මිනිස් සිරුර කොහොමත් සුවිශේෂී බව අප දන්නවා. ඒ සුවිශේෂී බව තවත් ඔප්පු කරවන සාධකයක් අපට හමු වුණා. ඒ තමයි නෝර්වීජියානු තුන් නිවුන් දරු ගැබිණියක් විසින්, කෙමෙන් කෙමෙන් වර්ධනය වන ඇගේ කුස සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ කල ඡායාරූප මාලාව. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


Maria Jorstad නොර්වේ කාන්තාවක්. ඇගේ සැමියා Anders. Maria ගැබ් ගෙන ගැහැනු ළමයින් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු අපේක්ෂාවෙන් සිටින අවධියේදී තමයි මේ ඡායාරූප මාලාව රැගෙන තිබෙන්නේ. ඔබට පහත ලින්ක් එකෙන් ගිහින් ඇයගේ මේ ඡායාරූප මාලාව නරඹන්නත් පුළුවන්. 

ඇගේ instagram ගිණුම මේ වන විටත් 200,000 කට වැඩි පිරිසක් අනුගමනය කරලා තියෙනවා.

“තුන් නිවුන් දරු උපතක් ගැන අපි සිහිනෙකින්වත් හිතලාවත් තිබුනේ නැහැ. ඒ නිසා එය පුදුමාකාර  අද්විතීය මොහොතක් වුණා.” ඇය ඇගේ ජීවිතය වෙනස් කල ස්කෑන් ප්‍රතිඵලය ගැන HuffPost UK වෙබ් අඩවියට අදහස් දැක්වුයේ ඒ විදිහටයි.

“එය දැන ගත් මොහොතේ මම ඇඬුවා. ඇන්ඩර්ස්ගේ පළමු අදහස වූයේ විශාල නිවාසයක් සහ මෝටර් රථයක් ලබා ගැනීම ගැනයි. මම කිසිවක් හිතා ගත නොහැකිව හඬමින් සිනාසුනා. නිරෝගී ළදරුවන් තිදෙනෙකු පයින් ගසන ආකාරය තිරය මත දැකීමට ලැබීම හරිම හැඟීම්බර ලෙස දැනුනා.” ඇය වැඩිදුර අදහස් දක්වමින් කීවාය.

ගැබිණි සමය මාරියාට තරමක් අපහසුකම් වලට මුහුණ දෙන්නට සිදු වුණා. කුසේ සමේ කැසීම් සහ වේදනාවන් ඇති වීම, නින්ද නොයෑමේ ගැටළු, වීදුරු මසේ තුවාල ඇති වීම, කුඩා දේවල් වලටත් සිත් වේදනාවන් ඇති වීම වැනි ගැටළු ඇයට පැන නැඟුනා. ඇයට මුහුණ දීමට සිදු වුනු බරපතලම ගැටලුව වන්නේ ඇගේ සිඟිත්තාව වඩා ගැනීමට නොහැකි වීමයි (ඇගේ වැඩිමහලු දරුවා).

පහත ඡායාරූප මාලාවෙන් පෙන්නුම් කෙරෙන්නේ සති 12- 34ත් අතර කාලයේදී ඇගේ ශරීරයේ වෙනස්කම් සිදු වුනු ආකාරයයි.

දරු තුන් දෙනෙකුත් කුස දරාගෙන, නොවැටී සිටගෙන සිටීමට හැකි වීම ගැන ඇයට පුදුම බවත්, ඉහත ඡායාරූප මාලාවත් ඇය ඇගේ instagram ගිණුමට එකතු කළා. දසත මව්වරුන් ඔවුන්ගේ instagram ගිණුම් හරහා ඇයට සුභ පැතුම් එකතු කරමින් ආශිර්වාද කළා.

දිවා කාලය සහ රාත්‍රිය පුරාවට දරු තිදෙනාගේ චලනයන් ඇගේ සිරුරට අපහසුවක් එක් කළා. ඉතින් ඇය දරු උපත සිදු වන දිනය තෙක් ඇඟිලි ගනිමින් බලා සිටි බවත්, අවසාන දවස් 16 තුල විවේක ගනිමින් රුපවාහිනී කතා මාලා නරඹමින් විවේක ගත් බවත් ඇය පවසනවා. ඉතින් ඇගේ සුරතලුන් තිදෙනා පසුගිය සැප්තැම්බර් 12 වන දින බොහොම නිරෝගිව උපත ලැබුවා.

 

      

SHARE