අනිවාර්යෙන්ම එම පුද්ගලයාට උදව් කරන්න. මේ නිසා ඔබ, ඔහුගේ, ඇයගේ එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ හිතේ ඉතාමත් ආදරණිය පුද්ගලයෙක් බවට පත් වනු ඇත.


3) තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

ඔබ දන්නවද සමාජයේ ගොඩක් දෙනෙකුට ඔබගේ උදව් අවැසි බව. ඇතැම් විට ඔවුන් ඒ සම්බන්දයෙන් ඔබට කිසිවක් නොකියා ඉදිවී. නමුත් විමර්ශනශිලිව ඒ දෙස බලන්න. ඔවුන්ට උදව් අවැසි බව හොඳින් තේරුම් ගෙන ඔවුනට උදව් කිරීමට ඔබ කටයුතු කරන්න. පොදු සමාජයක් තුල යම් කාන්තාවත් නිහඩව පීඩා විදිනවනම් කිසිදු බියකින් තොරව ඔබ ඇය වෙනුවෙන් කතා කරන්න. මෙය ඔබ තුල ඇති කරගත යුතු ඉතාමත් වැදගත් ගුණාංගයක්.


4) කාන්තාවක් ලෙස ඔබ මේ දේවල් ලග තබා ගන්න.

ඔබ කාන්තාවක් වීමේදී පෙර සුදානම කියන්නේ ඉතාම වැදගත්දෙයක් . ඔබ ඔබට අවශ්‍ය කරන සනීපාරක්ෂක තුවා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. නැත්නම් ඔබ අනිවාර්යෙන්ම සමාජයක් ඉදිරියේ ලජ්ජාවට පත්වේවි. ඔබගේ බෑගයේ අමතර සනීපාරක්ෂක තුවායක් නිතරම තබා ගැනීමට කටයුතු කරන්න ඒවගේම ඔබගේ බාගය තුල ඔබට අවශ්‍ය ටිෂුස්, පනාවක්, ඒ විතරක් නෙවේ .ඔබට අවශ්‍ය කොස්මැටික්ස් වගේ දේවලුත් රැගෙන යන්න අමතක කරන්න එපා.


5) නිකරුනේ කාලය ගත කරන්න එපා

ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ නිදහසක් හම්බ වෙන්නේ කොයි වෙලේද කියලා. නමුත් ඔබට නිදහස් වෙලාවක් ලැබුණාම මිතුරන් සමඟ ඇවිදින්න යන්න. මිතුරන් සමග කතා කරන්න. මේ තුලින් ඔබගේ මිතුරන් සමග පවතින සම්බන්දය තව තවත් අලුත් වේවි. මේ නිසාම මිතුරන් අතරේ ඔබ ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් වේවි.


6) වැඩෙන පුද්ගලයෙක් වන්න.

මෙහිදී කියන්නේ වයසින් මුහුකුරා යාම නෙවේ. ඔබ සමාජයේ වැදගත් පුද්ගලයෙකු බවට පත්වෙන්න. බාහිරින් වගේම මේ මහත්මා ගතිය ඔබ තුලද අනිවාර්යෙන් තිබිය යුතුයි. ඔබ ළඟ ඉන්න සියලු දෙනා සමගව සුහඳව කටයුතු කරන්න. නිතරම සිනහ පිරි මුහුණෙන් කටයුතු කරද්දී, ඔබ වටා සිටින අයද නිරන්තරයෙන් ඔබට ආදරය කරාවි.

SHARE