වක් වීම තමා මේ ලෝකේ තිබෙන භාරදූරම වගකීම. දරුවාගේ සතුට, ඉගෙනීම, අනාගතය මේ සංකීර්ණ කාරනා අතරේ ඔබ දවස පුරාම වෙහෙසෙනවා ඇති. දැන් ලංකාවේ තිබෙන තත්වය එක්ක ඩෙංගු, මැලේරියා, බරවා වගේ මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩ රෝගත් ඒ අතරට එකතු වෙලා. මවක් ලෙස ඔබේ උරමත පැටවිලා තිබෙන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මොකද පුංචි දරුවෝ නිතරම එලි පහලියට යනවා. ගේ ඇතුලට වුනත් පොඩ්ඩ බැරි වෙද්දී ඔබට හොරෙන් රිංගා ගන්න මදුරුවෝ බොහොම දක්ෂයි. දැනටමත් ඔබේ ප්‍රදේශයේ කාට හෝ ඩෙංගු රෝගය වැලදී තිබෙනවා නම් ඔබට අනතුරක් නැහැ කියා හිතන්න එපා. කොයි මොහොතක හෝ මාරාන්තික මදුරුවා ඔබේ දරුවාට හෝ පවුලේ කෙනෙක්ට දෂ්ට කළ හැකියි.

ඒ එක්කම වෙළඳ පොලේ නොයෙක් මදුරු විකර්ෂණ ආලේපන, කොයිල් වර්ග, තෙල්, ස්ප්‍රේ වර්ග තිබුනත් ඒවගේ පවතින රසායන ද්‍රව්‍ය දරුවට හිතකර නොවෙන්න පුළුවන්. ඒ සිතුවිල්ලත් මවක් ලෙස ඔබේ හිතේ වැඩ කරන බව අපි දන්නවා. ඔබේ දරුවන් සහ පවුලේ අනික් සාමාජිකයන් මේ භයානක ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන අතරේ ඔවුනට හානියක් නොවෙන්න නම් ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා මදුරු කරදරෙන් මිදෙන්න තිබුනා නම් කොතරම් අපූරුද? අද අපි තීරණය කළා මදුරුවන්ගෙන් දරුවන් සුරකින ස්වභාවික ක්‍රම ගැන ඔබව දැනුමත් කිරීමට.


fb-like-beg


පියවර 01 : මදුරුවන් බෝවෙන තැන් විනාශ කිරීම.

මදුරුවන් බෝ වෙන ජලය ගලා නොයන ස්ථාන සියල්ලම ඔබේ නිවසෙන් සහ මිදුලෙන් සොයා ඉවත් කළ යුතුයි. වහලේ වැහි පීලි අතර, ශීතකරණයේ, මල් පෝච්චි වල සහ ඉවතලන යෝගට් කප් වැනි කැලි කසල කියන්නේ මදුරුවන් පහසුවෙන් බෝ වන ස්ථාන. මේ තැන් වල ජලය රැඳීමට ඉඩ නොතැබීම තමා අවට පරිසරයෙන් මදුරුවන් මර්ධනය කිරීමට සුදුසුම පියවරක් වෙන්නේ. ඒ වගේම වත්තේ තිබෙන උන, කෙසෙල් වැනි පඳුරු වල පිති අතරේ පවා මදුරුවෝ බෝ වෙනවා. මේ සියලුම ස්ථාන හොඳින් බලා විනාශ කළ යුතුයි.

කානු වලට ලුණු, දැවී තෙල් ආදිය දමා මදුරුවන් ඇතිවීම් වලක්වා ගන්න පුළුවන්.

ඒ වගේම ගෙවත්තේ දාස් පෙතියා සහ සේර වගේ ශාක වර්ග වගා කිරීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් මදුරුවන් එලවා දමන්න සමත් වෙනවා. ගෙමිදුල අලංකාර වෙන අතරේ භයානක මදුරුවන්ගෙන් ඔබ ආරක්ෂා කරන්නත් මේ පැලෑටි සමත් වෙනවා.


පියවර 02 : ඔබේ නිවස මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම.

රාත්‍රියට මදුරු නෙට් දැමීම දරුවන් සහ ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙනවා. නමුත් ඩෙංගු මදුරුවා නම් දෂ්ට කරන්නේ දහවල් කාලයේදී. සැම ගෙදරකම ජනෙල වලට සහ දොරවල් වලට මදුරුවන්ට ඇතුල් වීමට අපහසු ආකාරයට නෙට් දැමීම ඉතාම වටිනවා. එවිට ගෙතුලදී මදුරුවන්ගෙන් වෙන හානිය අවම වෙනවා.

මදුරු තලා, කොහොඹ වගේ කොළ යොදාගෙන දුම් ගැසීම මදුරුවන් ඔබේ නිවසින් පිට කරන්නට සමත් වෙනවා. පැඟිරි තෙල් සමග ජලය මුසු කරලා ගෙට කීප වරක් ස්ප්‍රේ කිරීමත් මදුරුවන් පලවා හරින්නට හේතු වෙනවා.


