මානසික ආතතිය අප ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක ඇති විය හැකි දෙයක්. යම් වගකීමක් ඉටු කිරීමට ඇති විට, යම් අරමුණක් වෙනුවෙන් මහන්සි වන විට යම් මානසික ආතතියක් ඇති වීම ඉතාමත් ස්වාභාවිකයි. නමුත් ඔබ නොදැනුවත්වම ඔබේ මානසික ආතතිය ඉහල ගියොත් නම්, එය හොඳ ලකුණක් නොවේ. මානසික ආතතිය ඉහල යෑමෙන් ඔබට රෝගී වන්නට සිදු වනු ඇත. මේ නිසා මානසික ආතතිය වැඩි වන බව කලින්ම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම වැදගත් බව ඔබට වැටහෙනවා ඇති. අද අපි අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ ඔබේ මානසික ආතතිය ඉහල යමින් පවතින බව හඳුනා ගත හැකි ලක්ෂණ කීපයක් පිළිබඳවයි.


fb-like-beg


6 මතක ශක්තිය අඩු වෙන බව දැනීම

යමෙකුගේ මානසික ආතතිය ඉහල ගිය විට ඔහුගේ මතක ශක්තිය දුර්වල වී යා හැකියි. යමක් තැබූ තැන අමතක වීම, කරන්නට තීරණය කල වැඩ රාජකාරි අමතක වී යාම වැනි සුළු අමතක වීම් වුවද විය හැකියි. විභාගය ආසන්න වුනු සමහර දරුවන්ට පාඩම් කල සියල්ල අමතක වී යන්නටත් හේතු වන්නේ මේ අනවශ්‍ය මානසික පීඩනයයි. මෙයට හේතු වන්නේ මානසික පීඩනය ඉහල ගිය විට නිපදවෙන කොටිසෝල් හොමොනයයි. එම හෝමෝනය විසින් මිනිසාගේ මතක ශක්තිය, යම් අරමුණකට කේන්ද්‍ර ගත වීමේ හැකියාව ආදිය බිඳ හෙළනවා. මෙම ගැටලුව භාවනා කිරීම මඟින් මඟ හරවා ගත හැකියි.

7 හිස කෙස් වැටීම

මානසික ආතතිය ඇති වූ විට හිස කෙස් වැඩිපුර ගිලිහි යාම දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. හිස කෙස් පීරිමේදී මෙන්ම ස්නානය කිරීමේදීත් වෙනදාට වඩා හිස කෙස් ගිලිහි යන බව ඔබටම දැනෙනු ඇත. මෙයට හේතුව වන්නේ මානසික ආතතිය ඇති වූ විට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටීමයි. කෙසේ වෙතත්, මානසික ආතතිය අඩු කර ගැනීමට පියවර යෙදූ පසු, හිස කෙස් වැටීම පාලනය වෙනවා.  

8 දවස පුරා දහදිය දැමීම

ශීතල කාලගුණයකදී වුවත් ශරීරය රත් වීම, දහදිය දැමීම මානසික ආතතියට ගොදුරු වෙමින් සිටින අයෙකුගේ විශේෂ ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙයට හේතුව වන්නේ මානසික ආතතිය ඉහල ගිය විටදී හුස්ම ගැනීමේ වේගය ඉහල යාම, හදවතේ ස්පන්දන වේගය ඉහල යාම වැනි දේය.

9 රුධිරගත සීනි මට්ටම පහල වැටීම

මානසික ආතතියට ගොදුරු වූ අයෙකුගේ රුධිරගත සීනි මට්ටම නොසිතු ලෙස පහල බසින්නට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස හිස කැරකැවීම, සිරුරේ අප්‍රාණික ස්වභාවය, ක්ලාන්තය ඇති විය හැකියි.

10 සමේ ලප ඇති වීම (stress hives)

මෙය සමේ ආසාදනයකි. බැලූ බැල්මට පෙනෙන්නේ අසාත්මිකතාවයක් හෝ දිලිර රෝගයක් නිසා ඇති වූ තත්වයක් ලෙසිනි. නමුත් මෙසේ සම මත ලප ඇති වන්නේ මානසික ආතතිය වැඩි වූ විට විය හැකිය. වෛද්‍යවරයෙකුට පෙන්වීම මඟින් එය තහවුරු කර ගත හැක. මානසික පීඩනය වැඩි වූ විට සිරුරෙන් නිකුත් කෙරෙන රසායනිකයන්ගේ ස්වභාවය අනුව මේවා ඇති වේ. මීට අමතරව මානසික පීඩනය වැඩි වීමත් සමඟ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන නිසා, වෙනදාට අසාත්මික නොවූ ආහාර වර්ග, සහ සබන් වර්ග වල බලපෑමෙන් මෙම සමේ ආසාදන ඇති විය හැකිය.

  

SHARE