පෙර අපර දෙදිගම එක් කළ සාරිය සහ කලිසම (Saree with Pant)

කලිසමත් එක්ක සාරිය අඳින්න පුළුවන් කියල කවදාහරි හිතල තියනවද? මේ ක්‍රමයේදී කරන්නේ ලෙගින් එකක් වැනි තද කලිසමට සාරිය අඳිමයි. පලමුවෙන්ම සාරියේ එක් කෙළවරක් ගෙන රැලි සාදා එය සායට යට කර ගන්න. ඊළඟට අනෙක් කෙලවරෙන් පොට සාදා එය සිරුර වටේ වටයක් කරකවා උරහිසින් පිටුපසට දමා ගන්න. මේ වීඩියෝවෙන් ඒක තවත් පැහැදිලි වෙයි.


fb-like-beg


සාරිය සහ සාමාන්‍ය බ්ලවුස් එකක් (Saree Over Crop Top)

කොට බ්ලවුසයකට සාරිය අඳින්න පුළුවන් කියල කවදාවත් හිතුවේ නැද්ද. එහෙනම් මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබේ සාරියට ගැලපෙන බ්ලවුසයක් තෝරා ගැනීම වැදගත්. මුලින්ම පෙර කි nivi style එකට සාමාන්‍ය ලෙස සාරිය ඇඳගන්න.ඊළඟට පොටේ රැලි තියනකොට හීනියට රැලි තබා පොට උරහිසෙන් පිටුපසට දමා ගන්න. තවත් හොඳින් අවබෝධ කර ගන්න පහත වීඩියෝව බලන්න.

SHARE