යුවතියක් සැම විටම තමාගේ හැසිරීමෙන් සහ කතා කරන ස්වරූපයෙන් ගෞරවනීය විය යුතුයි. ඔබ වැඩි දුර නොසිතුවත් බොහෝ දෙනෙක්ගේ ඇස් ඔබ වෙත යොමු වී තිබිය හැකියි. ඇත්තටම අපේ යුවතියන් පොදු ස්ථාන වලදී, වැඩි දුර නොසිතා කරන පුංචි පුංචි අත් වැරදීම් නිසා ඔවුන්ගේ ගෞරවනීය ස්වරූපයට හානි සිදු විය හැකියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්න.

 


fb-like-beg


තර්ක කරමින් දිනන්නට යාම

ගෞරවනීය චරිත සැම විටම දන්නවා තමන්ගේ මතය. ඒ වගේම ඔවුන් අන් අයගේ මතයන් වලටත් ගරු කරනවා. එකම කරුණ සම්බන්ධව මත කීපයක් තිබිය හැකි බව ඇය දන්නවා. තමාගේ මතය අනුන්ගේ ඔලුවට බලෙන් දාන්න උත්සාහ කිරීම අර්ථ විරහිතයි.


ආහාර ලබා ගැනීමට තැනක් නොතැනක් නොමැති වීම

සමහර කාන්තාවන් තමන්ට වෙලාව නැති බව කියමින් ආහාර ගන්නේ වැඩට යන ගමන්. ඇවිදින ගමන් හෝ පොදු ප්‍රවාහන සේවා වලදී ආහාර ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. ඔබේ කාලයෙන් බිඳක් නිවැරදි පිළිවෙලට ආහාර ගැනීම වෙනුවෙන් කැප කරන්න. පුටුවක වාඩි වී, මේසය මත තබාගෙන පිළිවෙලකට ඔබේ ආහාරය ලබා ගන්න.


අනවශ්‍ය ලෙස අවංක වීම

යුවතියක් අමුත්තන් ඉදිරියේ හෝ සාමාන්‍ය මිතුරන් ඉදිරියේ අනවශ්‍ය ලෙස විවෘත වීම සුදුසු නැහැ. එය ඇගේ චරිතයට හානි පමුණුවනවා. ඇතැම් යුවතියන් තමාගේ පෞද්ගලික හා සංවේදී තොරතුරු පිට මිනිසුන් සමඟ බෙදා ගන්නවා. තමාගේ සිතේ ඇති හැඟීම් සියල්ලම අනුන් සමඟ බෙදා ගැනීමෙන් ඇයට අයහපතක් සිදු විය හැකියි.


සුදු පැහැති අඩි උස සෙරප්පු දැමීම

සුදු පැහැති අඩි උස පාවහන් ගැලපෙන්නේ මංගල ඇඳුමටයි. මේ බව නොදත් බොහෝ යුවතියන් සුදු පැහැති අඩි උස සෙරප්පු සෑම ඇඳුමකටම පළඳිනවා. සුදු පැහැය වෙනුවට ඔබට බේජ් පැහැය තෝරා ගන්නත් පුළුවන්. කළු පැහැති පාවහන් නම් ඕනෑම ඇඳුමකට ගැලපෙනවා.


ප්‍රමාද වී පැමිණීම

නිවැරදි පිළිවෙලට ජිවත් වෙන කාන්තාවක් ව්‍යාපාර හමුවකට හෝ පෞද්ගලිකට හමුවකට ප්‍රමාද වෙලා යන්නේ නැහැ. ඇය දන්නවා ප්‍රමාද වීමෙන් ඇගේ හොඳ නමට හානි සිදු වන බව. කුමක් හෝ කරුණක් නිසා ඇයට ප්‍රමාද වීමට සිදු වෙනවා නම් ඇය වහාම ඒ ගැන අනෙක් පාර්ශවය දැනුවත් කරනවා. ඒ වගේම තමයි, ඇය අන් අය වෙනුවෙන් පැය ගණන් බලාගෙන ඉන්නෙත් නැහැ. තමන්ව හමු වීමට කෙනෙක් එනවා කියලා, පැය කාලකට වඩා ප්‍රමාද වෙනවා නම් ඇය හමුවීම අවලංගු කරනවා. එයට හේතුව වන්නේ ඇයට ඇගේ කාලය වටිනා සම්පතක් වීමයි.


කුඩය වේලා ගැනීම සඳහා දිග ඇර තැබීම

තමාගේ නිවසේදී හෝ හුරුපුරුදු ස්ථානයකදී නම් කුඩය දිග ඇර තැබීමේ වරදක් නැහැ. නමුත් ඇතැම් යුවතියන් යම් ගොඩනැගිල්ලකට ඇතුළු වීමේදී කුඩය දිග ඇර තබා යනවා. එය අනිත් අයට අවහිරයක්. කුඩය හොඳින් ගසා, අකුලා, පසෙක තිබෙන බාල්දියේ බස්සවා ගොඩනැගිල්ල තුලට ඇතුලු වීමයි නිවැරදිම සිරිත.


යමෙකු පිළිගන්වන ආහාර හෝ බීම ප්‍රතික්ෂේප කිරීම

කාන්තාවක් අමුත්තෙකු ලෙස යම් තැනකට ගිය විට ආහාර හෝ බීම පිළිගැන්වීම සාමාන්‍ය සිරිතක්. නමුත් ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් එය අගෞරව කිරීමක් ලෙස පිළිගන්වන්නාට දැනිය හැකියි. මෙහි අදහස ඔබ ඔබට පිළිගන්වන සියලුම ආහාර ආහාරයට ගත යුතුයි කියන අදහස නම් නෙවෙයි. පිළිගැන්වූ දෙයින් ඉතා ස්වල්ප ප්‍රමාණයක් හෝ ඔබ ලබා ගත යුතුයි.


කොණ්ඩය කඩාගෙන නර්තනයේ යෙදීම

පාර්ටි එකකදී නර්තනයේ යෙදීම අපි කාගේත් පුරුද්දක්. ඒත් කොණ්ඩය කඩාගෙන නර්තනයේ යෙදීම අන් අයට අවහිරයක්. ඒ වගේම තමයි අඩි උස පාවහන් යොදාගෙන නර්තනයේ යෙදීමත් භයානකයි. එය අන් අයගේ දෙපා වල ආරක්ෂාවට තර්ජනයක්.


උණුසුම් ආහාර වලට කටින් පිඹ නිවා ගැනීම

ප්‍රසිද්ධ ස්ථානයකදී ඔබ ලබා ගන්නා ආහාර වලට කටින් පිඹ පිඹ නිවීමට යන්න එපා. ඔබට පුළුවන් එය හැන්දක් ආධාරයෙන් නිවා ගන්න. එසේත් නැති නම්, එය නිවෙන තුරු සිට ආහාරයට ගන්න.


මෙම ලිපියේ පළමු කොටස සදහා –

ගෞරවනීය කාන්තාවක් සැම විටම මඟ හරින ලක්ෂණ 18ක් – 01 කොටස

SHARE