වැදගත් කාන්තාවක් කියන්නේ රටකට සම්පතක්. මොකද ඇයගේ යහපත් පුරුදු ඇගේ දරුවන් විසින් උරුම කර ගන්නවා. ඒ දරුවන් ඒ සිරිත් සමාජයට ගෙන යනවා. වැදගත්කම ආරම්භ කළ යුත්තේ ගෙදර සිටයි. අපේ වෙබ් අඩවිය කියවන ඔබට අපි නිතරම අනුබල දෙන්නේ තමාගේ වැදගත්කම රැකගෙන හැම විටම සමාජයේ ගෞරවයට, ප්‍රසංසාවට ලක් වෙන්න කියලයි.වන් ඒ සිරිත් සමාජයට ගෙන යනවා. වැදගත්කම ආරම්භ කළ යුත්තේ ගෙදර සිටයි. අපේ වෙබ් අඩවිය කියවන ඔබට අපි නිතරම අනුබල දෙන්නේ තමාගේ වැදගත්කම රැකගෙන හැම විටම සමාජයේ ගෞරවයට, ප්‍රසංසාවට ලක් වෙන්න කියලයි.

fb-like-beg


07) ආචාරශීලී ලෙස කතා කිරීම හා ආමන්ත්‍රණය කිරීම

කිසිම විටක එකිනෙකා අණ කිරීම් කරගන්න එපා. අඩුම ගානේ සේවකයෙක්ගෙන්වත් දෙයක් කරන්න එපා. වැඩක් කියද්දී “ ඔයාට පුලුවන්ද මගේ මේසෙට වතුර ගෙනත් දෙන්න? වගේ කාරුණික ශිෂ්ට ක්‍රම වලින් එකිනෙකා නිතරම කතා බහ කරන්න. නැත්නම් ඔබේ දරුවෝ නපුරු විදිහට කතා කරන්න පුරුදු වෙනවා. එයින් ඔවුන් සමාජයේ කොන් වෙන්න පුලුවන්.


08) ඔබේ පවුලේ සැම එකට සිටින කිසිවිටෙක ජංගම දුරකතනයේ එල්ලී ඉන්න එපා

දැන් බොහෝ දෙනෙක් එකට සිටියත් මනසින් ඉන්නේ එක්කෝ ෆෝන් එකේ නැත්නම් ටැබ් එකේ. ආපන ශාලාවකට කන්න පැමිණි අය සහ උද්‍යාන වලට පැමිණි දෙමාපියන් තමාගේ දුරකතනයේ එල්ලිලා ඉන්නවා මම බොහෝ විට දකිනවා.

මෙය ඉතාම අශිෂ්ටයි. මොකද ඔබ පවුලේ සාමාජිකයන්ට සම්පූර්ණ අවධානය දෙන්නේ නැහැ. එයින් පවුලේ බැඳීම නැති වෙනවා.


09) විනීත ලෙස ආහාර ගැනීම

ආහාර ගද්දි ගෙදරදී වුනත් නිතරම මේසෙක තියාගෙන, හොඳ භාජන වල නිසි ලෙස ආහාර ගන්න. සමහර පවුල් තිබෙනවා බෙලෙක් පිඟානක ආහාර බෙදාගෙන කොහේ හරි කනවා. එක්කෝ ඇඳ උඩ, එක්කෝ රුපවාහිනිය ඉස්සරහ තලු මරමින්, කෑ ගසමින් ආහාර ගන්න පුරුදු වුනොත් ඔබේ දරුවොත් මේ විදිහටම හැඩ ගැසේවි. ඒ වගේම දරුවන්ට කුඩා කාලේ උනත් ඉඳුල් හැලෙනවට විශේෂ රෙදි කඩක් බැඳලා, පුටුවක වාඩි කරවලා ලස්සනට කවන්න.


10) එකිනෙකාට කෑගැසීම් හා නම් කීම් කරන්න එපා.

දරුවෙක් වරදක් කරත්, සැමියා කරත්, ඔබගේ මහලු මව/පියා කළත් වැරදි කියන්නේ මනුෂ්‍ය ස්වභාවය බව මතක තබා ගන්න. කේන්තියක් ආව පමණින් බෙරිහන් දීම හරිම නරකයි.එයින් දරුවන්ගේ හා සැමියාගේ නැත්නම් ඔබේ දෙමාපියන්ගේ හිත බිඳෙනවා. ඔවුන් ඔබට රහසිගතව වෛර කරන්නට පෙළඹෙනවා. ඒ වගේම දරුවෝ හිතනවා කෑ ගැසීම, ගොනා වැනි නම් කියා කතා කිරීම කියන්නේ හරිම සරල සාමාන්‍ය දේවල් කියල. දරුවන්ගේ හැසිරීම් ප්‍රචණ්ඩ වෙනවා පවුල ඇතුලේ සාමාජිකයෝ නිතරම එකිනෙකාට කෝපයෙන් කෑ ගසද්දී.


11) තමා අවට පිරිසිඳු කිරීම

එය වෙන කෙනෙකුට කිරීමට ඉඩ තියන්න එපා.
දරුවෙක්ට කුඩා කල සිටම කන පිඟාන හෝදන්න, වැසිකිලිය පිරිසිඳු කරන්න උගන්වන්න. ඒ වගේම යමක් හැලුනොත් පිරිසිඳු කිරීම ඔබේම වගකීමක් කියල පෙන්වන්න.


12) ඔබේ දෙමව්පියන්ට හොඳින් ඇහුම්කන් දෙන්න.

ඔබේ දෙමාපියන් ඔබව ලොකු මහත් කරලා වයසට ගිහින්. ඔවුනට අවශ්‍ය අවධානය සහ ඇහුම්කන් දීම තමයි. ඔබ කාර්ය බහුල වෙන්න පුළුවන්. නමුත් හැම විටම ඔවුන් කියන දේවල් වලට සවන් දෙන්න. ඔවුනගේ අවශ්‍යතා සොයා බලා ඉටු කර දෙන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා පිවිසෙන්න :-

වැදගත් කාන්තාවකගේ හොඳ පුරුදු – 1 කොටස

SHARE