පේ ගෘහණියන් තමන්ගේ නිවස පිළිවෙලට තබා ගැනීම ගැන හරිම උනන්දුයි. සමහරු මැසිවිලි නඟනවා කොච්චර අස් කළත්, ටික වෙලාවකින් ගේ හැඩි වෙන බව කියමින්. නිවස පිළිවෙලට තබා ගැනීම වෙනුවෙන් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.


fb-like-beg


ශේවින්ග් ක්‍රීම් භාවිතා කරලා කහට පැල්ලම් ඉවත් කරන්න

Image Source – brightside.me

බඳුන් වල, බිත්ති වල ඇති වන කහට පැල්ලම්, තෙල් පැල්ලම් සහ ග්‍රීස් පැල්ලම් ඉවත් කරන්න ඔබ ලොකු වෙහෙසක් ගන්නවා ඇති. මිනිත්තු කීපයකින් මේ පැල්ලම් ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අද අපි කියා දෙන්නේ. ස්පොන්ජ් එකක් තෙත් කරලා කහට පැල්ලම උඩ වරක් අතුල්ලන්න. ඊට පස්සේ පරණ බුරුසුවක් භාවිතා කරලා, පැල්ලම උද ශේවින්ග් ක්‍රීම් ස්වල්පයක් ගල්වන්න. මිනිත්තු 3කට පමණ පසු, ස්පොන්ජ් එක භාවිතා කර අතුල්ලා සෝදා ගන්න.

නාන කාමරයේ බැඳුනු දිය සෙවල ඉවත් කරන්න පහසු ක්‍රමයක්

Image Source – brightside.me

නාන කාමරයේ බැඳුනු දිය සෙවල ඉවත් කරන්න ඔබ ලොකු වෙහෙසක් දරනවා ඇති. බ්‍රෂ් එක අරගෙන අතුල්ලන්න ගොඩක් වෙලාවත් ගත වෙනවා. ඔබට පුළුවන් ඉහත රූපයේ විදිහට බුරුමයකට බ්‍රෂ් එකක් සවි කරලා පහසුවෙන්ම දිය සෙවල ඉවත් කර ගන්න.

නාන කාමරය අවුල් ජාලාවක් නොවෙන්නට

Image Source – brightside.me

සමහරුන්ගේ සින්ක් එක උද ෂැම්පු බෝතල්, ෆේස් වොෂ්, බුරුසු, දන්තාලේප, සබන් ගොඩ ගහලා තියෙන්නේ කිසිම පිළිවෙලක් නැතුවයි. ඉතින් ඔබට පුළුවන් නම් මේ වගේ උපක්‍රමයක් භාවිතා කරලා ඒවා එකම තැනකට කරලා තියන්න, ඔබේ නාන කාමරය සුන්දර වේවි.

 

කණ්නාඩිය දිදුළන්නේ නැද්ද

Image Source – brightside.me

බොහෝ දෙනෙකුගේ නිවෙස් වල තිබෙන කන්නාඩි ටික කාලයක් යනකොට පරණ පෙනුමක් ගන්නවා. ප්‍රතිරූපය හරි හැටි නොපෙනෙන තරමට බොඳ වෙනවා. මේ බොඳ බව නැත්තටම නැති කරලා දාන්න පුළුවන් අර්තාපල් යොදාගෙන. මුලින්ම අර්තාපල් පෙත්තක් යොදාගෙන මුළු කණ්නාඩියම අතුල්ලන්න. ඉන්පසුව තෙත රෙද්දකින් එය පිස දමන්න. තුන්වනුව වියලි රෙද්දකින් නැවත පිස දමන්න.

 

වතුර පැල්ලම් ඇති නොවෙන්නට වැක්ස් පේපර් එකක් භාවිතා කරන්න

Image Source – brightside.me

ටැප් එක අරිනකොට හැම තැනටම වතුර බිංදු විසි වෙලා පැල්ලම් ඇති කරවන ගැටලුව ඔබටත් තියෙනවාද? වැක්ස් පේපර් එකක් සවි කර ගැනීමෙන් මේ ගැටලුව සම්පුර්ණයෙන්ම වලක්වා ගන්න පුළුවන්.  


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 1 කොටස

 

මෙම ලිපියේ තෙවන කොටස සදහා පිවිසෙන්න –

නිවස ලස්සනට තියා ගන්න ටිප්ස් කීපයක් – 3 කොටස

SHARE