ජී

විතය කියන්නේ සුන්දර දෙයක් කියලා පොත් පත් වල ලියවුනාට සමහර වෙලාවට ඒ දේ අත්තක් නෙවෙයි. ජිවත් වෙද්දී පුංචි පුංචි ගැටළු ඇවිත් ඔබේ සිත රිදවන අවස්ථා ඇති. සතුටත් දුකත් අතර දෝලනය වෙන ඔබේ ජීවිතය රසබර කර ගන්න හොඳ ක්‍රමයක් තමයි මනෝ විද්‍යාත්මක උපක්‍රම ගැන දැනුවත්ව සිටීම. ඉතින් අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ එවැනි රහස් කීපයක් ගැන කතා කරන්න තීරණය කළා.

 


fb-like-beg


 

1 ඔබව නුරුස්සන කෙනෙක් සමඟ හිතවත්කමක් ගොඩ නගා ගන්නා ආකාරය

ජීවිතයේදී අපට මුණ ගැහෙන හැම කෙනාම අපිට හිතවත් වෙන්නේ නැහැ. හේතුවක් ඇතිව හෝ නැතිව සමහරු අනිත් අය එක්ක වැඩි ආශ්‍රයක් තියා ගන්න උනන්දු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ව ඔබට හිතවත් කර ගන්න උවමනාවක් තියෙනවා නම්, ඔබට කල හැකි මැජික් එකක් තියෙනවා. ඒ තමයි ඒ කෙනාගෙන් පුංචි උපකාරයක් ඉල්ලීම.

උදා: වරක් බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතාට ඔහුව එතරම් ප්‍රිය නොකරන පුද්ගලයෙක් සමඟ හිතවත් වෙන්න ඕනේ වුනා. ඉතින් ඔහු කලේ හරි අපූරු වැඩක්. ඒ පුද්ගලයා සතුව දුර්ලභ පොත් ගණනාවක් තිබුණා. ඔහු අර පුද්ගලයාගෙන් ඒ පොත් කීපයක් ටික දවසකට බලන්නට ඉඩ දෙන මෙන් ඉල්ලා බොහොම ආචාරශීලි ලිපියක් යැව්වා. ඉතින් ඒ පුද්ගලයා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ට ඔහු ඉල්ලා සිටි පොත් කීපය යැව්වා. දවස් කීපයකින් බෙන්ජමින් මහතා නැවත අර පුද්ගලයාට ඔහුගේ පොත් කීපයත්, ස්තුති කිරීමේ ලිපියකුත් යැව්වා. ඉන් පසුව සිදු වුනේ හරි පුදුම වැඩක්. දෙදෙනා නැවත මුණ ගැසුණු විට ඔවුන් දෙදෙනා අතර හොඳ මිතුදමක් ඇති වුනා.  

ඔබ එවැනි පුද්ගලයෙක්ගෙන් මුලින්ම ඉල්ලිය යුත්තේ ඔහුට ඉටු කිරීමට ගොඩක් පහසු, ඉතා සුළු උදව්වක්. ඔබට අවශ්‍ය නම් යම් කරුණක් පිළිබඳව ඔහුගේ මතය විමසා, ඔහුගේ මතය පැවසු පසු ඔහුට ස්තුති කරන්නත් පුළුවන්.

2 කෙනක් ඔබට කැමතිද කියලා හරියටම දැන ගන්න ක්‍රමය

අපිව ඇසුරු කරන අය අපිට කැමතිද අකමැතිද කියලා අපිට ඔවුන්ගෙන් අහන්න බැහැනේ. ඒක හොයා ගන්න හරි අපූරු ක්‍රමයක් තියෙනවා. යම් කෙනෙක් කතා කරද්දී එකම වචනය කිහිප වරක් කියවෙන අවස්ථා තිබෙනවා. ඔවුන් කතා කරනකොට පිට වෙන වචන වලින් එක වචනයක් මුලින්ම තෝරා ගන්න. අනිත් කෙනා ඒ වචනය කියන හැම වාරයක් පාසාම ඔබ යන්තමින් හිස වනලා (යමක් අනුමත කරද්දී හිස වනනවා වගේ) ඔහුට අවංක සිනහවකින් සංග්‍රහ කරන්න. ඔහු ඔබට කැමති නම්, ඔහුගේ කටින් ඒ වචනය ඉබේටම නිතර නිතර පිට වෙන්න පටන් ගනීවි.

3 සංසුන් වෙන්න නම් බබල්ගම් එකක් හපන්න

අපිට නොසිතු මොහොතවල් වල නොසිතු ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. බාහිර මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයන් නිසා අපේ හිතට තරහක් ඇති වෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ වෙලාවේදී අපේ සිරුරේ තියෙන කොටිසොල් හෝමෝනය ඉහල යනවා. එය නැවත සමනය කර ගන්න උදව් වෙන දෙයක් තමයි බබල්ගම් එකක් කියන්නේ. සැපීම නිසා හිසෙහි රුධිර සංසරණය වැඩි වීමත්, එහි ඇති රසයට ඔබේ සිත යොමු වීමත් නිසා කොටිසොල් හෝමෝනය පහල බසින බව කියවෙනවා.

4  කෙනෙක් එක්ක තියෙන මිතුදම තර කර ගන්න ඔහුට ඔබේ රහසක් කියන්න

ඔබට යම් පුද්ගලයෙක් එක්ක දැනට තියෙන සබඳතාවය වර්ධනය කර ගන්න අවශ්‍ය නම් ඔබට කල හැකි හොඳම දේ තමයි ඔහුට ඔබේ රහසක් පැවසීම. ඇත්තෙන්ම එය ලොකු වැදගත්කමක් තිබිය යුතු රහසක් නෙවෙයි. මොනවා හරි සාමාන්‍ය දෙයක් රහසක් බව පවසමින් අනෙකාට පැවසුවත් වරදක් නැහැ. එහි ප්‍රතිඵලය තමයි, අනිත් කෙනා තුල ඔබ ඔහුව විශ්වාස කරනවා යන හැඟීම ඇති වීම. වැදගත් රහසක් හරහා ඔබ දෙදෙනා අතර සම්බන්ධකමක් ඇති බව ඔවුන්ගේ සිත් තුලට කා වදිනවා.

SHARE