රුවෙක් කියන්නේ ඔබේ ජිවිතයට සතුට සැනසුම වගේම අළුත් වගකීමක්. එයට ඔබ මුහුණ දෙන ආකාරය ඔබේ වයසත් සමගම වෙනස් වෙනවා. ඇත්තටම මවක් වෙන්න සුදුසු වයසක් තියනවද? පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා අවුරුදු 35ට පසුව මවක් වීම ඉතාමත් වාසිදායක බව. මවක් වීමට සුදුසු අවම වයස වත්මන් වන විට වැඩි වෙමින් පවතිනවා. එයට හේතුව තමයි අවුරුදු 30, 40 කාල සිමාවලදී කාන්තාවකට තම ජීවිතය, සම්බන්ධතා වෘත්තිය සම්බන්ධයෙන් ස්ථාවර සහ ආරක්ෂාකාරී බවක් දැනෙන්නට ගැනීම. සාමාන්‍ය පිළිගැනීම වන්නේ අවුරුදු 35ට පසුව ගැබ් ගැනීම අනතුරුදායක බවයි. ඒ කුමක් වෙතත් නවීන විද්‍යාව විසින් අවුරුදු 35න් පසුව මවක් වීමේ වාසිදායක තත්වයන් සොයාගනිමින් පවතිනවා.

මුල් කාලීනව දක්වා තිබුණේ අවුරුදු 35න් පසුව දරුවකු ලැබීම ජිවිතය ගැන ආශාව වැඩිකරන බවයි. වත්මන වන විට නව පර්යේෂණයන් සොයාගෙන තිබෙන්නේ අවුරුදු 35න් පසුව දරුවෙකු ලැබීම තුලින් ඔබේ යහපත් මානසික තත්ත්වය වැඩි දියුණු කරන බවයි.


fb-like-beg


මේ අදහස ගම්‍ය වෙන්නේ කොහොමද?

අළුත දරුවන් ලැබුණු කාන්තාවන් 830ක් පමණ යොදාගෙන පර්යේෂකයන් විවිධාකාර පරීක්ෂණ මෙහෙයවමින් මෙම පර්යේෂණය සිදු කරන ලදී. එහිදී දත්ත දායකයන්ගේ සැලසුම් කිරීම දෘෂ්ටි කෝණය වාච්‍ය මතකය, සිහිය සහ අවධානය කෙසේද යන්නයි. එහිදී සොයාගත් කරුණු වුයේ අවුරුදු 24න් පසුව සිය ප්‍රථම දරුවා ලැබූ මවුවරු අවුරුදු 15ත් 24ත් අතර කාලය තුල දරුවන් ලැබූ මවුවරුන්ට වඩා ඉහල මානසික තත්ත්වයකින් සිටින බවයි. ඔවුන් අවුරුදු 35න් පසුව සිය ප්‍රථම දරුවා ලැබූ මවුවරු අනෙකුත් මවුවරුන්ට සාපේක්ෂව ඉහල මතකයක් සංජානන ශක්තියකින් යුක්ත වූ බව හඳුනා ගන්නා ලදී.


ඉහත සඳහන් ඉහල මානසික තත්වයට හේතුව කුමක්ද?

දරුවන් ලැබීමේදී ශ්‍රාවය වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන අවුරුදු 35න් පසුව දරුවන් ලැබීමේදී ශ්‍රාවය වීම කාන්තාවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට වැඩි වශයෙන් වැදගත් බවයි.

දරුවෙකු ලැබිය යුත්තේ කුමන වයසේදීද යන්න තිරනය කිරීම ලේසි පහසු නොවේ. වාසිදායක තත්ත්වයන් වගේම මේ වයසේදී මවක් වීමේ අවාසිදායක තත්ත්වයන්ද එමටයි. වැදගත්ම දේ තම ඔබ මේ දේවල් තීරණය කරන්න කලින් ඔබේ වෛද්‍යවරයා හමුවෙන එක. එයින් ඔබට පුළුවන් සෞඛ්‍ය සම්පන්න දරු උපතක් ලබාගන්න.

SHARE