ගෘහණියක් අතින් නිවසකට සිදු වන සේවය කියා නිම කල නොහැකි තරම් වෙනවා. ඒ අතරේ ඇය විසින් සිදු කරනු ලබන පිරිසිඳු කිරීමේ කටයුතුත් මුල් තැනක් ලබා ගන්නවා. නමුත් පිරිසිඳු කිරීමේ කටයුතු සිදු කරන විට යම් යම් අඩුපාඩු විය හැකියි. ඒවා පසුකාලීනව ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වයට අහිතකර ලෙස බලපෑ හැකියි. ඉතින් මේ වගේ පුංචි පුංචි අඩුපාඩු ඔබේ අතින් සිදු නොවෙන්නට වග බලා ගන්න.


fb-like-beg


1 එකම රෙදි කැබැල්ලෙන් බඩු භාණ්ඩ සියල්ල පිස දැමීම

සමහරුන් වැඩි දුර නොසිතා කරන අඩු පාඩුවක් තමයි මේ. ගෙදර තියෙන හැම මේසේම, හැම ගෘහ භාණ්ඩයම එකම රෙදි කෑල්ලකින් පිස දමන්න ගියාම නිවස පුරා බැක්ටීරියාවන් පැතිරෙනවා. කුස්සියේ මේස මත ඇති ඉඳුල් වෙනත් ගෘහ භාණ්ඩ වලත් තැවරෙනවා. ඉතින් ඔබ එක් එක් කාමරයට වෙන වෙනම සර්වියට් හෝ රෙදි භාවිතා කරන්න.

2 භාණ්ඩ පිස දැමීමට ලොම්/ පිහාටු සහිත බ්‍රෂ් භාවිතා කිරීම

ගොඩක් වෙළඳ දැන්වීම් වල නම් පෙන්වන්නේ දුවිලි පිස දැමීමට හොඳම පිස්නය වන්නේ ලොම්/ පිහාටු වලින් සැකසු පිස්නයන් බවයි. නමුත් ඒවායින් දුවිලි අයින් වෙනවාට වඩා සිදු වන්නේ දසත විසිරීමයි. ඔබේ වාතාශ්‍රයට දුවිලි මුසු වී සෞඛ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

3 වැකියුම් ක්ලීනර් එක පවිත්‍ර නොකිරීම

ඔබේ පොලවේ තිබෙන සෑම දුවිලි අංශුවක්ම පිරිසිඳු කර දෙන වැකියුම් ක්ලීනර් එක ඔබ පවිත්‍ර කරනවාද? එහි මොන තරම් දුවිලි සහ විෂබීජ තොගයක් එක් රැස් වී තිබේ දැයි සිතා බලන්න. මේවායේ ඇති විෂබීජ ඔබේ පරිසරයට මුසු වන්නට ඉඩ දෙන්න එපා.

4 Dishwasher යන්ත්‍රය භාවිතා කර මුළුතැන්ගෙයි කුඩා උපකරණ සේදීම

කුඩා කූරු, හිල් හෝ කැටයම් සහිත කුඩා උපකරණ Dishwasher යන්ත්‍රය භාවිතා කර සේදුවොත් සම්පුර්ණයෙන්ම එහි ඇති දෑ ඉවත් වන්නේ නැත. මේ නිසා එවැනි උපකරණ අතේ සේදීමට උත්සාහ කරන්න.

5 කොමඩ් එක සේදීමෙන් පසුව බ්‍රෂ් එක වේලීමට පෙර රඳවනයට දැමීම

කොමඩ් එක අතුල්ලා සේදීමේදී එහි ඇති විෂබීජ ටොයිලට් බ්‍රෂ් එකේ තැවරෙනවා. එය තෙත සහිතව එහි බහාලුමේ රැඳවු විට, එහි ඇති බැක්ටීරියාවන් වර්ධනය වෙනවා. තෙත සහිත පරිසරය බැක්ටීරියා වර්ධනයට ඉතා හිතකරයි. ඔබ නැවත එම බ්‍රෂ් එකම භාවිතා කර කොමඩ් එක සේදීමේදී එහි බැක්ටීරියාවන් වැඩි වැඩියෙන් තැවරෙනවා.

6 සින්ක් එකේ පවිත්‍රතාවය ගැන සැලකිලිමත් නොවීම

සින්ක් එකක් කියන්නේ අපද්‍රව්‍ය සහිත ජලය බැහැර වෙන තැනක්. එහි ඉඳුල්, කුණුරොඩු එක් රැස් වන විට ඒවා වහා ඉවත් කරන්න. දිනපතා සින්ක් එක මැද පිරිසිඳු කරන්න. සින්ක් එකේ බටය පුරා ඇති බැක්ටීරියාවන් විනාශ කිරීමට බේකින් සෝඩා හෝ ක්ලෝරීන් යොදන්න.

7 අතු ගෑමට පෙර ගෘහ භාණ්ඩ පිස නොදැමීම

නිවැරදි ක්‍රමය වන්නේ මුලින් ගෘහ භාණ්ඩ පිස දමා, ඉන් අනතුරුව අතු ගෑමයි. නැති නම් අතු ගෑමෙන් පසු ගෘහ භාණ්ඩ මත තැවරී ඇති කුණු දුවිලි නැවත පොලවේ විසිරේ.

8 ද්‍රව පිරිසිඳුකාරක ගෘහ භාණ්ඩ මතට ස්ප්‍රේ කිරීම

ඔබ ගෘහ භාණ්ඩ පිරිසිඳු කිරීමේදී පිරිසිඳුකාරක ගෘහ භාණ්ඩ හෝ ජනෙල් වල වීදුරු මතට කෙලින්ම ස්ප්‍රේ කරනවා නම්, ඒවායේ තැවරී ඇති කුණු දුවිලි තවත් තදින් ඒ මත ඇලීමේ අවදානමක් පවතිනවා. එය කිරීමට ඇති නිවැරදි ක්‍රමය වන්නේ පිරිසිඳු කිරීමට යොදා ගන්නා රෙදි කැබැල්ල හෝ ස්පොන්ජ් කැබැල්ලට පිරිසිඳුකාරකය ස්ප්‍රේ කර, ඉන් අනතුරුව මැද පිරිසිඳු කිරීමයි.

9 රෙදි සෝදන යන්ත්‍රය පිරිසිඳු නොකිරීම

සිරුරේ මල සෛල, දුවිලි, රෙදි වල සායම් සහ රෙදි වල තැවරී ඇති විෂබීජ රෙදි සෝදන යන්ත්‍රයේ අහුමුලු වල එක් රැස් වීම වලක්වාලිය නොහැකියි. මේ නිසා ඔබ රෙදි සෝදන යන්ත්‍රය පිරිසිඳු කල යුතුයි. රෙදි සෝදන යන්ත්‍රය පවිත්‍ර කිරීමට මේ ක්‍රමය අනුගමනය කරන්න. රෙදි සෝදන යන්ත්‍රයට ජලය පිරෙන්නට ඉඩ හැර, එයට විනාකිරි ලීටරයක් සහ බේකින් සෝඩා කෝප්පයක් මුසු කරන්න. ඉන් පසුව පයක පමණ කාලයක් රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කර තබන්න.

      

 

SHARE