පියවර 03 : මදුරුවන් විකර්ෂණය කරන ස්වභාවික ආලේපන.

මොන දේවල් ගේ සහ අවට පරිසරයට කරත් ඔබේ පොඩ්ඩා තවමත් ආරක්‍ෂිත නැහැ. ඒ ඔබ පිරිසිඳු කළාට ඔබේ අවට ගෙවල් වල මදුරු කීටයන් බෝවන ස්ථාන තිබිය හැකියි. ඒ වගේම පාසල් යද්දී, එළියේ ක්‍රීඩා කරද්දී දරුවා මදුරු දෂ්ටයෙන් වලක්වා ගැනීමට නම් මදුරු විකර්ෂක ආලේපයක් යොදා ගන්න පුළුවන්. හැබැයි බොහෝ නිෂ්පාදන වල Deet හෙවත් diethyltoluamide රසායනය අඩංගුයි. මෙම රසායන ද්‍රව්‍ය දීර්ඝ කාලීනව ඔබේ සෞක්යට කොහෙත්ම හිතකර නැහැ. එම නිසා රසායන අඩංගු නැති ස්වභාවික ආලේපන හැම විටම තෝරා ගන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.

1) පැඟිරි තෙල් ආලේප කිරීම

පැඟිරි තෙල් අතීතයේ සිට මදුරු විකර්ශකයක් ලෙස ශ්‍රී ලංකාවේදී යොදා ගන්නවා. පැඟිරි තෙල් ඉතාම සැර සුවඳකින් සමන්විතයි. ඒ වගේම ඇලෙන සුළු පැඟිරි තෙල් ආලේපය එතරම් ප්‍රයෝගික නැහැ. විශේෂයෙන්ම එහි ගන්ධය සමග දරුවෝ කැමති නැහැ එය අලේප කිරීමට.

2) දෙහි සහ කරාඹු නැටි යෙදීම

දෙහි සහ කරාඹු නැටි එකට බ්ලෙන්ඩ් කරලා ශරීරයේ ආලේප කිරීමත් මදුරුවන් ශරීරයට ලංවීම ගොඩක් දුරට අඩු කරනවා. මෙය කිරීමට වෙලා යනවා. ඒ වගේම සමේ ආලේප කිරීම අමාරුයි.

3) මොස්ගාර්ඩ් ලෝෂන් එක ආලේප කිරීම

මොස්ගාර්ඩ් ලෝෂන් එක හදල තියෙන්නේ කරාඹු නැටි තෙල් සහ ලෙමන් යුකැලිප්ටස් (Clove Oil and Lemon Eucalyptus) යන ශාක දෙකේ සංයෝගයෙන්. එය ඉතාම ආරක්ෂිතයි. වෙනත් මදුරු විකර්ෂක ලෝෂන් වල වගේ Deet රසායනය මෙහි අඩංගු නැහැ. එම නිසා ඔබේ දරුවාගේ හෝ ඔබේ ආරක්ෂාව ගැන කරදර වෙන්න ඔබට අවශ්‍ය නැහැ. මෙය එළිමහනේ ක්‍රීඩා කිරීමට පෙර දරුවන්ගේ සමේ අලේප කිරීම ප්‍රමාණවත්. එය පැය 6 ක් පුරා හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව සායනිකව තහවුරු වෙලා තිබෙන්නේ. අවුරුදු 6 ට අඩු දරුවන්ගේ සමේ නම් කිසිම මදුරු විකර්ෂක අලෙපනයක් ගැල්වීම නිර්දේශ කරන්නේ නැහැ. අවශ්‍ය නම් මොස්ගාර්ඩ් ලෝෂන් එක අවුරුදු 6 ට අඩු දරුවන්ගේ ඇඟේ කෙලින්ම ආලේප නොකර ඇඳුම් වල ආලේප කළ හැකියි. මෙම නිෂ්පාදනය සමට අසාත්මික නොවන බව ඉන්දියාවේ මුම්බායි MASCOT SPINCONTROL සායනික පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර තිබෙනවා.

අපේ රටේ දරුවන් මදුරු වදෙන් ආරක්ෂාකාරීව බේරා ගන්න මේ අපූරු නිෂ්පාදනය ඔබ අතට පත් වෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ Colombo Science & Technology Cell සහ හේමාස් සමාගම සමග එකතු වෙලා කළ පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙසයි. මොස්ගාර්ඩ් නිෂ්පාදනයේ ඇති කාර්යක්ෂමතාවය ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර තිබෙනවා. ඉතින් අපේ රටට ගැලපෙන්න නිපදවා ඇති මෙම ස්වභාවික නිෂ්පාදනය භාවිතාවට ගැනීම ඔබේ දරුවන්ගේ සහ පවුලේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

SHARE