ත්තරන් ආභරණ මිලදී ගත් මුල් අවදියේදී තිබෙන දිස්නය කෙමෙන් කෙමෙන් නැති වී යන අවස්ථා තිබෙනවා. නමුත් ඒ ගැන දුක් වීමට අවශ්‍ය නැහැ. රන් ආභරණ පෙර තිබුණු ආකාරයට පත් කිරීමට නම්, ඒවා වරින් වර පවිත්‍ර කළ යුතු වෙනවා. මේ සඳහා මිල අධික පිරිසිඳුකාරක මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබේ නිවසේම තිබෙන අමුද්‍රව්‍ය යොදා ගෙන රන් ආභරණ හොඳින් පිරිසිඳු කරන්න.


fb-like-beg


දියර සබන් භාවිතා කිරීමෙන්

  • දියර සබන් මඳ රස්නය සහිත ජලයට මුසු කරන්න. එයටම සෝඩා ස්වාල්පයකුත් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  • උණුසුම් ජලය යොදා නොගත යුත්තේ එමඟින් ආභරණ සහ ආභරණ වල සවි කර ඇති ගල් වර්ග වලට හානි සිදු විය හැකි බැවිනි. හදිසි උෂ්ණත්ව වෙනස් වීම් වලදී ආභරණ වල පැලීම් ඇති විය හැකියි.
  • සීතල ජලය යොදා නොගත යුත්තේ එමඟින් ආභරණ මත බැඳී ඇති අපද්‍රව්‍ය තට්ටු තව තවත් හැකිලී ඝන වන නිසායි.
  • ඔබේ ආභරණ මේ දියරය තුල ගිල්වා විනාඩි 30ක් පමණ තබන්න. ආභරණ වල දැවටී තිබුණු අපද්‍රව්‍ය සෙමින් මෙලෙක් වීම මෙහිදී සිදු වෙනවා.
  • කෙඳි මෙලෙක් දත් බුරුසුවක් ගෙන ආභරණ එකින් එක අතට ගෙන, මෘදුව අතුල්ලමින් සෝදන්න. මෙහිදී ආභරණ වල කැටයම් කැපු ස්ථාන, කොන්, කුඩා සිදුරු ආදියට විශේෂ අවධානයක් යොමු කරන්න. අපද්‍රව්‍ය ඒවායේ සැඟවී තිබිය හැකියි.
  • රළු කෙඳි සහිත බුරුසුවක් භාවිතා නොකළ යුත්තේ, එමඟින්  ආභරණ සීරිමකට ලක් විය හැකි නිසායි. මේ නිසා ඇතිල්ලිය යුත්තේද මෘදුවයි. මේ සඳහා අයිබ්‍රෝ බ්‍රෂ් එකක් වුවද භාවිතා කළ හැකියි.
  • මීළඟට ඔබේ ආභරණ පෙරනයකට දමා, ඒ මතට මඳ රස්නය ඇති ජලය වත් කරන්න. ආභරණ පෙරනයක් තුල තබා සේදීම මඟින් ඒවා ජලය සමඟ විසි වීම, අස්ථානගත වීම වැනි ගැටළු වලට මුහුණ දෙන්නට ඔබට සිදු නොවේවි.
  • මීළඟට සෝදා ගත් ආභරණ මෘදු රෙදි කඩක් මත තබා පිසදා ගන්න. ආභරණ මඳ පවනේ සම්පුර්ණයෙන්ම වියලා ගත යුතුයි. තෙත ආභරණ පැළඳීමෙන් සමේ රෝග ඇති විය හැකියි.

ඇමෝනියා ද්‍රාවණය මඟින්

  • ඇමෝනියා කියන්නේ ප්‍රභල පිරිසිඳු කාරකයක්. මේවා මඟින් නිතර ආභරණ පිරිසිඳු කිරීම සුදුසු නැහැ. එමෙන්ම මුතු, ප්ලැටිනම් හා ගල් වර්ග ඇල්ලූ රන් ආභරණ පවිත්‍ර කිරීම සඳහාත් මේවා යොදා ගන්න එපා.
  • ඇමෝනියා තේ හැන්දකට, වතුර තේ හැඳි 6ක් එක් කරන්න. ඔබේ රන් ආභරණ එකින් එක මේ ද්‍රාවණයට බස්සවා, විනාඩියක් තුල ඉවතට ගන්න. විනාඩියකට වැඩි කාලයක් ආභරණය ද්‍රාවණය තුල තිබීමෙන් එයට හානි සිදු වීමට ඉඩ තිබෙනවා.
  • මීළඟට ඔබේ ආභරණ පෙරනයකට දමා, ඒ මතට ජලය වත් කරන්න. ආභරණ පෙරනයක් තුල තබා සේදීම මඟින් ඒවා ජලය සමඟ විසි වීම, අස්ථානගත වීම වැනි ගැටළු වලට මුහුණ දෙන්නට ඔබට සිදු නොවේවි.
  • සෝදා ගත් ආභරණ නැවත පැළඳීමට පෙර මෘදු රෙදි කඩකින් පිස දමා හොඳින් වියලා ගන්න.

ගල් වර්ග ඇල්ලූ ආභරණ පවිත්‍ර කිරීම

  • ගල් ඇල්ලූ අභරණ පවිත්‍ර කළ යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. තදින් ඇතිල්ලීමෙන් හෝ උණුසුම් ජලයෙන් සෝදා හැරීමෙන් ගල් බුරුල් වී වැටෙන්නට ඉඩ තිබෙනවා. මේ ගල් වර්ග සවි කිරීමට යොදා ගත් ගම් වර්ග කුමකින් හෝ ඉවත් වූවොත්, මේවා ඔබටත් නොදැනීම හැලී යා හැකියි.
  • මේ නිසා මෙවැනි ආභරණ පවිත්‍ර කිරීම සඳහා දියර සබන් යොදා ගත හැකියි. මෘදු රෙදි කඩක් දියර සබන් වල පොඟවා ආභරණ මෘදුව අතුල්ලන්න.
  • ඉන්පසුව පිරිසිඳු ජලයෙන් පොඟවා ගත් වෙනත් මෘදු රෙදි කඩකින් ආභරණ නැවත පිසදා ගන්න.
  • ආභරණ රෙදි කඩ මත අතුරා, මඳ පවනේ වියලා ගන්න.

දන්තාලේප මඟින්

  • දන්තාලේප තනිකරම භාවිතා කර ආභරණ පවිත්‍ර කිරීමට යෑමෙන්, ආභරණ වල හානි සිදු විය හැකියි. මේ නිසා සුදු පැහැති දන්තාලේප ස්වල්පයක් ජලයට මුසු කරන්න.
  • මෘදු බුරුසුවක් ගෙන මිශ්‍රණය යොදා ගනිමින් ආභරණ සෙමෙන් මැද ගන්න.
  • ඉන් පසුව පිරිසිඳු ජලය යොදා ගනිමින් ආභරණ සෝදා ගන්න.   
SHARE