නා

ර්සිස්ටික් පෞරුෂයක් කියන්නේ සුවිශේෂී පෞරුෂයක්. ඔවුන් තුල පවතින ප්රධානම ලක්ෂණ දෙක වන්නේ ආත්මාර්ථකාමී භාවය සහ අන් අයගේ අවධානය අසීමිතව බලාපොරොත්තු වීමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇති තැනැත්තෙක් කවදාවත් ආදරය කරන්නේ නැහැ. ඔහුට හැම දේම ක්රීඩාවක්. ඔහුට අවශ්ය ඒ ක්රීඩාවෙන් ජය ගන්නට පමණමයි. නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තෙකු සහකරුවෙකු ඇසුරු කරන්නේ/ විවාහ කර ගන්නේ ආදරය කිරීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. සහකරුවාගේ ගෞරවය දිනා ගැනීම සහ සහකරුගේ මුවින් පැසසුම් ලබා ගැනීම ඔහුගේ ප්රධාන බලාපොරොත්තුව වෙනවා.

මෙවැනි පුද්ගලයෙකුගේ සහකරුවා වීම හරිම අවදානම්. ආදරය නොලැබීම හේතුවෙන් දුර්මුඛ වී, මානසික පීඩාවට ලක් වෙන්නට ඔබට සිදු වේවි. ඉතින් අපි හඳුනා ගමු නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තෙකුගේ ආදරය කොයි වගේද කියලා.


fb-like-beg

 


1 ඔබට ඔහුට ලඟා වෙන්න හරි අමාරුයි

ඔබට ඔහුව අවශ්යයි කියලා දැනෙන වෙලාවට ඔහු ඔබ ළඟ නැති වීම ප්රධාන ලක්ෂණයක්. ඔහු ඔබ වෙත එන්නේ ඔහුට අවශ්ය වෙලාවට. අනිත් හැම වෙලාවටම ඔහු කාර්යබහුලයි. ව්යාපාරයේ වැඩ, ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ වගේ නිදහසට කරුණු ඕනෑ තරම් ඔහු සතුව තිබේවි. හැබැයි මේ ඔහුගේ ක්රීඩාවේ එක් පියවරක්. ඔහු ක්රීඩාවෙන් ඔබව පරාජය කරලා දිනන්නට දමන උපක්රමයක් මේ. ඔබට අවශ්ය වෙලාවට ඔහු ඔබව නොසලකා හරිද්දී, ඔහු කියන ඕනෑම වෙලාවක ඔබ ඔහු වෙත යන්නට සුදානමින් ඉඳීම ඔහුට මහා ජයග්රහණයක්.

2 නොසිතන මොහොතවල් වලදී ඔබ වෙත ලඟා වීම සහ දුරස් වීම

ඔබ අපේක්ෂා නොකරන මොහොතවල් වලදී ඔහු ඔබට පණ දෙන්නට ඒවි. ඔබ නොසිතූ, නොපැතූ උපකාර කරාවි. කාටත් වඩා ඔබව තේරුම් ගත් පුද්ගලයා ඔහු බව ඔබට හැඟෙන තුරු මැජික්කරුවෙකු සේ ඔබ ලඟම රැඳේවී. හැබැයි ඊටත් පසුව ඔහු අතුරුදන් වේවි. ඔබ මෙසේජ් ගණනාවක් යැවූ පසු ඔබට එක පිළිතුරක් පමණක් එවාවි. ඔබ දීර්ඝව යමක් අසද්දී කෙටි පිළිතුරක් දී නිහඬ වේවි. ඔහු ඔබට සමීපද, නැති නම් දුරස්ද කියා සිතා ගැනීමට නොහැකිව ඔබව අන්ද මන්ද වෙනු ඇත.

3 ඉටු කල නොහැකි පොරොන්දු ලබා දීම

කවදාවත් ඉෂ්ඨ කල නොහැකි බව දැන දැනම ඔහු ඔබට පොරොන්දු දේවි. ඒ ඔබව සිහින ලෝකයක අතරමන් කිරීම වෙනුවෙන් පමණයි. තමාට කවදාවත් ඒ පොරොන්දු ඉෂ්ඨ කල නොහැකි බව දැන දැනමයි එවැනි පොරොන්දු ලබා දෙන්නේ.

4 බොරු කීම

හිතා ගන්නට බැරි තරම් බොරු කීම ඔවුන්ගේ තවත් ලක්ෂණයක්. ඒ බොරු එලි වුවොත් ඔබට අදහා ගන්නට බැරි වේවි. අනිත් කෙනා තුල තදබල විශ්වාසයක් ඇති වෙන විදිහට දක්ෂව බොරු කියන්න මේ අය හරිම සුක්ෂමයි. උදාහරණ ලෙස, ඔහුගේ පැරණි පෙම්වතියක ගැන ඔබට ඉව වැටුනොත් ඔහු ඒ ක්ෂණයකින් අලුත්ම කතාවක් ගොතා කියාවි. ඒ ගැහැණු ළමයා කරදරයක සිටි බවත්, තමා ඇයට උපකාර කල බවත්, ඉන්පසුව ඔහු ඇයව ඔහුගේ මිතුරෙකුට විවාහ කර දීමට සුදානම් වූ බවත්, අවසානයේදී ඇය ඔහුගේ මිතුරාව අත හැර දමා ඔහු සමඟත් අමනාප වූ බව කියාවි. ඔහු කියන්නේ බොරුවක් බව ඔබට කිසිසේත්ම නොදැනෙනු ඇත. එසේත් නැති නම් වෙනත් මාතෘකාවක් ඇදගෙන සුක්ෂම ලෙස ගැටලුව මඟ හැර යාවි.

5 මුලදී හිතා ගන්න බැරි තරම් හොඳ චරිතයක්

ඔහුගේ ක්‍රීඩාවේ මුල්ම අරමුණ ඔබව වශී කර ගැනීමයි. ඉතින් ඔහු ඔබ ඉදිරියේ මවා පෙන්වන්නේ පරිපුර්ණ චරිතයක්. පරිපුර්ණ මිනිසුන් මෙලොව නැති බව ඔබ හොඳින්ම දැන සිටියත්, මේ පුද්ගලයා මවා පෙන්වන පරිපුර්ණ වෙස් මුහුණට ඔබ බැඳෙනවා. මේ ලොව සිටින ගුණවත්ම, ආදරනියම චරිතය ඔහු බව විශ්වාස කරන්නට ඔබ පෙළඹෙනවා.

දෙවන කොටස සඳහා පිවිසෙන්න

SHARE