හර ගැට ගැසීම පිළිබඳව වැඩිපුරම මැසිවිලි නඟන්නේ කාන්තා පාර්ශ්ව‍යයි. ඒ අතරින් ද ගර්භනී කාන්තාවන් තමයි බහුලව දකින්න ලැබෙන්නේ. වේදනාකාරී එමෙන් ම අවලස්සන නහර ගැට ගැසීමක් ස්ථිරවම සුව කරගත හැකි ද? නහර ගැට ගැසීම සඳහා ඇති ප්‍රතිකාර මොනවාද යන්න පිලිබඳ මේ පිළියෙන් සාකච්ඡා කෙරෙනවා

fb-like-beg


නහර ගැට ගැසීම කියන්නේ?

හෘදයෙන් පොම්ප කරන පිරිසුදු රුධිරය අපේ සිරුර පුරා බෙදා හරින්නේ ධමනි මඟින්. එහි දී සංවෘත රුධිරවාහිනී පද්ධතියක් තුළ ගමන් කරන රුධිරය කේශ නාළිකාවලින් සෛල කරා ළං වී නැවත හෘදය කරා ගෙන එන්නේ ශිරා මඟින්. අත් සහ පාදවල සමට යටින් පෙනෙන්නට තිබෙන ‘නහර’ ලෙස හඳුන්වන්නේ එම ශිරාවන්.

ඒ ශිරා ධමනි මෙන් සවිමත් නොවේ. ඒවායේ බිත්ති තුනී ස්වභාවයක් ගන්නා අතර පහසුවෙන් වක ගැසෙන සුලුයි. ඒ හේතුව නිසා ම ඒවායෙහි රුධිරය රැඳීම පහසුයි. ශිරාවලින් රුධිරය ගමන් කරන්නේ ද හෘදය දෙසට පමණයි. ඊට හේතුව ශිරාව තුළ පිහිටි කපාටයි.

අප දෙපයින් සිට ගත් විට පතුල් වෙත ආ රුධිරය නැවත හෘදය කරා ගෙන ඒමට අපහසු යි. ඒ නිසා කකුල්වල පිහිටි ශිරා තුළ ඇති කපාට දුර්වල තත්ත්වයට පත් වේ. සමහරුන්ගේ කුකුල්වල ශිරා විශාල වී වක ගැසී ගැට ගැසුණ සේ පෙනෙන්නේ එවැනි අවස්ථාවන්හි දී යි. සාමාන්‍ය ව්‍යවහාරයේදී නහර ගැට ගැහී ඇතැයි පවසන්නේ එම තත්ත්වයටයි. ඉංග්‍රීසි බසින් එය ‘වැරිකෝස් වෙයින්ස්’ ලෙස හැඳින්වෙනවා.


නහර ගැට ගැසීමට බලපාන හේතු

  • දවසේ වැඩි වෙලාවක් සිටගෙන රැකියා කිරීම – මුර සේවය වැනි සිටගෙන රැකියාවල යෙදෙන අයගේ කකුල්වල වැඩිපුර නහර ගැට ගැසෙන බව පෙනී ගොස් තිබෙනවා.
  • කකුලේ යම් තැනකට අනතුරක් සිදු වී තිබෙම නිසා ඒ ස්ථානයේ නහර ගැට ගැසීමකට ලක්වීම
  • කකුල්වල ඇතුළත පිහිටි ශිරාවන්හි රුධිර කැටි හිරවීම
  • තරබාරු බව
  • ආරය

ගැට ගැසුණු නහර මත ඇතිවෙන කල්පවත්නා තුවාල, දද සහ වේදනාව

සමහර අයගේ එසේ සිදුවිය හැකියි. ඒ වගේ ම මේ තුවාල පහසුවෙන් සුව කිරීමට ද අපහසුයි. යම් හෙයකින් එවැනි තුවාලයකින් රුධිරය වහනය වන්නට පටන් ගත්තේ නම් සිරුරෙහි ඇති රුධිරය විශාල ලෙස පිට වී රෝගියා කම්පනයට පත් වී මිය යා හැකි යි.

එවන් තත්වයකදී දිය හැකි ප්‍රථමාධාර

එවැනි අවස්ථාවක ඔබ කළ යුතු වන්නේ ඉතා ම සුළු දෙයක්. මුලින් ම රෝගියා නිදි කරවා (හාන්සි කරවා) ලේ ගලන තුවාලය සහිත පාදය ඉහළට ඔසවන්න. එවිට රුධිරය වහනය ඉබේ ම නතර වී යයි. මෙවැනි රෝගීන් ද මේ ප්‍රථමාධාරය දැන සිටීම ඉතා වැදගත්.

මෙම තුවාලටවලට අමතරව වක ගැසුණු ශිරා සම මතුපිටට ළං ව පිහිටන නිසා ඒවා පහසුවෙන් ම අනතුරට භාජනය විය හැකියි. ශිරා තුළ තැන්පත්වන අපිරිසුදු රුධිරය කැටි ගැසී ආසාදනයට ලක් වී Thromboplebitis නම් තත්ත්වය ඇතිවිය හැකියි. එම හේතුව නිසා ගැට ගැසුණු නහර රතු පැහැ වී වේදනාකාරී ස්වභාවයක් ඇති විය හැකියි.

එමෙන්ම නහර ගැට ගැසුණු සමහර අය ගේ කකුල්වල පහළ කොටසේ දද හට ගත හැකියි. මෙම ‘දද’ ආලේපන මඟින් තාවකාලිකව සුව කළ හැකි වුව ද නිට්ටාවට ම සුව වන්නේ ගැට ගැසුණු නහර ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළේ නම් පමණයි.


නහර ගැට ගැසුණු අයට කළ හැකි ප්‍රතිකාර මොනවාද?

එවැනි රෝගීන්ට ප්‍රධාන ප්‍රතිකාර ව‍ර්ග තුනක් හඳුන්වා දිය හැකියි.

ශල්‍ය කර්මයක් මඟින් වක ගැසුණු ශිරා ඉවත් කිරීම, වක ගැසුණු ශිරා තුළට නික්ෂේපණ හෙවත් එන්නත් මඟින් ඖෂධ ලබාදී ඒවා හැකිලීම, සහ වක ගැසුණු ශිරා මත ඉලාස්ටික් බැන්ඩේජ් එතීම හෝ ඉලාස්ටික් මේස් ඇඳීම එහි දී කළ හැකියි.

SHARE