දෑත් දිහා බලලා අනාවැකි කියන අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් අපි කියන්නේ ඒ වගේ අනාවැකි නම් නෙවෙයි. අපි කියන්නේ ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කීපයකුයි. ඔබේ අත් වල ඇති වන ලක්ෂණ දිහා බලලා ඔබේ සෞඛ්‍ය තත්වයේ ඇති යම් ගැටළුවක් හඳුනා ගැනීමට ලැබුනොත්, ඔබට පුළුවන් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ නිසා අපි හිතනවා අද goodhousekeeping.lk වෙබ් අඩවියේ පල වෙන මේ ලිපිය ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා.


fb-like-beg


01. රතු පැහැති අත්ල

වෛද්‍ය සටහන් වලට අනුව අත්ල රතු පැහැති වීමට බලපාන හේතුව අක්මාවේ ඇති ගැටළුවක් විය හැකියි. ඔබේ වයස අවුරුදු 50ට වඩා වැඩි නම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතු වීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝන වල අසමතුලිතතාවයක් ඇති වූ විට ලේ නහර පළල් වීමක් සිදු විය හැක. Rheumatoid arthritis තත්වය නිසාත් අත්ල රතු විය හැක. මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමු වීමත්, ඔබ ලබා ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා.


02. අත්ලට දහදිය දැමීම

අත්ලට දහදිය දැමීමට හේතු වන කරුණු 3ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහදිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහදිය දැමීම සාමාන්‍යයි. සමහරුන්ගේ අත්ල දහදියෙන් තෙත් වන්නේ මානසික ආතතිය ඇති වූ විටයි. ඔබේ මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා උපකාරී වන භාවනා ක්‍රම, යෝගා ව්‍යායාම ආදියේ නිරත වන්න. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්තියේ ඇති වන ගැටළුවක් නිසාත් මෙය විය හැකියි. ඔබ සිරුරට ලබා ගන්නා මත්ද්‍රව්‍ය නැවත්වීම වඩාත් සුදුසුයි. අඩුවක් නැති නම් වෛද්‍යවරයෙකු හමු වන්න.


03. අතෙහි සංවේදීතාවය ගිලිහි යාම (හිරිවැටීම)

අපි හැමෝටම හිටපු ගමන් මේ තත්වය දැනිලා තියෙනවා. සිරුරේ කොහේ හෝ ස්ථානයක යම් හිරි වැටීමක් ඇති වීම සාමාන්‍යයි. නමුත් ඔබේ අත නිතර නිතර හිරිවැටීම් වලට ලක් වෙනවා නම් එය ගැන අවධානය යොමු කළ යුතුයි. මෙසේ වන්නේ දිගු කාලයක් තිස්සේ සංවේදී නහරයක් තද වීමකට ලක් වීම නිසායි. මීට අමතරව මැණික් කටුවේ ඇති ආබාධයක්, දියවැඩියාව වැනි බරපතල රෝගී තත්වයක් නිසාත් මෙය සිදු විය හැකියි. මේ නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු විය යුතුයි.


04. වියලුනු අත්ල

බොහෝ විට අත්ල වියළි ස්වභාවයක් ගැනීමට හේතු වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ හිඟතාවයක් නිසා විය හැකියි. බොහෝ විට ආර්තවාහරණයත් සමඟ මෙය සිදු විය හැකියි. දිනපතා ජලය පානය කරන ප්‍රමාණය වැඩි කරන්න. සිරුර වේලීමට ලක් කරන පානයන් ලබා ගැනීමෙන් වලකින්න. අතට මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගැල්වීමට පටන් ගන්න. ඔබේ ආහාර වේලට ඇට වර්ග සහ මාළු එක් කර ගන්න. අඩුවක් නොවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමු වන්න.


05. අත් වෙව්ලීම

අත් වෙව්ලීම Parkinson’s Disease වැනි බරපතල රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙම තත්වයෙන් ඔබ බරපතල ලෙස පීඩා විඳිනවා නම්, තවත් බලා නොසිට වෛද්‍යවරයෙකු හමු වන්න. කෝපි සහ ඇල්කොහොල් ලබා ගැනීම සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න. ඇතැම්විට අත් වෙව්ලීම කාංසාව හෝ මානසික ආතතිය නිසා සිදු වීමත් විය හැකියි.


06. නියපොතු වල දුර්වලතා

නියපොතු බිඳී, පිපිරී දිස් වන්නේ සින්ක් දුර්වලතාවය නිසායි. සින්ක් ඔබේ සෞඛයයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වෙනවා. තුවාල ඉක්මනින් සුව වීමට, සෛල වල ක්‍රියාකාරිත්වයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගි බවට සින්ක් පෝෂකය අත්‍යවශ්‍යයි. ඔබේ ආහාර වේලට ඕට්ස්, මස්, ඇට වර්ග වැනි සින්ක් අඩංගු ආහාර එක් කර ගන්න. වෛද්‍ය උපදෙ මත සින්ක් අඩංගු විටමින් පෙති ලබා ගන්න.


07. ඇඟිලි වල කොනක් මහත් වීම

ඔබේ ඇඟිලි සාමාන්‍ය ඇඟිලි වලට වඩා වෙනස්ව, ඇතැම් ස්ථාන මහත්ව (මුරුංගා කරල් ලෙස) තිබේ නම්, ඒ ගැන ඔබේ අවධනය යොමු කරන්න. මෙසේ මහත් වන්නේ නියපොත්ත පිහිටි ප්‍රදේශයයි. ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම, හදවත් රෝග, පෙනහලු පිළිකා වැනි තත්වයකදී මෙසේ විය හැකියි. වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගන්න.

SHARE