තියේ දිනවල උදෑසන කියන්නේ අපේ රටේ කාන්තාවන්ට ඉතාම කලබලකාරී වේලාවක්. ආහාර පිළියෙළ කරන්න, දරුවන් පාසල් යවන්න, office යන්න මේ හැමදේම ඉතා ඉක්මනින් කළ යුතු වීම එයට හේතුවයි. ඉතින් උදෑසනකදී සිදුවන සුළු අතපසු වීමකින් පවා මුළු දවස පුරාම ඔබට අසහනකාරී මානසිකත්වයකින් සිටීමට සිදු විය හැකියි. ඒ නිසා උදෑසන කළ යුතු වැඩකටයුතු නිසි පිළිවෙලට කිරීම ඉතාම වැදගත්.

මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ එළඹෙන උදෑසන වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා රාත්‍රියේ නින්දට යාමට පෙර ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක්.

fb-like-beg


උදෑසන ආහාරය සඳහා පිළියෙළ කිරීමට බලාපොරොත්තු වන දෑ සූදානම් කර තබන්න

උදෑසන ආහාරය සඳහා ඔබ පිළියෙළ කිරීමට බලාපොරොත්තු වන ආහාර වේලට කඩල, පරිප්පු වැනි දෑ අඩංගු වනවානම් ඒවා නිසි ප්‍රමාණයන්ගෙන් යුතුව සූදානම් කර තැබීමට ඔබට හැකියි. එළවලු, සහල් වැනි දේ ද මෙසේ කලින් සූදානම් කර තබනවානම් උදෑසන අවදි වූ විගස ඔබට ඒවා සකස් කිරීමට පටන් ගත හැකියි. ඔබේ කාලය ඉතිරි කරගැනීමට එය මහඟු උපකාරයක් වනවා.


මිදී ඝනවී ඇති ආහාර වර්ග අයිස් මිදීම සඳහා තැබීම.

ඔබ උදෑසන ආහාරය සඳහා මාළු, මස් පිළියෙළ කිරීමට බලාපොරොත්තු වනවා නම් රාථෙඉයෙ අධි ශීතකරණයෙන් ඒවා පිටතට ගෙන ඒවායේ අයිස් මිදීමට තබන්න.


තුන පහ පිළියෙළ කර තබන්න

රාත්‍රියේදී ලුණු, දුරු, ගම්මිරිස් ආදිය අඹරා මිශ්‍ර කර තැබීම උදෑසන ආහාර පිළියෙළ කිරීමේදී ඔබට විශාල පහසුවක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ නේද?


රාත්‍රී ආහාර පිළියෙළ කළ භාජන, ආහාර ගත් පිඟන් කෝප්ප සෝදා පිරිසිදු කර නිසි තැන්වල තබන්න.

මෙය නම් ඔබ වෙහෙස. කම්මැලිකම නොබලා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එසේ නැති නම් සිදු වන්නේ උදෑසන මේවා පිරිසිදු කිරීමට අමතර වෙලාවක් වය කිරීමට සිදු වීම නිසා ඔබේ උදෑසන වැඩ කටයුතු අවුල් ජාලයක් බවට පත් වීමයි.


දරුවන්ගේ පාසල් බෑග් සූදානම් කර තැබීමට ඔවුන්ව හුරු කරවන්න.

දරුවන්ගේ මෙවන් වැඩ කටයුතු ඔවුන්ටම කරගැනීමට හුරු කරවීම ඔබේ වැඩ කටයුතු වලට විශාල පහසුවක් වනවා පමණක් නෙවෙයි දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා ස්වාධීනත්වයටද මහත් රුකුලක් වනවා.


කාර්යාලයට රැගෙන යන වතුර බෝතල්වලට රාත්‍රියේදීම වතුර පුවරා තබන්න. කාර්යාල බෑග පිළියෙළ කර තබන්න.

නිවසේ වැඩ කටයුතු අවසන් වූ පසු ඔබට ඇත්තේ සූදානම් වී කාර්යාල බෑග ගෙන රැකියාවට යාම පමණයි. කාර්යාල බෑග කලින් සූදානම් කර තැබීම නිසා රැගෙන යා යුතු දේවල් අතපසු වීම වැළකෙනවා. එය ඔබට ඉතාම පහසුවක්.

SHARE