ක්‍රෙඩිට් කාර්ඩ් එක කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් භාවිතා කරන සුලභ ගනුදෙනු කරන ක්‍රමයක්. ඒ ගැන අපි හැමෝම දැනුවත් වෙලා ඉන්නේ. හදිස්සියකදී ගන්න ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ළඟ තබා ගැනීම බොහෝ කාන්තාවන්ගේ සිරිතක්. මේ හදිස්සි ගනුදෙනු වලදී විතරක් නෙවේ තව බොහෝ වාසි ඔබට ලබා දෙන්නත් දැන් දැන් ක්‍රෙඩිට් කාර්ඩ් සමත් වෙනවා. ඒ අලුත්ම අලුත් ප්‍රතිලාභ ගැන ඔබව දැනුවත් කිරීම තමා මේ ලිපියේ අරමුණ..

fb-like-beg


1) හදිස්සියකදී ලගම අසල්වැසියෙක්

හදිස්සියකදී ඔබේ වොලට් එකේ ඉන්න සමීපතම මිතුරා වෙන්නේ ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් පතයි. හදිස්සි රෝගයක් හැදුනොත්, මගදී වාහනය අනතුරට ලක් වුනොත් විතරක් නෙවේ අතේ මුදල් නැති ඕනෙම වෙලාවක ක්‍රෙඩිට් කාර්ඩ් එක කියන්නේ සමීප හිතවතෙක් වගේ නැතුවම බැරි දෙයක්.


2) සුපිරි වෙළඳ සල් වලින් ගනුදෙනු කිරීමේදී cashback පහසුකම හෙවත් මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව

සුපිරි වෙළඳසල් වලින් බඩු ගැනීමේදී සහ ඉන්ධන පිරවුම් හල් වලින් පෙට්‍රල් ගහද්දි 10% ක පමණ වටිනාකමක් නැවත ඔබේ ගිණුමට බැර කරන්න ඇතැම් ක්‍රෙඩිට් කාර්ඩ් පෙළඹෙනවා. බලන්න මාසේ ඉන්ධන සහ සිල්ලර බඩු වලින් 10% ක් නැවත ලැබෙනවා කියන්නේ කොයි තරම් ඉතුරුවක්ද?


3) මිල අධික ලැප් ටොප් , ජංගම දුරකථන , ගෘහ විදුලි උපාංග වගේ භාණ්ඩ 0% පොලියට කොටස් වශයෙන් ගෙවීමේ සැලසුම්.

සමහර බැංකු මගින් ඔබ ලබා ගන්නා ජංගම දුරකථන, ලැප් ටොප් විතරක් නෙවෙයි ශීතකරණ, මයික්‍රෝ වේවූ අවන් , රූපවාහිනී යන්ත්‍ර වගේ තෝරාගත් උපකරණ වලට ගෙවීම් කරන විට පොලියක් නොමැතිවම වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ලබා දෙනවා. ඔබ සාමාන්‍ය ක්‍රමයට පහසු ගෙවීමේ ක්‍රමයකට බඩු ගත්තා නම් අනිවාර්යයෙන්ම විශාල මුදලක් පොලිය ලෙස ගෙවන්න වෙනවා. ඒ අනුව ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බඩු ගන්න එක ලාබයි.


ඔබටත් Credit Card එකක් සදහා ඉල්ලුම් කිරීමට පිවිසෙන්න

 


4) සුපිරි ඩිස්කවුන්ට් ( Discount ) නේ ලැබෙන්නේ

ඇතැම් ක්‍රෙඩි කාර්ඩ් මගින් ඉතාම විශාල වශයෙන් discount ලබා දෙනවා. ආහාර ගැනීමේදී , ෂොපින් කරද්දී , ගුවන් යානා ටිකට් ගැනීමේදී , විදේශ සංචාර වලදී , හෝටල් වල නවාතැන් ගනිද්දී මේ ගොඩක් අවස්ථා වල සමහර බැංකු 50% ක් ඉක්මවා ගිය Discount ලබා දෙනවා. ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තෝරා ගනිද්දී වැඩි ඩිස්කවුන්ට් දෙන බැංකුව මොකද්ද කියල හොයල බලන එක කාටත් වාසියි.


5) නිසි ලෙස භාවිතා කරද්දී ගොඩක් පහසු ක්‍රමයක්

ඇත්තටම තාක්ෂනය මෙතරම් දියුණු කාලයේ මුදල් ඔබේ පර්ස් එකේ දමාගෙන හැම තැනම යන්නේ නැතුව ඉතාම පහසුවෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් මගින් ගනුදෙනු කල හැකියි. අවම ගාස්තුව නියමිත දිනට පෙර ගෙවා දැමීමෙන් හිඟ මුදල් සඳහා කිසිඳු පොලී මුදලක් ගෙවීමට ඔබට සිදු නොවේ.


6) Online ගනුදෙනු වලදී ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අත්‍යවශ්‍යයි.

Ebay, AliExpress, Amazon වගේ වෙබ් අඩවි වලින් අඩු මිලට බඩු ගෙන්වන කෙනක් නම් හෝ ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා නම් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි ඔබට නිසි ආරක්ෂාව සලසන පිළිගත් බැන්කුවකින්ම ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් පත ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ.

ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පලදායී ලෙස භාවිතා කරනවා නම් එයින් ලබා ගත හැකි ලාභය ගොඩක් වැඩියි. අපිත් හැම විටම ලාභ දායී ලෙස අපගේ මුදල් කළමනාකරණය කරන්න ඉගෙන ගමු.

SHARE