පිරිසිඳුව රෙදි සේදීම කියන්නේ අපගේ සනිපාරක්ෂාවට සෘජුවම බලපාන දෙයක්. ඉස්සර රෙදි සේදීම කියන්නේ වෙහෙසකර කටයුත්තක් වුණත්, වර්තමානය වන විට තාක්ෂණයත් සමඟ මෙය පහසු කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. බොහෝ විට නිවසේ රෙදි සේදීමේ කාර්යය පැටවෙන්නේ ගෘහණිය මතයි. ඉතින් අද අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා අපේ කාන්තාවන් වෙත රෙදි සේදීමේ ටිප්ස් කීපයක් ගෙන එන්නට අපි තීරණය කළා.


fb-like-beg


සුදු රෙදි හෝදනකොට Comfort භාවිතා කරන්න එපා

රෙදි වලට නැවුම් පෙනුමක් ගෙන දීමේ අරමුණින් තමයි අපි Comfort භාවිතා කරන්නේ. ඒත් සුදු රෙදි වලට Comfort භාවිතා කිරීමෙන් ඒවායේ සුදු පැහැය මඳක් අඩු වන බව හෙළි වී තිබෙනවා.

රෙදි වල පාට අනුව වර්ග කරන්න එපා

සමහරු පුරුදු වෙලා ඉන්නවා රෙදි වල වර්ණය අනුව රෙදි වර්ග කරලා හෝදන්න. ඒත් ඒක තේරුමක් නැති වැඩක්. සුදු රෙදි වෙනම හෙදුවට කමක් නෑ. රෙදි වල පාට ගැන කරදර වෙන්නේ නැතුව, රෙදි වර්ගයේ ඝණත්වය ගැන කරදර වෙන්න. රෙදි සෝදන යන්ත්‍රයට රෙදි දානකොට එකම ඝනත්වයක් ඇති රෙදි එකට දාන්න.

මේකප් පැල්ලම් ඉවත් කිරීමට Shaving Cream භාවිතා කරන්න

ඇඳුම් වල මේකප්, ෆවුන්ඩේෂන් හා ලිප්ස්ටික් පැල්ලම් තැවරුණ විට සබන් හෝ සබන් කුඩු විතරක් භාවිතා කරලා ඒවා සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න බැහැ. මේ වගේ පැල්ලම් ඉවත් කරන්න Shaving Cream ඉතා හොඳයි.

තද කහට පැල්ලම් ඉවත් කරන්න Hair Dryer එකක් භාවිතා කරන්න

සාමාන්‍ය සේදුමකින් ඉවත් කරන්න බැරි, තද කහට පැල්ලම් ඉවත් කරන්න Hair Dryer එක ඔබට උදව්වක් වේවි. මුලින්ම Hair Dryer එක භාවිතා කරලා පැල්ලම ඇති තැන රත් කර ගන්න. ඊට පස්සේ එතනට සබන් කුඩු ස්වල්පයක් දාලා ටික වෙලාවක් ඉන්න.

කිළිටි මේස් සෝදන්න සීතල වතුර භාවිතා කරන්න

කිළිටි මේස් හෝදන්න උණු වතුර භාවිතා කලාට කුණු හොඳින් ඉවත් වෙන්නේ නැහැ. මේ නිසා කිළිටි මේස් වල කුණු සම්පුර්ණයෙන් ඉවත් කිරීමට සීතල වතුරෙන් සෝදන්න.

මෙම ලිපියෙ පළමු කොටස සදහා පිවිසෙන්න –

රෙදි සේදීමේදී අනුගමය කළ හැකි ටිප්ස් කීපයක් – 1 කොටස

SHARE