සෑම ගෘහනියක්ම ආසයි රසට උයන්න ඉගෙන ගන්න. හැමෝටම තියෙන ගැටළුවක් තමයි උයන්න පුළුවන් එත් රස නෑ කියන එක. ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවද ? ඔබ මේ සම්බන්දයෙන් කණගාටු වෙන්න එපා. මොකද රසට කෑම පිසින්න ඉගෙන ගන්න ඔබ තවමත් ප්‍රමාද නෑ. ඔබ නිසාමයි අද අපි goodhousekeeping.lk වෙතින් හොඳ කුක් කෙනෙක් වෙන්න පුළුවන් සරල ක්‍රම 10ක් ගැන කතා කරන්න තීරණය කලේ.


fb-like-beg


1. ටිකක් විතර වෙනසක් කරන්න.

ගෙදර ඉන්න හැමෝම වගේ බලාගෙන ඉන්නේ ඔබ හදන ආහාර රස බලන්න. ඔබ හදන කෑම වල අඩු පාඩු කියන්න නම්, ගෙදර ඔක්කොම වගේ හරි දක්ෂයි නේද? මේ අඩු පාඩු දැනෙන්නේ ඔබ සම්ප්‍රදායිකව ආහාර පිසින විටයි. ඔබ දන්නා කෑම වට්ටෝරුවක් වුනත් ටිකක් වෙනස් විදිහකට හදන්න. ඒ කියන්නේ හැමදාම කන පරිප්පුව අමුතුම විදිහකට හදන්න. ඔබ නිදහසේ, සාදන ආකාරය ඔබම තීරණය කරන්න. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් පරිප්පුවට බැදපු කුනිස්සෝ, කරපිංචා, වියලි මිරිස්, වගේ එකතු කරන්න. ඔබගේ අලුත්ම රෙසිපි හැමෝම ඉතාමත් ආසාවෙන් රස විදිවි.


2. කෑම වට්ටෝරු පොතක් ළඟ තියා ගන්න.

කෑම වට්ටෝරු පොතක් කියන්නේ උයන්න ඉගෙන ගන්න ඔබ ලග තිබිය යුතුම දෙයක්. ඒ වගේම තමයි ඔබට පුලුවන් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් කෑම හදන්න ඉගෙන ගන්න. සමහර වෙලාවට, අමුද්‍රව්‍ය එක් කරද්දී ඔබට ගැටළු එන්න පුළුවන්. මේ වෙලාවේම ඒ ගැන අසා දැනගෙන ආහාර පිසීමේ හැකියාවක් මෙම ඔන්ලයින් රෙසිපි අත්හදා බැලීමේදී ඔබට ලැබෙනවා.


3. අවශ්‍ය මොනවද කියල හරියටම තේරුම් ගන්න.

ඔබ රෙසිපි කියවන විටදී, ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනි දෙයක් තමයි එහි අඩංගු වන අමුද්‍රව්‍ය මොනවද කියන එක. ඔබ එම ද්‍රවය හොදින් වටහාගෙන, ආහාර සැදීමට පෙර ළඟ තබා ගැනීම වැදගත්. මොකද නැවුම් එළකිරි වෙනුවට පොල් කිරි දැම්මොත් නියම රස එන්නේ නෑ.


4. ආහාර සඳහාම තියෙන බ්ලොග් අඩවි භාවිත කරන්න.

ආහාර පිසින්න ඉගෙන ගන්න ඔබට හොඳ ක්‍රමයක් තමයි, ආහාර පිසීම සඳහාම වූ බ්ලොග් අඩවි බාවිතය. මෙම බ්ලොග් අඩවි තුළ ඔබව පුදුම කරවන රසම රස අලුත් රෙසිපිස් තියෙනවා. මෙවා අත්හදා බැලිමෙන් ඔබට පුලුවන් හොඳ සූපවේදනියක් වෙන්න.


5. රූපවාහිනිය තුළ ආහාර වැඩසටහන් නරඹන්න.

ආහාර පිසින්න ඉගෙන ගන්න තවත් එක් ක්‍රමයක් තමයි රූපවාහිනිය තුල විකාශනය වන ආහාර පිසීමේ වැඩසටහන් නැරබීම. මේ තුලින් ඔබට සජීවී ලෙස ආහාර පිසීමේ හැකියාවක් ලැබෙනවා. මෙහිදී කරන ඕනි දෙයක් තමයි, ඔබ එම වැඩසටහන් වල විකාශනය වන රෙසිපි ලියා ගන්න කුකරි බුක් එකක් භාවිත කරන එක. ලිව්වට විතරක්ම මදී. එය අත්හදා බලන්නත් ඕනි.


6. කුක් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න.

ඔබට පුළුවන් ඔබගේ පවුලෙම ඉන්න හොඳ කුක් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. සමහර විට ඒ ඔබගේ අම්මා වෙන්න පුළුවන්. ඉතින් නිවාඩු දවසට අම්මා එක්ක එකතු වෙලා උයන්න. මේ තුලින් ඔබට ලුණු අඹුල් පදමට දැමීම ගැන හොඳ අවබෝදයක් ලැබෙනවා. ඔබ අන්තර්ජාලය මගින් ලබන දැනුමට වඩා හොඳ දැනුමක් මින් ලැබෙනවා.


7. පුංචියට පටන් ගන්න.

හොඳ කෝකියෙක් බිහි වෙන්නේ පුංචි පුංචි අත්හදා බැලීම් තුළිනුයි. ඔබටත් ලොකු රෙසිපි හදන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උයන්න බෑ කියලා ඒක අතහරින්න නම් එපා. ඔබ වඩාත් පහසු රෙසිපි වලින් ආරම්භ කරන්න. අනිවාර්යෙන් මෙය තුලින් යම් දිනක ඔබට සාර්ථක කෝකියෙක් වෙන්න පුළුවන්.


8. හොදින් රස බලන්න.

ඕන කරන අමු ද්‍රව්‍ය තිබුනට හොදට උයන්න පුළුවන් වෙන්නේ නෑ. අවශ්‍යම දේ තමයි, රස බලන්න පුරුදු වෙන එක. රස බලලා ඔබට තීරනය කරන්න පුළුවන්, තව ලුණු ටිකක් තිබ්බොත් හොදයි. තව ඇඹුල් රස තිබ්බොත් හොඳයි කියලා. ඒ නිසා හොදින් රස බලන්න. රස අනුව අමුද්‍රව්‍ය එක කරන්න.


9. නිරවුල් මනසින් ආහාර පිසින්න පුරුදු වෙන්න.

ආහාර පිසීම කියන එක කලාවක්. ඉතින් අපි කෑමක් හදද්දී එයටම හිත යොමු කිරීම ඉතාම වැදගත්. ගෙදර අනෙක් වැඩ ඉවර කරලා ආහාර පිසීම ආරම්භ කරන්න. නැත්නම් මේ ආහාරය නියම රසයෙන් පිස ගන්න ඔබට බැරි වෙයි.


10. ඔබගේ හිතවතුන්ට රස විදින්න දෙන්න.

මෙය තුලින් ඔබව තවත් ආහාර පිසීම සඳහා දිරිමත් කරවී. ඔබ පිසින ආහාර වලින් හිතවතුන්ට සංග්‍රහ කරන්න. ඇතැම් විට ඔහුන් පවසන වැරදි වලින්, ඔබට තව තවත් වැරදි හදාගෙන රසවත්ව ආහාර පිසිමට හැකි වේවි.

SHARE