යුවතියක් සැම විටම තමාගේ හැසිරීමෙන් සහ කතා කරන ස්වරූපයෙන් ගෞරවනීය විය යුතුයි. ඔබ වැඩි දුර නොසිතුවත් බොහෝ දෙනෙක්ගේ ඇස් ඔබ වෙත යොමු වී තිබිය හැකියි. ඇත්තටම අපේ යුවතියන් පොදු ස්ථාන වලදී, වැඩි දුර නොසිතා කරන පුංචි පුංචි අත් වැරදීම් නිසා ඔවුන්ගේ ගෞරවනීය ස්වරූපයට හානි සිදු විය හැකියි. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්න.

 


fb-like-beg


ගුණාත්මක බවින් අඩු, ව්‍යාජ ආයිත්තම් භාවිතය

ඔබ දැකලා ඇති කඩ වල තිබෙන භාණ්ඩම ඊට වඩා අඩු මිලට පදික වේදිකාවේ විකිණීමට තිබෙනවා. හෑන්ඩ් බෑග්, සෙරප්පු සහ වෙනත් කාන්තා ආයිත්තම් මේ විදිහට අඩු මිලට සපයනු ලබනවා. පෙනුම එක වගේ වුණත් පදික වේදිකාවේ තිබෙන භාණ්ඩ වල ගුණාත්මකභාවය ගොඩාක් අඩුයි. ඒ දෙකේ වෙනස ඇතැම් අයට නම් දුටු ගමන් අඳුන ගන්න පුළුවන්. මේ නිසා අඩු මිලට ගුණාත්මක බැවින් අඩු භාණ්ඩ මිලදී නොගෙන, අතේ ඇති මුදලට සරිලන ලෙස ගුණාත්මක භාණ්ඩ මිලදී ගැනීම සුදුසුයි.


විලාසිතා කිරීමේදී සිදු කරන වැරදි

නිවැරදිව විලාසිතා කරන යුවතියක් කවදාවත් තමාට වඩා විශාල කමිසයක්වත්, ඕනෑවට වඩා හිර වුණු කලිසමක්වත් අඳින්නේ නැහැ. ඇය ඇඟට පහසුයි කියලා බාච්චු වගේ ඇඳුම් අඳින්නෙත් නැහැ. මොකද ඒ වගේ ඇඳුම් නිසා කාන්තාවකගේ විධිමත් සහ ජේත්තුකාර පෙනුම අහිමි වෙනවා.


වැරදි ඉරියව්

ගොඩක් කාන්තාවන්ගේ වැරදි ඉරියව් නිසා ඔවුන්ගේ ස්වභාවික සුන්දරත්වය නොපෙනී යනවා. වැඩ කර විට උරහිස් පහතට දමාගෙන, කුදු වීගෙන සිටින ඉරියව්ව කාන්තාවකට ගැලපෙන්නේ නැහැ. දුටු පමණින් ඇය ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ නැහැ. වැඩ කරන අතරතුර විනාඩි 5ක පමණ විවේකයක් ලබා ගනිමින් උරහිස් වලට විවේකයක් ලබා දෙන්න. එවිට ඔබට වැරදි ඉරියව් වල සිටීමට අවශ්‍ය වන්නේ නැහැ.


තමන්ගේ ගැන අවධානයක් නොමැති වීම

සමහර යුවතියන් තමන්ගේ සෞඛ්‍යය හෝ රූපය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. තමා ගැන සිතන යුවතියන් සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර ලබා ගන්නවා. තමන්ගේ බර පාලනය කර ගන්නවා. තමාගේ සම සහ හිස කෙස් වල සුන්දරත්වය ගැන සිතනවා. තමන්ගේ නියපොත්තේ සුන්දරත්වය ගැන පවා මෙවැනි යුවතියන් උනන්දු වෙනවා.


අධික ලෙස මේකප් තැවරීම

තමන්ගේ සමේ සුන්දරත්වය රැක ගැනීමට වෙහෙසෙන යුවතියකගේ සම මේකප් ගැල්වුවත්, නොගැල්වුවත් සුන්දරයි. අනවශ්‍ය මේකප් තට්ටුවක් දමාගෙන, තද තොල් ආලේපන ගැල්වීම මඟින් සිදු කෙරෙන්නේ යුවතියකගේ පෙනුමට කෘතීම පෙනුමක් එක් කිරීමයි. නමුත් නිවැරදි හා අවශ්‍ය ප්‍රමාණයට ගැල්වූ මේකප් එකක් මඟින් ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කර පෙන්වනවා.


අනවශ්‍ය ලෙස කලබල වීම

අනවශ්‍ය ලෙස කලබල ස්වභාවයකින් හැසිරීම යුවතියකට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ රාජකාරි නියමිත් වෙලාවට ඉටු කරන නිසා ඇයට කලබල වීමට හේතුවකුත් නැහැ. සිත කලබලයට පත් වෙන අවස්ථාවන් වලදී ඇය එය පාලනය කර ගන්නත් දන්නවා. ඇය කලබලයට පත් වුණාම ඇගේ කොණ්ඩය අඹරවන්නේ නැහැ, කකුල් හොලවන්නේ නැහැ, නියපොතු හපන්නේ නැහැ. තමන්ගේ සිතේ ඇති වන හැඟීම් පිටතට නොපෙන්වා, නිසි ලෙස පාලනය කර ගන්න ඇය හොඳින් දන්නවා.


ආහාර ගැනීමේදී අශෝබන සිරිත් අනුගමනය කිරීම

පිරිසක් ඉදිරියේ තේ කෝප්පයේ අවසන් බිඳුවත් ශබ්ද කරමින් බොන්න එපා. කෝප්පයේ තේ මඳක් ඉතුරු කරන්න. ඔබ යම් ආහාරයක් ගැනීමට හැඳි ගාරප්පු භාවිතා කරනවා නම්, එය නිවැරදිව කරන්න. ඉතිරි වී ඇති ආහාර ස්වල්පය ලබා ගැනීමට ශබ්ද නගමින් පිඟාන සුරන්නට යන්න එපා. මේ නොසැලකිලිමත් යුවතියන් අතින් සිදු වන අඩුපාඩු කීපයකුයි.


නපුරු වීම සහ ඕපාදුප පැතිරවීම

ගෞරවනීය යුවතියක් කවදාවත් අනුන්ට නපුරු විදිහට සලකන්නේවත්, මැසිවිලි නඟන්නේවත්, ඕපාදුප පතුරුවන්නේවත් නැහැ. ඒ වගේ පුරුදු කාන්තාවකගේ චරිතයට හානි කරනවා. ඒ වගේම තමයි හොඳ කාන්තාවක් අනුන් පවසන ඕපාදුප වලට සවන් දීමට තමන්ගේ වටිනා කාලය කැප කරන්නෙත් නැහැ.


බෙරිහන් දී කතා කිරීම සහ හිනා වීම

තමාගේ කටහඬේ ශබ්දයේ තීව්‍රතාවය ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්. කාන්තාවක් බෙරිහන් දී කතා කිරීම, කෑ ගසා සිනා වීම, අශෝබන වදන් භාවිතා කිරීම සුදුසු නැහැ. ඔබ වයස්ගත ආච්චි කෙනෙක් හෝ අවුරුදු 3ක දරුවෙක් නම්, එහි වරදක් නැහැ.


මෙම ලිපියේ දෙවන කොටස සදහා –

ගෞරවනීය කාන්තාවක් සැම විටම මඟ හරින ලක්ෂණ 18ක් – 02 කොටස

SHARE