පි අද කතා කරන්න යන්නේ ගෘහනියක් විදිහට ඔබ ළඟ කෑම පිසීමේදී තිබිය යුතු උපකරණ මොනවද කියන එක සම්බන්දවයි
ගොඩක් අය ආහාර වට්ටෝරු ගැන කතා කලාට ඇත්තටම ඔබට ආහාර පිසීම සඳහා අවශය මොනවද, කියලා නම් කව්රුත් කියලා දන්නේ නෑ නේද. ඒ නිසා රසට ගුණට කෑම උයන්න නම්, ඔබත් මේ උපකරණ එකතු කර ගන්න.

fb-like-beg


01. පිහිය.

ඔබ දන්නවද එකම පිහිය හැමදේටම භාවිත කරන්න බෑ. එළවලු කපන්න, මස්, මාලු කපන්න පලතුරු කපන්න විවිධ වර්ගයේ පිහි භාවිත කරනවා. ඔබත් ඔබගේ මුළු තැන් ගෙය තුළ පිහි එකතුවක් තබා ගන්න.


02. අල සූරන උපකරණ (potato peeler)

පිහියකින් අල පොතු සීරීමට යාමේදී එහි ඇති පෝෂක ඉවත් වීමට හැකියාවක් තියනවා. මේ නිසා ඔබට පුළුවන් ඒ සඳහාම වෙන් වූ උපකරණයක් භාවිත කරන්න.


03. බඹර තල සුරණය (swivel bladed peeler)

එළවලුවල පොතු ගැලවීමට ගන්න තවත් උපකරණයක්.


04. ගේටරය

ඔබ සතුව ආහාර සැකසුම් යන්ත්‍රයක් නොමැති නම් කැරට් වගේ ටිකක් ඝන එළවලු ග්‍රේට් කර ගැනීමට ගෙටරයක් අවශ්‍ය වේ.


05. මැන්ඩලීනය (mandoline)

අර්තාපල් කැරට් වගේ එළවලු පෙති කර ගැනීම සඳහා යොදාගනී.


06. පොටෑටෝ මාෂස්

අල වගේ එළවලු පොඩි කර ගැනීමට මෙය යොදා ගනී


07. ගර්ලික් ප්‍රෙස්

සුදු ළූණු යුෂ ලබා ගැනීම සඳහා යොදා ගනී.


08. සාස්පාන් (Saucepans) සහ පෙනේර

සාස්පාන්, පිසීමේදී ඔබට අත්‍යවශ්‍යම උපකරණයක්. මෙහිදී ඔබ වඩාත් හොඳ වර්ගයේ ඒවා මිලදී ගැනීමට සැලකිලිමත් විය යුතුයි. මළ නොබැදෙන ඒවා නම් තවත් හොඳයි. තාපය අතට නොදෙනෙන සාස්පාන් තොරා ගැනීම ඉතාම වැදගත්. හොඳ පෙනේරයක්ද ඉතාමත්ම වැදගත්.


09. ෆ්‍රයින් පෑන්

ආහාර වර්ග බැද ගැනීමට එය අත්‍යවශ්‍යයි. චිනච්චට්ටි වලින් සදා ගත් ඒවා නම් වඩාත් හොදයි.


10. ආහාර තැටිය (cast iron)

ඕනෑම ආහාරයක් අවන් එකට දැමීමට පෙර එය රන්වන් පැහැය වනතුරු බැද ගැනීමට අවශ්‍ය නම් මෙය ඒ සඳහා ප්‍රයෝජනවත්ය.


11. වොක් (wok)

මෙයද බැඳ ගැනීම සඳහා යොදා ගන්නා උපකරණයක්.


12. ස්ටිමරය.

ඔබ එළවලු වැනි දේ තම්බා ආහාරයට ගන්නේ නම් මෙය ඉතාමත් වැදගත් උපකරණයක්.


13. ආහාර සකසනය (food processor)

නුතනයේ මුළුතැන් ගෙදරකට ඉතාමත් අවශ්‍ය උපකරණයක් ලෙස මෙය දක්වන්න පුළුවන්.


14. අත් මිශ්‍රකය.(hand blender)

එළවලු සලාද, සුප් වගේ දේවල් සැකසා ගන්න මෙය ප්‍රයෝජනවත්.


15. බ්ලෙන්ඩරය.

සුප් වගේ ආහාර සකසා ගැනීමේදීත්, දරුවන්ගේ ආහාර සකසා ගැනීමේදීත් මෙය වැදගත්.


16. අවන් එක.

ගොඩක් වෙලාවට අවන් එකක් කියන්නේ නම් ආහාර පිසින්නියකට නැතුවම බැරි උපකරණයක්.

SHARE