රුවෙකුගේ වයස අවුරුදු 9ත් – 13ත් අතර කාලය හඳුන්වන්නේ සංක්‍රාන්ති සමයක් ලෙසයි. ඉතින් දරුවාට නිදහස්ව සහ ශක්තිමත්ව වැඩෙන්නට නම්, මව්පියන් දරුවාට ඒ සඳහා ඉඩ දිය යුතුයි. මව්පියන්ගේ සැබෑ ආදරය කියන්නේ දරුවාව කිසිත් කර ගැනීමට නොහැකි බෝනික්කෙකු ලෙස ඇති දැඩි කිරීම නොවේ. ඉතින් දරුවාගේ හැම දේම කරලා දෙන මවක් හෝ පියෙක් නොවී, දරුවාගේ වැඩ ඔහුට හුරු කළ යුතුයි. ඉතින් ඔබ ඔබේ දරුවාට මේ දේවල් 10 නම් අනිවාර්යෙන්ම හුරු කළ යුතුයි.


fb-like-beg


කාල කළමනාකරණය

ඔබේ නව යොවුන් දරුවාට තමන්ගේ කාලය කළමනාකරණය කර ගැනීමට ඉගැන්වීම ඉතාමත් වැදගත් කාර්යයක්. මේ වයස වන විට ඔබේ දරුවාට සැලසුම් සකස් කිරීමට, ප්‍රමුඛතාවය දිය යුතු දේ තෝරා ගැනීමට සහ ඵලදායිව වැඩ කටයුතු සිදු කිරීමට හැකියාව තිබිය යුතුයි. දරුවාට වෙලාවට වැඩ කිරීමට උපකාරී වන එලාම් ඔරලෝසු, කැලැන්ඩර්, කාල සටහන් සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය ඔහුට මිලදීගෙන දෙන්න. නිම කළ වැඩ කටයුතු තනි ඉරකින් කැපීමට උපදෙස් දෙන්න. එය මනසට සහනයක් ගෙන දෙන මනෝ විද්‍යාත්මක ක්‍රමයක්. ඔවුන් නිසි වෙලාවට ඔවුන්ගේ රාජකාරි අවසන් කරන විට පුංචි ත්‍යාගයක් ලබා දී ඔවුන්ව සතුටු කරන්න.


ගෞරවනීය හැසිරීම

සමාජය ඉදිරියේ ගෞරවනීය දරුවෙකු ලෙස හැසිරීමට ඔවුන්ට හුරු කරන්න. කුඩා අවධියේදී නියපොතු කෑමට හුරු වන දරුවන්, තරුණ වියට පැමිණි පසුත් ඒ වරදම සිදු කරන ආකාරය ඔබ දැක ඇති. යම් දෙයකට පුරුදු වූ විට එය මඟ හරවා ගැනීම බොහොම අපහසුයි. අන් අය සමඟ තමන් සතු දේ බෙදා ගන්නට, ආචාරශිලිව හැසිරීමට සහ ආචාරශීලී වදන් භාවිතා කිරීමට, වැඩිහිටියන්ට ගරු කිරීමට ඔවුන්ට කුඩා කළ සිටම හුරු කරන්න. මේ සඳහා ඔබ ඔවුන්ගේ පරමාදර්ශය වන්න. දරුවාට යහගුණ ඉගැන්වීමට සුදුසුම තැන නිවෙසයි. එවිට ඔවුන් සමාජයට ඇතුළු වූ විට අතරමන් වන්නේ හෝ කොන් වන්නේ නැහැ. ඔවුන් සමාජය තුල නිසි ලෙස හැසිරීමට දන්නවා නම්, තරුණ වියේදී යහපත් මිතුරන් ඇති කර ගැනීමට සහ සාර්ථකව රැකියාවක නිරත වීමේ හැකියාව ලැබෙනවා.


ඔබේ නගරයට ආසන්න නගර ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න

ඔබ සිටින ස්ථානය සහ ඔබ අවට ඇති නගර පිළිබඳව ඔවුන්ට අවබෝධ කර දෙන්න. ඔවුන්ට ඒ ගැන ඉගෙනීමට පහසු වන පිණිස සිතියම් ලබා දෙන්න. ඔබට අන්තර්ජාල සිතියමක් හෝ භාගත කර ඔවුන්ට ලබා දෙන්න පුළුවන්. වයස අවුරුදු 13 වන විට ඔවුන්ට පාරවල් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඔබ ඔවුන් සමඟ ගමනක් යන සෑම අවස්ථාවකම මතක තබා ගත හැකි මං සලකුණු පෙන්වන්න.

උදා : පුස්තකාලය තියෙන්නේ උසාවිය ඉදිරියෙන්  , පාසල තිබෙන්නේ බැංකුවට දකුණු පසින්

අනාගතයේදී ඔවුන් තනිවම ගමනක් යන විට, රිය පදවන විට වඩාත් ආත්ම ශක්තියකින් යුතුව එය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේවි.  


තමාගේ හැඟීම් පාලනය කර ගැනීමට

වර්තමානයේ ජිවත් වෙන වැඩිහිටියන්ටත් තමාගේ හැඟීම් නිසියාකාරව පාලනය කර ගන්න බැහැ. තරහව, මානසික පීඩනය, කාංසාව වැඩි හැඟීම් ඇති වීම නිසා මිනි මැරුම් සහ සිය දිවි නසා ගැනීම් වලටත් පෙළඹෙන වැඩිහිටියන් සිටිනවා. දරුවෙකුට කුඩා අවධියේ සිට තමාගේ හැඟීම් පාලනය කර ගන්නා හැටි පුරුදු කර තිබෙනවා නම්, ඔවුන් වැඩිහිටි වියේදී එසේ දුර්වල වන්නේ නැහැ. ගැටළුවක් ඇති වූ විට තත්වය තේරුම් ගැනීමට, හැඟීම් කළමනාකරණය කර ගැනීමට, උපකාර පැතීමට දරුවාව හුරු කරවන්න.


මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –

දරුවාට අවුරුදු 13 පිරෙන්නට පෙර ඔබ ඔහුට අනිවාර්‍යයෙන්ම හුරු කළ යුතු දේවල් – 1 කොටස

SHARE