ලුණු වල අඩංගු ඛනිජ වර්ග දෙක වන්නේ Sodium (Na) සහ Chloride (Cl) වේ. මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය Sodium ප්‍රමාණය 2300mg වුවත්, අප සාමාන්‍යයෙන් දිනකට Sodium 3400mg පමණ භාවිතා කරනවා. පමණ ඉක්මවා ලුණු භාවිතා කිරීමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් ඇති වෙන්න පුළුවන්. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබ පමණට වඩා ලුණු භාවිතා කරනවාද යන්න හඳුනා ගැනීමට උපකාරී වන ලිපියකුයි.


fb-like-beg


1 සිරුරේ තැනින් තැන ඇති වන ඉදිමීම්

හැමදාම දාපු මුද්ද දා ගන්න බැරිව ඔබේ ඇඟිලි ඉදිමිලා වගේ ඔබට දැනෙනවාද? උදේ නැගිටිනකොට ඔබේ දෑස්, දෙපා ආදිය අසාමාන්‍ය ලෙස ඉදිමිලා තිබෙනවද? බොහෝ විට මෙහෙම සිදු වෙන්නේ සිරුරේ ඇති ලුණු ප්‍රතිශතය ඉහල යන විටයි.

2 පමණට වඩා දැනෙන පිපාසය

සිරුරේ අඩංගු ලුණු ප්‍රමාණය වැඩි වූ විට, ද්‍රව ප්‍රමාණය පහල බසිනවා. ඔබ ලුණු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වන තරමට ඔබට ජලය වැඩියෙන් අවශ්‍ය වෙනවා. නැතිනම් ඔබේ සිරුරේ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය අඩු වෙනවා. ලුණු වැඩිපුර ආහාරයට ගෙන, ජලය පානය කිරීම අඩු කලොත් ඔබේ සිරුරේ සෛල විජලනයට ලක් වෙනවා.

3 මුත්‍රා වල වෙනස්කම් ඇති වීම

ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු වලට වැඩියෙන් වෙහෙස වී, ඒවා සිරුරෙන් පිට කිරීම සඳහා ක්‍රියා කරන්නට සිදු වෙනවා. මෙවිට ඔබේ වකුගඩු වල රෝගී තත්වයක් ඇති විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රා වල වර්ණය ඉතා පැහැදිලි වීමත්, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමත් සිදු විය හැකියි.

මීට අමතරව, සිරුරේ ලුණු වැඩි වීම නිසා සිරුර විජලනයට පත් වෙනවා. එසේ වීමෙන් මුත්‍රා තද කහ පැහැයකින් යුක්ත වීමටත්, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීමත් සිදු වෙනවා.

4 ඇටකටු වල වේදනා ඇති වීම

ලුණු භාවිතය නිසා ඇටකටු වල ශක්තිමත් බවට ගැටළු ඇති වෙනවා. ඔබ පමණට වඩා ලුණු ආහාරයට ගන්නා විට ඔබේ වකුගඩු දැඩි වෙහෙසකට පත් වෙනවා. වකුගඩු වලට ඒවා සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට අපහසු වෙනවා. ලුණු වැඩි වීම නිසා, කැල්සියම් අඩු වෙනවා. නිදන්ගත කැල්සියම් ඌනතාවය, ඇටකටු  දුර්වල වීම, දත් වල ගැටළු ඇති විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් වර්ධනයටද හේතු විය හැක.

5 කෙණ්ඩා පෙරලීම

නිවැරදි සෝඩියම්-පොටෑසියම් සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අතර, මෙම රසායනිකමුලද්‍රව්‍ය මාංශ පේශි හැකිලීමට හේතු වෙනවා. ඔබ  ලුණු ආහාර නිතර ලබා ගැනීමෙන් ඔබේ මාංශ පේශි තුළවේදනාව ඇති වීම, පෙරලීම සිදු විය හැකියි.

6 දිගු කල් පවතින හිසරදය

අධික සෝඩියම් පරිභෝජනය ඔබගේ රුධිරයේ ඝනත්වය වැඩි කරවන අතර, එය ඔබගේ රුධිර නාල පළල් කරමින්, එයට පීඩනයක් එකතු කරනවා. රුධිර නාල වල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය හට ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි හිසරදයක් හට ගන්නවා.

7 මතක ශක්තිය, තර්කානුකුල හැකියාව අඩු වීම

ලුණු භාවිතය අධික වීම හේතුවෙන් ඇතිවන අධි රුධිර පීඩනය ඔබේ මොළයට රුධිරය සපයන ධමනි වලට හානි කරනවා. මෙය නිසා ඔබේ සිතීමේ හැකියාවට හා දිනපතා කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට අපහසු විය හැකිය.

ඊට අමතරව නිරන්තර විජලනය දුර්වල මතකයට, විඩාපත් භාවයට සහ මන්දගාමී බවට හේතු වෙනවා.

 

     

SHARE