නාවැකි අහන්න අපි කවුරුත් කැමතියිනේ. අනාවැකි පළ කරන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් අද අපි හදන්නේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ඔබ නිදා ගන්න ඉරියව්ව දිහා බලල ඔබ ගැන අනාවැකියක් කියන්න.


fb-like-beg


1. ඔබ නිදා ගන්නේ දණහිස් එකට තබාගෙනයි. ඔබේ විශේෂ ලක්ෂණය තමයි සන්සුන් බව. ඔබව විශ්වාස කටයුතු අයෙක්. ඔයාව තරහ ගස්සන්න හරි අමාරුයි. ඔයා එක්ක කවුරුත් ලේසියෙන් තරහ වෙන්නෙත් නෑ. ඔයා ඔයාගේ අනාගතය ගැන බය වෙන කෙනෙක් නෙවෙයි. එපා වෙන, දුක්බර හෝ බලාපොරොත්තු බිඳ වැටුණු මොහොතක වුනත් ඔයාට පුළුවන් හිනා වෙලා ඉන්න. ඔයාට ජීවිතයේදී මුහුණපාන්නට සිදු වෙන ප්‍රශ්න, හිත රිදවීම් වලට අනුව හැඩ ගැහෙන්න විශේෂ හැකියාවක් ඔයාට තියෙනවා.

2. ඔබ නිදා ගන්නේ ගුලි වෙලා. හරියට මව්කුසක ඉන්න විදිහටයි. ඔයාට ආරක්ෂාව, තේරුම් ගැනීම සහ අනුකම්පාව අවශ්‍යයි. ඔයා ගුලි වෙලා ඉන්නේ ඔයාගේ ප්‍රශ්න වලින් බේරෙන්න සහ ලෝකයෙන් සැඟවෙන ආකාරයටයි. ඔයාට චිත්‍ර ඇඳලා, ලිවීම ප්‍රගුණ කරලා හෝ නර්තන අංශයෙන් ඉදිරියට යන්න පුළුවන්.

3. ඔයා නිදා ගන්නේ බඩ යටකරගෙන, අත් පා විහිදුවාගෙන නම් ඔයා තුල නායකත්ව ගති ලක්ෂණ තියෙනවා. ඔබ ටිකක් අවේගශිලියි, කලබලයි. ඕනෙම දෙයකදී මුල් පියවර තබන්න පැකිලෙන්නේ නැහැ. ඔබගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතය පටලවා නොගැනීමට ඔබ වග බලා ගත යුතුයි. ඔයා දෙයක් කරද්දී කල් තියා ගොඩක් සැලසුම් කරලා තමයි ඒ දේ කරන්නේ. හදිසි වැඩ ඔයාට අල්ලන්නේ නැහැ. ඔයාගේ තියෙන වගකිම්සහගත බව ඔයාට විශාල සාර්ථකත්වයක් ලබා ගැනීමට උපකාරි වෙනවා.

4. ඔයා නිදා ගන්නේ උඩු අතට, එක් අතක් පමණක් ඔසවාගෙන නම්, ඔයා ඔයාගේ ජීවිතේට ගොඩක් ආදරේ කරන සහ ධනාත්මක සිතුවිලි වලින් පිරුණු පුද්ගලයෙක්. ඔබට ආදරය කරන පිරිස් එක්ක ඔබ ගැවසෙනවා. හැබැයි ඔබ හිතුමතේ, මුරණ්ඩු ලෙස තීරණ ගන්නවා. නමුත් ඔබ ගන්නා තීරණ බුද්ධිමත් ඒවායි. නිතරම ඇත්ත පැවසීමටයි උත්සාහ කරන්නේ. මේ ඉරියව්වෙන් නිදන අය බොහොම ශක්තිමත් පෞරුෂයකින් යුක්ත අය කීවොත් නිවැරදියි.

5. ඔයා නිතරම හොඳ අවධානයකින් ඉන්න කෙනෙක්. ඕනේ දේකට ගැලපෙන්නට හැඩ ගැහෙන්න දන්නවා. තමන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගන්න මුළු හිතින්ම කැප වෙලා වැඩ කරන කෙනෙක්. ඔබ දැඩි ගතිගුණ සහිත, ආකර්ෂණීය හා බලසම්පන්න පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි.

6. ඔබ නිදා ගන්නේ එක කකුලක් උඩට එසවෙන සේ තබාගෙන නම්, ඔයාගේ පෞරුෂය ගැන කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න බැහැ. ඔයාගේ ආකල්ප සහ සිතුවිලි ඉක්මනින් වෙනස් වෙනවා. ඔයාගේ මූඩ් වෙනස් වෙන විදිහ තේරුම් ගන්න බැරිව ඔයාගේ වටේ ඉන්න අනිත් අයත් අපහසුතාවයට පත් වෙනවා. තීරණ ගන්නකොට ඔබ පසුබහිනවා. සෘජුව තීරණයක් ගන්න ඔබ බිය වෙනවා. ඔයාට ස්ථායි වෙන්න, සාමයෙන් සහ විවේකයෙන් ඉන්න, සම්පුර්ණ ජිවිතයක් ගත කරන්න කැමැත්තක් තිබෙනවා.   

 

     

SHARE