රුවෙකු මෙලොවට බිහිවන ස්වාභාවික ක්‍රමය ව්‍යවහාරයේදී සාමාන්‍ය ප්‍රසූතිය කියල හැඳින්වෙනකොට දරුවා සැත්කමක් මගින් මෙලොව එලිය දකින ක්‍රමය හැඳින්වෙන්නේ සිසේරියන් සැත්කම මගින්. හිතේ ඇතිවන බිය වගේම විවිධ සමාජයීය හේතු නිසා බොහෝ ගර්භනී මව්වරුන් මේ කාලයේදී තම දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කරගන්නට පෙළඹෙනවා. නමුත් ඒ සියල්ල හිතු මතේ තීරණය කරන්නට නොගිහින් මුලින්ම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.

ඉතින් මව් පදවිය ලැබීමේ බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම කාන්තාවන් මේ සාමාන්‍ය ප්‍රසූතිය, සිසේරියන් සැත්කම ගැන දැනුවත් වී සිටීම හරිම වැදගත්. ඒ නිසා අපි තීරණය කළා ලිපි කිහිපයක් මගින් ඒ ගැන දැනුමක් ඔබට ලබා දීමට. ඒ අනුව මේ ලිපියෙන් සිසේරියන් සැත්කම පිලිබඳ කතා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.

fb-like-beg


සිසේරියන් සැත්කම සිදුකරන ආකාරයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දක්වන්න පුළුවන්.

  1. සැලසුම් කළ සිසේරියන් සැත්කම
  2. හදිසි සිසේරියන් සැත්කම

ඒ මොනවාද කියා අපි දැන් වෙන් වෙන් වශයෙන් බලමු.

සැලසුම් කළ සිසේරියන් සැත්කමකදී සිදුවන්නේ වෛද්‍යවරුන් විසින් කල් තබාම මව සිසේරියන් සැත්කමකට භාජනය කළ යුතු යැයි නිර්දේශ කරලා ඒ සැත්කමට දිනයක් එහෙම නියම කරලා අවශ්‍ය කටයුතු සිදු කිරීම.

හදිසි සිසේරියන් සැත්කමකදී සාමාන්ජ්‍ය දැරූ ප්‍රසූතියකට සූදානම් කර සිටි මවකට හෝ දරුවාට හදිසියේ යම් සංකූලතාවක් ඇති වුවහොත් මව සිසේරියන් සැත්කමට භාජනය කර දරුවා මව් කුසෙන් පිටතට ගැනීමයි. මවගේත්, දරුවාගේත් ජීවිත බේරා ගැනීමට ඇති අවශ්‍යතාවය නිසායි මෙලෙස හදිසි සැත්කමක් සිදු කරන්නේ.


ශල්‍යකර්මය සිදු කරන ආකාරය

ශල්‍යකර්මයට පෙර මුත්‍රා ඉවත් කිරීම සඳහා බටයක් දැමීම සහ යටි බඩ කොටසේ රෝම ඉවත් කිරීම සිදු කරනව. ඉන් පසු මවගේ උදරය මතුපිට පිරිසිදු කර, ජීවානු හරිත ‍රෙදි වලින් වැසීම සිදුකරනව. ඉන් පසු උදරයේ පහලින් හරස් අතට සෙන්ටි මීටර 10ක පමණ කුඩා කැපුමක් යොදනව. මෙය සාමාන්‍යයෙන් bikini line incision ලෙස හඳුන්වන අතර එය යොදන්නේ උදරයේ පහලම යට ඇඳුමකට වැසෙන ප්‍රදේශයේ.

බොහෝ විට සිසේරියන් සැත්කම සිදු කරන්නේ මව පියවි සිහියෙන් සිටිය දී. නමුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍යකර්මයට පෙර ඇයගේ කොඳු ඇට පෙලට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමට ලක් කරනව. ඉන් පසුවයි ශල්‍යකර්මය ආරම්භ කරන්නේ.

ඉන් පසුව සමට යටින් ඇති ස්රථයන් විච්ඡේදනය කරමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා. ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින එක විවෘත කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. දරුවා ප්‍රවේශමින් එලියට ගැනීමෙන් පසුව පෙකණි වැල කැපීම සිදු කරනවා. දරුවාට මව් කිරි දීම ශල්‍යකර්මය අවසාන වීමට පෙරම ආරම්භ කල හැකියි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කර ගර්භාෂයේ ඇතුළත පිරිසිදු කරන අතර ඉන් පසුව පියවරෙන් පියවර කැපූ ස්ථර නැවත තිබූ තත්වයට මැසීම සිදු කරනු ලබන්නේ.


සැත්කමෙන් පසු

සිසේරියන්ශ ල්‍යකර්මයේ දී සමට යොදන්නේ බොහෝ විට දිය වන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දිය නොවන මැහුම් වර්ගයක් යොදා ඇත්නම් ශල්‍යකර්මයෙන් දින 5කට පමණ පසුව ඉවත් කර ගත යුතු වෙනවා.

ශල්‍යකර්මයෙන් පසු සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු වල යෙදීම හානිකර නැති වුවත් සති දෙකක් පමණ යන තෙක් බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. සැත්කමෙන් සති 6කට පසුව නැවත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙන නිසා උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයා සමඟ කතා බහ කර ඒ සම්බන්හාව අවශ්‍ය කටයුතු කිරීමත් කළ යුතු වෙනවා.

මී ළඟ ලිපියෙන්