ජී

විතය කියන්නේ සුන්දර දෙයක් කියලා පොත් පත් වල ලියවුනාට සමහර වෙලාවට ඒ දේ අත්තක් නෙවෙයි. ජිවත් වෙද්දී පුංචි පුංචි ගැටළු ඇවිත් ඔබේ සිත රිදවන අවස්ථා ඇති. සතුටත් දුකත් අතර දෝලනය වෙන ඔබේ ජීවිතය රසබර කර ගන්න හොඳ ක්‍රමයක් තමයි මනෝ විද්‍යාත්මක උපක්‍රම ගැන දැනුවත්ව සිටීම. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ එවැනි රහස් කීපයක් ගැන කතා කරන්න තීරණය කළා.

 


fb-like-beg


 

5 ඔබට අවශ්‍ය දේ කරවා ගැනීමට මිනිසුන්ගේ අනුමැතිය ලබා ගන්නේ මෙහෙමයි

ඔබේ නිවසේ මේ වන විට ඇත්තේ සුප් පමණක් යැයි උපකල්පනය කරන්න. ඔබේ නිවසට හදිසියේ පැමිණි අමුත්තෙකුගෙන් “සුප් ටිකක් බොමුද?” ඇහුවොත් ඔවුන් එයට කැමති වීමට වගේම, ප්‍රතික්ෂේප කිරීමටත් ඉඩ තියෙනවා. “සුප් එපා. තේ ටිකක් බොමු.” කියලා ඔවුන්ගෙන් කියවෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී මෙසේ විමසන්නට හුරු වෙන්න.

“ඔයාලා සුප් බොන්න කැමති දැවිල්ල රහ වැඩියෙන්ද? දැවිල්ල අඩුවෙන්ද?” එවිට ඔවුන් සුප් බඳුන ප්‍රතික්ෂ කිරීමට තියෙන්නේ හරිම අඩු සම්භාවිතාවක්. ඔවුන් එවිට තෝරා ගන්නේ දැවිල්ල අඩු සුප් හෝ වැඩි සුප් යන දෙකෙන් එකකි.

ඔබට යමෙකුගෙන් පොතක් අවශ්‍ය නම් “ඔයාට මට ඒ පොත දෙන්න පුලුවන්ද, බැරිද?” කියලා අහනවා වෙනුවට, “ඔයාට මට ඒ පොත හෙට දෙන්න පුලුවන්ද, නැත්තම් දවස් තුන හතරකින් දෙන්න පුලුවන්ද?” කියලා අහන්න.

6 ආකර්ශනීය වෙන්න පුංචි වරදකින් පුළුවන්

මිනිස්සු කොයි වෙලෙත් උත්සාහ කරන්නේ පරිපුර්ණ වෙන්න. පුංචිම වරදක්වත් නොකර ඉන්න. මොකද ඔවුන් බයයි වරදක් සිදු වුනොත් අනිත් අයගේ හිනාවට ලක් වෙන්න වෙයි කියලා. හැබැයි සුළු වරදක් දෙකක් සිදු වුනාමත් ඔබව අන් අයට ආකර්ෂණය වන බව ඔබ දන්නවාද?

වැරදි වෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ අතින්. එම වරද නිවැරදි කර ගැනීමට ඔබට උපකාර කරන්නට ඉදිරිපත් වන අය ඔබේ මිතුරන් වෙනවා. ඔබ එම වරද නිවැරදි කර ගත් විට අන් අය ඔබව විශ්වාස කරන්නට පටන් ගන්නවා. ඔබත් සාමාන්‍ය මනුෂ්‍යයෙකු බව ඔවුන්ට හැඟෙන නිසා ඔවුන්ට ඔබ එක්ක සිටීම හරිම පහසු වෙනවා. ඔබ ඉදිරියේ පරිස්සමින් ඉන්න, වැරදි නොකර ඉන්න ඔවුන්ට කරදර වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔබ සහ ඔවුන් අතර බොහොම නිදහස් සබඳතාවයන් ගොඩ නැගෙනවා.

 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

 

7 එක හා සමාන දේවල් ඇති පුද්ගලයන් එකිනෙකාට ආකර්ෂණය වෙනවා

එකම දේකට ප්‍රිය කරන අය, එකම පාසලකට ගිය අය, එකම නගරයේ අය කොහේදී හමු වුනත් මිතුදම් ඇති කර ගන්නවා. කලින් හඳුනාගෙන නොසිටියත් කතා බහේදී දෙදෙනා අධ්‍යාපනය ලබා ඇත්තේ එකම සරසවියෙන් බව හෙළි වුවොත්, අන් අයට සාපේක්ෂව ඔවුන් අතර බැඳීමක් ඇති වෙනවා. මේ නිසා පිරිසක් සමඟ කතා කිරීමේදී ඔබ කැමති දේවල්, ඔබට සිතෙන දේවල් සඟවාගෙන ඉන්න එපා. ඔබ ප්‍රිය කරන දේවල් ගැන නිදහසේ කතා කිරීමෙන්, එම දෙයටම ප්‍රිය කරන මිතුරන් ඔබ වටා එක් රැස් වේවි.

8 අනිත් අයට ප්‍රශංසා කරන්න

ඔබේ දවස යහපත් නැති නම්, ඔබ ඉන්නේ සිත් පීඩාවකින් නම් ඔබට පුළුවන් ඔබ වටා ඇති පරිසරය සුවදායි පරිසරයක් බවට හරවා ගන්න. පුරුද්දක් විදිහට ඔබ වටා ඉන්න අයව ප්‍රශංසා කරන්න. හැබැයි බොරුවට ප්‍රශංසා කරන්න යන්න නම් එපා. අවංකව අනිත් කෙනාගේ යහපත් ගතිගුණයක්, පෙනුම ආදී දෙයක් සොයාගෙන ප්‍රශංසා කරන්න. එයින් ඔවුන් සතුටට පත් වෙනවා. ඔබ වටා සිටින්නන් සතුටින් ඉන්න පටන් ගත්තම ඔබ වටා ඇති පරිසරය ඔබට සුවදායි පරිසරයක් ලෙස වෙනස් වෙනවා.

9 මිනිස්සු ඔයාගේ දිහා බලාගෙන ඉන්නේ නැහැ

සමහර පුද්ගලයන් ජිවත් වෙන්නේ පමණටත් වඩා සැලකිල්ලෙන්. තමන්ගේ රූපය, අඳින ඇඳුම, හැසිරෙන විදිහ, කතා බහ කරන විදිහ ආදී හැම දේම පරිපුර්ණ ලෙස කරන්නට උත්සාහ කරනවා. නමුත් එයින් ඔබට අනවශ්‍ය පීඩනයක් එකතු වෙනවා විතරයි.

මිනිස්සු මේ විදිහට අනවශ්‍ය පීඩනයකින් පරිපුර්ණ වෙන්නට උත්සාහ කරන්නේ අවට සමාජය තමන්ට හිනා වෙන්න බලාගෙන ඉන්නවා කියලා හිතාගෙනයි. ඒත් ඇත්තටම ඔබ දිහා එහෙම විමසිල්ලෙන් කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ වැඩ තියෙනවා.

SHARE