නා

ර්සිස්ටික් පෞරුෂයක් කියන්නේ සුවිශේෂී පෞරුෂයක්. ඔවුන් තුල පවතින ප්රධානම ලක්ෂණ දෙක වන්නේ ආත්මාර්ථකාමී භාවය සහ අන් අයගේ අවධානය අසීමිතව බලාපොරොත්තු වීමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති තැනැත්තෙක් කවදාවත් ආදරය කරන්නේ නැහැ. ඔහුට හැම දේම ක්රීඩාවක්. ඔහුට අවශ්ය ඒ ක්රීඩාවෙන් ජය ගන්නට පමණමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තෙකු සහකරුවෙකු ඇසුරු කරන්නේ/ විවාහ කර ගන්නේ ආදරය කිරීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. සහකරුවාගේ ගෞරවය දිනා ගැනීම සහ සහකරුගේ මුවින් පැසසුම් ලබා ගැනීම ඔහුගේ ප්රධාන බලාපොරොත්තුව වෙනවා.


fb-like-beg

 


පළමුවන කොටස සඳහා පිවිසෙන්න

6 ඔබ දෙදෙනා අතර ඇති සබඳතාවය ගැන කතා කරන්නේ නැහැ

ඔබ දෙදෙනා අතර ඇති සබඳතාවය ගැන, එය වෙනස් විය යුතු ආකාරය ගැන අදහස් දක්වන්න ඔහු ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඔහු ආදරය කරන කෘතීම ස්වභාවය නිසා ඔබේ සිත කෙතරම් රිදුනත් ඒවා ඔබ දරා ගත යුතු වෙනවා. ඔබට ඔබේ අදහස් කියන්නට, ඔහුගෙන් ආදරය සහ රැකවරණය ඉල්ලන්නට ඔහු අවසර දෙන්නේ නැහැ. ඔහුට විවාහ වෙන්නට අවශ්ය වන තුරු විවාහය ගැන කතා කරන්නට ඔහු ඔබට ඉඩ දෙන්නේ නැහැ.

7 ලිංගිකත්වය ප්‍රධාන තැනක් ගන්නවා

ඔහු ඔබට ආදරය ලබා නොදුන්නත් ඔබ සමඟ ලිංගික සබඳතා පවත්වනවා. ගැහැණියකට ලිංගිකත්වයට වඩා අවශ්‍ය වන්නේ ආදරයයි. නමුත් ඔබට ඔබ වෙනුවෙන් ආදරණිය වදනක්වත් කියන්නට මහන්සි නොවෙනා පුද්ගලයෙකුගේ ලිංගික අවශ්‍යතා සපුරන්නට සිදු වෙනවා.

8 ලිංගික ජීවිතය යොදාගෙන ඔබව රිදවනවා

ලිංගික සබඳතා තුලින් තමා සතුටු වන්නට උත්සාහ කරනවා මිස, අනෙකා සතුටු කරන්නට කිසි විටෙක උත්සාහ දරන්නේ නැහැ. තමා තෘප්තියට පැමිණි පසු ක්ෂණිකව ආදරය කිරීම නවත්වයි. ඔබේ හැඟීම්, ඔබ දෙදෙනා අතර ඇති ලිංගික ජීවිතය ගැන ඔබ දක්වනා අදහස් පවසන්නට ඔහු ඔබට ඉඩ දෙන්නේ නැහැ.

9 තමාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් ඔබව සඟවා තියා ගන්නවා

ඔහුගේ ක්‍රීඩාවේ ඔහු උසස් චරිතයක් රංග දක්වනවා. ඔහුගේ සිතුවිලි වලට අනුව ඔබ ඔහුට වඩා පහත් පුද්ගලයෙක්. ඉතින් ඔහු ඔබව ඔහුගේ නිවසට සහ මිතුරන්ට හඳුන්වා දෙන්නට මැලි වෙනවා. ඔහු ඔබව විවාහ කර ගැනීමට තීරණය කලොත් පමණක් ඔහු ඔබව අන් අයට පෙන්වාවි.

10 ඔහු ඔබට මුලින් කෝල් කරන්නේ හෝ මෙසේජ් එවන්නේ නැහැ

ඔහුගේ ක්‍රීඩාවේ ඔහු තෘප්තියට පැමිණෙන්නේ ඔබ ඔහුගේ පස්සෙන් ඔහුව සොයාගෙන යන විටයි. ඒ වෙනුවෙන් ඔහු ඔබට කෝල් කරන්නට, මෙසේජ් එවන්නට මහන්සි වෙන්නේ නැහැ. අනුකම්පාව, ආදරය යන හැඟීම් ඔහු තුල නොමැති නිසා ඔහුට දුකක් ඇති වන්නේත් නැහැ. නමුත් ඔබ ආදරය, දුක සහ අනුකම්පාව දැනෙන සාමාන්ය පුද්ගලයෙක් නිසා ඔබ මුලින් ඔහුට කෝල්, මෙසේජ් කරන්නට පෙළඹෙනවා.

11 ඔබට බැන වදිමින් ක්‍රීඩා කරනවා

ඔහුගේ පරිපුර්ණ වෙස් මුහුණ පෙන්වා ඔබව වශී කර ගත් පසු ඔහු වෙනස් වෙනවා. ඔබ හැර නොයන බව ස්ථිර කර ගත් පසුව ඔහු ඔබට සුළු දෙයටත් බැන වදින්නට පටන් ගන්නවා. ඔබ ඒවා ඉවසන විට, දුක් විඳිමින් ඔහු අසලම රැඳී සිටින විට, ඔබ නොකළ වැරදි වෙනුවෙනුත් සමාව ඉල්ලන විට ඔහු මහත් තෘප්තියට පැමිණෙනවා.

SHARE