පෙ

ම්වතිය මොන තරම් අවංක වුනත් ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇති බව, ඇය වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පවත්වන බව සැක කිරීම ලිංගික ඊර්ෂ්‍යාව ලෙස හඳුන්වනවා. මෙය ගැහැණු අය තුලත් පවතිනවා. තමන්ගේ පෙම්වතා තමාට රහසින් වෙනත් ගැහැනුන් සමඟ ආදරයෙන් බැඳී සිටින බවත්, ලිංගික සබඳතා පවත්වන බවත් එවැනි කාන්තාවන් විශ්වාස කරන්නට පෙළඹෙනවා. මෙම ගැටලුව ප්‍රේම සම්බන්ධතා දෙදරා යාමටත්, සිත් රිදවීම් ඇති වීමටත් ප්‍රධාන හේතුවක් වෙනවා.

 


fb-like-beg


 

සමීරත්, පෙහන්සාත් බලාගෙන හිටියේ බස් එක එනකම්. පෙහන්සා හිටියේ බිම බලාගෙනමයි. ඇය සමීරත් එක්ක ඉද්දි ඔලුව උස්සලා මඟ තොට බලන්න හරි බයයි.

එක සැරේම ඔවුන් දෙදෙනා ගාවටම ඇවිත් වාහනයක් නතර කළා. වාහනයේ හිටියේ එහා ගෙදර අයිතිකරු පෙරේරා මහත්තයා.

“සමීර පුතා, යමු මාත් එක්කම. බස් එක එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ.” පෙරේරා මහත්තයා කතා කරනකොට පෙහන්සා වෙව්ලලා ගියා. ඊළඟට වෙන්න යන විනාශය ඉවෙන් වගේ දැනුනු පෙහන්සා අසරණව බිම බලාගෙනම හිටියා.

“ඕනේ නැහැ පෙරේරා මහත්තයා. අපි මේ බලාගෙන ඉන්නේ මගේ යාලුවෙක් එනකම්. බොහොම ස්තුතියි කතා කලාට.” සමීර බොහොම ආචාරශිලිව කියද්දී පෙරේරා මහත්තයා යන්න පිටත් වුණා.

ඒත් ඊළඟ මොහොතේ සමීර පෙහන්සා දිහාට හැරුනේ යකෙක් වගේ.

“අර නාකියාට මොකද්ද තියෙන අමාරුව අපිට වාහනෙන් යන්න කතා කරන්න? උඹ බස් එකේ ගියොත් උගේ හිතට හරි නෑලුද?” සමීර කෝපයෙන් පිපිරෙමින්, ඒත් වටේ ඉන්න කිසිම කෙනෙක්ට නොඇසෙන විදිහට පෙහන්සාගෙන් ඇහුවා.

පෙහන්සට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ. මොකද තමන් මොන දේ කිව්වත් සමීර තමන්ව සැක කරන එක නවත්තන්නේ නැති බව පෙහන්සා අත්දැකීමෙන්ම දැනගෙන හිටියා.

සමීරගේ මේ අසාමාන්‍ය සැකය මානසික රෝගයක ලක්ෂණයක් කියලා පෙහන්සා දැනගෙන හිටියේ නැහැ.

මේ මානසික රෝගය හඳුන්වන්නේ Sexual Jealousy” කියලයි.

Sexual Jealousy රෝගයෙන් පෙලෙන පෙම්වතෙකුගේ ලක්ෂණ

  • බාහිර පුද්ගලයෙකුගේ අවධානය පෙම්වතිය වෙත යන්තම් හෝ ලැබුනොත් ඒ ගැන චෝදනා කිරීම.
  • පෙම්වතිය විසින් සිදු කරන සෑම ක්‍රියාවක් පිළිබඳවම ප්‍රශ්න කිරීම.
  • පෙම්වතියගේ දුරකථන ඇමතුම් ඇතුළු සෑම සන්නිවේදන ක්‍රමයක් ගැනම ප්‍රශ්න කිරීම.
  • පෙම්වතිය යම් රාජාකාරියක් සඳහා පිටතට ගිය විට පවා නොනවත්වා ඇයට කතා කරමින් ඔබ සිටින තැන, කරන දේ වැනි සුළු සුළු දේ විමසීම.
  • පෙම්වතියගේ ගතිගුණ ගැන ගැටළු ඇති කර ගැනීම. ඒවා වෙනස් කර ගැනීමට බලපෑම් එල්ල කිරීම.
  • පෙම්වතියව හුදෙකලා කිරීමට උත්සාහ ගැනීම.
  • පෙම්වතිය ප්‍රිය කරන දේවල් ඇගෙන් ඉවත් කරමින් පලි ගැනීමට උත්සාහ කිරීම.
  • පෙම්වතිය ඇසුරු කරන පුද්ගලයන් සීමා කරවීමට උත්සාහ දැරීම.  
  • පෙම්වතිය දැඩි නීති වලට යටත් නොවී නිදහසේ සිටීමට උත්සාහ දරද්දී ප්‍රේම සම්බන්ධය නිමා කරන බව පවසමින් බිය වැද්දීම.
  • හිංසාවන් වලට ලක් වීම නිසා පෙම්වතියගේ ලිංගික හැසිරීමේ ගැටළු ඇති වේ. එවැනි අවස්ථා වලදී ඇයටම දෝෂාරෝපණය කිරීම.
  • පෙම්වතියව විශ්වාස නොකිරීම.
  • තම පෙම්වතිය කොයි වේලේ හෝ තමාව අත් හැර දමාවි යැයි මානසික පීඩනයෙන් සිටී.
  • පෙම්වතියට ප්‍රචණ්ඩත්වයෙන් සලකයි. වචන වලින් හෝ පහර දීමෙන් රිදවා තමාට නතු කරගෙන තබා ගැනීමට උත්සාහ කරයි.
  • පෙම්වතියට වෙනත් සබඳතා ඇති බව කියමින් නිතරම බැන වදී. පසුව එයට නිදහසට කරුණු කියයි.
  • තමාගේ හැසිරීම වැරදි බව පිලි නොගන්නා අතර, පෙම්වතිය වැරදි බව කියයි.

මෙවැනි පුද්ගලයන් තම පෙම්වතිය වෙනත් ප්‍රේම සබඳතාවයක් පවත්වන බව සිතින් මවා ගනී. මෙම තත්වය Delusional Disorder ලෙස හඳුන්වයි. මෙවැනි සහකරුවෙකු සිටින පුද්ගලයන් බොහෝ විට මානසික ආතතිය, විශාදය වැනි බරපතල ගැටළු වලට ලක් වේ.  

SHARE