ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි, ඉහළ පෙලේ හෝටලයකට ගිහින් කෑම කන්නේ කොහොමද කියන එක. මේ හින්දා ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි ආහාර ගන්නේ නැතිව ඉන්න එක. එහෙමත් නැත්නම් කෑම මේසේ වැරදි ආකාරයට හැසිරිලා ලැජ්ජා වෙන එක. මෙන්න මේ නිසාම තමයි අපි හිතුවේ, අපිත් එක්ක එකතු වෙන ඔබට නිවැරදිව ආහාර ගන්න ආකාරය ගැන කියලා දෙන්න

fb-like-beg


01. අනුගමනය කරන්න.

මෙහිදී අනුගමනය කරන්න කියලා සඳහන් කරන්නේ, ඔබව මෙම ආහාර වේල සඳහා ගෙන යන තැනැත්තා එහෙමත් නැත්නම් ඔබට මේ සඳහා ආරාධනා කල පුද්ගලයවයි. ඔබට අපහසුතාවයක් දැනෙන අවස්ථාවලදී ඔබට පුළුවන් ඔහුව අනුගමනය කරන්න. හැබැයි ඉතින් ඔබ කිසිවෙකු වෙත සංග්‍රහයක් සිදු කරනවානම් ඔබ ටිකක් බය වෙයි, එහෙමත් නැත්නම් ඔබ ටිකක් විතර අපහසු තත්වයකට පත්වෙයි. මේ සඳහා කරන්න තියෙන හොඳම දේ තමයි ඔබ පෙර සුදානමකින් එම තත්වයට මුහුණ දීම.


02. අරාධිතයාට මුල් තැන දෙන්න.

ඔබ යම් පුද්ගලයෙකු හට අරාධනා කළා නම්, ඔහුට කලින් ඔබ කිසිම විටකෙවත් අසුන් ගන්න එපා. ඔහුට අසුන් ගන්න සලස්සවන්න. ඔහු අසුන් ගත පසුව ඔබට පුළුවන් දැන් අසුන් ගන්න. ඔබ අසුන් ගත් පසු ඔබගේ පුටුව මේසය වෙත ළන් කර ගන්න. මෙහිදී ඔබ කිසිම විටක පුටුව ශබ්ධ නගා බිම දිගේ අදින්නට යන්න එපා. ඔබ පුටුව ඔසවා මේසයට ලං කර ගන්න. දැන් ඔබ මේසය මත තියෙන ලේන්සුව ඔබගේ උකුල මත එලා ගන්න. ඔබ මෙහිදී ඉතාමත් පහසුවෙන් වාඩි වෙන්න අමතක කරන්න නම් එපා.


03. ආරාධිතයාව අනුගමනය කරන්න.

ඔබ කෑම මේසය තුළ සිදු කරන සෑම දෙයක්ම ආරාධිතයා සිදු කරන අකාරය බලා සිදු කරන්න. ඔබ ආහාර ගන්න වේගය ඇත්තටම ඔහු හෝ ඇය ආහාර ගන්න වේගයට සමාන විය යුතුයි. නැත්නම් වෙන්නේ ඔබට එහෙම නැත්නම් ඔහුට එක් අයෙක් ආහාර ගන්නකන් බලාගෙන ඉන්න. ඇතැම් විට ඔබගේ ආරාධිතයා අතින් කන කෑම ගෑරුප්පුවක් භාවිතයෙන් ආහාරයට ගන්නවා වෙන්න පුළුවන්, නමුත් ඔහුව කිසි විටක ඔබ නිවැරදි කරන්න යන්න එපා. ඔහු ආහාර ගන්න අකාරයට ඔබ ආහාර ගන්න පුරුදු වෙන්න


04. නිවරදිම උපකරණය භාවිත කරන්න.

ඔබ ආහාර ගන්න ස්ථානයේ ඇතැම් විට එකම ආහාරය ගැනීම සඳහා උපකරණ කිහිපයක් වුනත් තියෙන්න පුළුවන්. මෙහිදී ඔබ ඔබට වඩාත් සුදුසු උපකරණයක් තොරා ගන්න කටයුතු කරන්න. ඇතැම් විට ඔබට ආදාළ උපකරණය තොර ගැනීමේදී යම් ගැටළුවක් ඇති වූව හොත් ඒ සඳහා ඔබ අරධිතයාව අනුකරණය කරන්න.


05. ආචාරශීලි වන්න.

ඔබ ආහාර ගන්න ස්ථානය තුළ ඉතාමත් හිමින් කතා කිරීම වැදගත්. ඒ වගේම තමයි ඔබට නුපුරුදු, නුසුදුසු දේවල් සිදු කරන්න යන්න එපා. ඔබ කුඩා ලෙස ආහාර කැබලි ගෙන ඉතාමත් හොඳින් හපන්න. කෑම කන ගමන් කතා කරන එක නම් සුදුසු මදි. හැදී ගෑරුප්පු වගේ උපකරණවලින් ශබ්ද නොනැගෙන සේ අහාර ගන්න පුරුඳු වෙන්න.


06. හුවමාරු කරන්න පුරුදු වෙන්න.

ඔබ ආහාර ගන්න විට ඔබ ළඟ තියෙන ආහාර බදුනක් එහෙමත් නැත්නම් ලුණු කුඩු, ගම්බිරිස්කුඩු වගේ දෙයක් තව අයෙකු විසින් ඉල්ලා සිටිය හොත් ඔහුට කාරුණික වී එය ලබා දීමට කටයුතු කරන්න. මෙහිදී ඔබ කෑම මේසයෙන් නැකිට ගොස් එය ලබා දීමට කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔබට පුළුවන් එය අතින් අත හුවමාරු කරන්න.


07. ප්‍රමාණවත් ලෙස ආහාර ගන්න.

ඔබ ඔබගේ පිඟාන වෙත අධික ලෙස ආහාර බෙදා ගන්න යන්න එපා. ඔබට පුළුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර බෙදාගන්න. එය මදි වූනොත් පමණක් ඔබ නැවත බෙදා ගැනීමට කටයුතු කරන්න. උදාහරණයක් ලෙස පාන් පෙත්තක් ගෑරුපපුව ආධාරයෙන් අරගෙන ඔබගේ පිනගානේ තබාගන්න. ඒවගේම ඒ සඳහා අවශ්‍ය බටර්ද ඔබගේ පිගානෙන් තබා ගන්න. ඉන් පසුව ඔබගේ ඇඟිලි භාවිතයෙන් කඩා, ඔබට ආහාරයට ගන්න පුලුවන්. ඔබට එය මදිනම් පමණක් නැවත බෙදාගන්න.


08. කෑම ගෙන අවසන් වූ පසු.

ඔබ ආහාර සියල්ල ගෙන අවසන් වුනාට පස්සේ ඔබ භාවිත කල හැඳි ගෑරුප්පු පිඟා නේ මැදින් දිග අතට තබන්න. ඒ වගේම ඔබ ඔබගේ උකුල මත එලාගෙන සිටි ලේන්සුව ඔබ අසුන් ගෙන සිටි පුටුව මත හෝ ඔබ ගේ පිඟානට දකුණු පැත්තෙන් තබා, ඉවත්ව ගොස් අත සෝදා ගන්න.

SHARE