පිරිසිඳුව රෙදි සේදීම කියන්නේ අපගේ සනිපාරක්ෂාවට සෘජුවම බලපාන දෙයක්. ඉස්සර රෙදි සේදීම කියන්නේ වෙහෙසකර කටයුත්තක් වුණත්, වර්තමානය වන විට තාක්ෂණයත් සමඟ මෙය පහසු කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ විට නිවසේ රෙදි සේදීමේ කාර්යය පැටවෙන්නේ ගෘහණිය මතයි. ඉතින් අද අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා අපේ කාන්තාවන් වෙත රෙදි සේදීමේ ටිප්ස් කීපයක් ගෙන එන්නට අපි තීරණය කළා.


fb-like-beg


රෙදි සුදු පාට කර ගන්න ඇස්ප්‍රින් පෙති කීපයක් යොදන්න

සුදු පැහැති ඇඳුම් ටික කාලයක් යනකොට කහ පාටට හැරෙනවා නේද? සමහරු මේ නිසා සුදු පාට ඇඳුම් අඳින්න වැඩි කැමැත්තක් දක්වන්නේත් නැහැ. ඉතින් රෙදි හෝදන වෙලාවට ඇස්ප්‍රින් පෙති කීපයක් යොදන්න අමතක කරන්නත් එපා.

රෙදි සෝදන යන්ත්‍රය පවිත්‍ර කර ගැනීම සඳහා මවුත් වොෂ් භාවිතා කරන්න

ඔබ අඳින ඇඳුම් වල පිරිසිඳු බව ඔබේ සෞඛ්‍ය මට්ටම කෙරෙහි බලපානවා. ඉතින් ඔබේ රෙදි සෝදන යන්ත්‍රය විෂබීජ වලින් තොර කර ගැනීම ගැනීම ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි. නැති නම් රෙදි සෝදන යන්ත්‍රයේ රැඳුනු විෂබීජ ඔබේ රෙදි වල තැවරෙන්න පුළුවන්. ඉතින් මවුත් වොෂ් යොදා සේදීම මඟින් එහි රැඳුණු හානිකර බැක්ටීරියා සහ දිලිර ඉවත් කර ගන්න පුළුවන්.

මේස් හෝදන්න වෙන වෙනම බෑග් භාවිතා කරන්න

පාසල් යන වයසේ දරුවන් කීප දෙනෙක් ගෙදර ඉන්නකොට, එහෙම නැත්තම් එක වගේ මේස් දමන පිරිමි කිහිපදෙනෙක් ගෙදර ඉන්නකොට මේ වැඩේ නම් කරන්නම වෙනවා. නැත්තම් එක එක්කෙනාගේ මේස් මාරු වෙලා හරිම කරදරයකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.

රෙදි ඕනෙවට වඩා අව්වේ වෙලන්න එපා

රෙදි අනවශ්‍ය ලෙස අව්වට රත් වුණාම ඒවායේ ගුණාත්මක බව අඩු වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට රෙදි වල පාට යනවා. ඉතින් ඒ නිසා රෙදි වේලුනු ගමන් ගෙට ගන්න. ඔබේ රෙදි අනවශ්‍ය ලෙස අව්වට කර වෙලා කියලා දැනුනොත් වතුර බිංදු කීපයක් රෙදි මත ඉහින්න.

ඇකිලුණු රෙදි සඳහා බේබි ෂැම්පු භාවිතා කරන්න

සමහර රෙදි එක් වරක් ඇඳලා හෝදපු ගමන් ඇකිලෙනවා. මේකට විසඳුමක් විදිහට ඔබට බේබි ෂැම්පු භාවිතා කරන්න පුළුවන්. පොඩ්ඩක් රස්නේ වතුරට බේබි ෂැම්පු ස්වල්පයක් දාලා ඇකිලුණු ඇඳුම ඒකට දාලා මිනිත්තු 15ක් විතර තියන්න.

මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

රෙදි සේදීමේදී අනුගමය කළ හැකි ටිප්ස් කීපයක් – 2 කොටස

SHARE