බ කාන්තාවක් නිසාම විවිධ ආකාර වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දිය යුතු වෙනවා. මේ වෛද්‍ය පරීක්ෂණ මොනවද කියල ගොඩක් කාන්තාවන්ට දැනුමක් නැහැ. ඔබ මේ ලිපිය කියවා මේ පරීක්ෂණ ගැන දැනුමත් වෙන්න. වෛද්‍ය වරයා හමුවී නිසි ලෙස එම පරීක්ෂණ වලට මුහුණ දීම අනාගතයේ ඔබට මුහුණ දෙන්න වෙන ලෙඩ රෝග රාශියක් කලින් හඳුනාගෙන ඒවාගෙන් වැලකීමට උපකාර වෙනවා. අපි පෙර ලිපියෙන් සාකච්චා කළේ පියයුරු සෛල පරීක්ෂාව (FNA පරීක්ෂාව) සහ හිස්ටරොස්කොපි (hysteroscopy) පරීක්ෂාව පිළිබඳවයි.


fb-like-beg


ලැපරොස්කොපි (laparoscopy) පරීක්ෂාව

♥ පරීක්ෂණයේ පරමාර්ථය

ලැපරොස්කොපි කියන්නේ උදර කුහරයේ අභ්‍යන්තර ව්‍යුහය නිරීක්ෂණය කරන්න කැමරා උපාංගයක් යොදා ගනිමින් සිදුකරන පරීක්ෂාවක්

♥ නාරි හා ප්‍රසව

වෛද්‍යවරු දරුපල නොමැති කාන්තාවන්ගේ ඊට හේතු සෙවීමට, එන්ඩ්‍රොමෙට්ට්‍රියසිස් රෝගයට පිලියම් කිරීමට වගේම ගර්භාශයෙන් පිටත පිලිසිද ගැනීමකදී එම කලල ඉවත් කිරීමටත් මේ පරීක්ෂණය යොදා ගන්නවා..

♥ රෝගියාගේ අනුමැතිය

පරීක්ෂණය ගැන සියලු තොරතුරු දැනගැනීමෙන් අනතුරව ඔබ එයට සහභාගී වීමට කැමැත්තක් දක්වන්නේනන් රෝහල් සටහනේ ලිඛිත අනුමැතියක් යෙදිය යුතු වෙනවා

♥ පරික්ෂාව සදහා සුදානම් වීම

පරීක්ෂාවට ප්‍රථම පැය 6ක්වත් නිරාහාරව සිටිය යුතු වෙනවා
ඒ වගේම ඉන්සියුලින් භාවිතා කරන කාන්තාවන් වෛද්‍යවරයා මුනගැසී ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කර ගන්න ඔනේ..මොකද නිරාහාරව සිටීම නිසා රුධිරයේ සීනි මට්ටම අඩු අගයක් ගන්න පුලුවන්

♥ රෝහල් ගතවීම

පරීක්ෂණයට දිනයකට පෙර රෝහල් ගතවීම සෑහෙනවා..

♥ නිර්වින්දනය

නිර්වින්දන ඖෂධ වලට ඇති ආසාත්මිකතා ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත්

♥ ඖෂධ ලබාදීම

මුලින්ම ඔබගේ ශිරාවකට කැනියුලාවක් ඇතුලු කරනවා ඒ එතුලින් ඖෂධ ලබාදීමට, ඉන්පසුව මුලු සිරුරම නිර්වින්දනය කරනු ලබනවා

♥ කැමරා උපකරණ ඇතුලත් කිරීම

ඉන් අනතුරුව කැමරා උපකරණ ඇතුලත් කිරීමට සෑහෙන තරම් කැපුමක් පෙකනියට පහලින් යොදාගන්නවා

♥ සැත්කම සිදු කිරීම

විශේෂ බටයක් මගින් උදර කුහරයට කාබන්ඩයොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් ඇතුල් කරන්නේ උදර කුහර බිත්තිය උදර ඉන්ද්‍රියයන් ගෙන් ඈත්කර තබා වඩාත් හොද දැක ගැනීමක් ලබාගන්න

කැමරාව උපයෝගී කරගනිමින් වීඩියෝ තිරය මත වැටෙන රූප බලමින් වෛද්‍යවරයා සැත්කම සිදු කරනවා..

♥ සැත්කම අවසානයේ

සැත්කම අවසානයේ උපකරණ පිටතට ගනු ලබනවා ඒ වගේම උදර කුහරයේ වාතයත් ඉවත් කරනවා.. සමේ කැපුම යෙදූ තැන මසා දමනවා..නිර්වින්දන ඖෂධ සැපයුම නවතා දමනවා.. විනාඩි කිහිපයකින් ඔබ ප්‍රකෘති සිහියට පැමිනෙනවා

♥ අතුරු ආබාධ

අතුරු ආබාධ අල්ප උනත් කලාතුරකින් සමහරුන්ට උදර වේදනා හා වමනය යෑම් සුලු වශයෙන් ඇතිවෙන්න පුලුවන්.

♥ පසු දින

ඔබට සිහිය ආ පසු වාට්ටුව ට යැවීමෙන් අනතුරුව ඔබේ නාඩි, රුධිර පීඩනය හා උෂ්ණත්වය පැය කිහිපයක් ගතවෙන තෙක් නිරීක්ෂණය කරනවා.. වෙනත් සංකූලතා නැතනන් ඊට පසු දින නිවසට යෑමට පුලුවන්

♥ වෛද්‍යවරයා නැවත දැනුවත් කලයුතු අවස්ථා

නමුත් දින කීපයක් ඇතුලත ෆැරන්හයිට් 101ට වැඩි උණ, තදබල වේදනා, යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම් ඇතිවේනම් වෛද්‍යවරයකු මුනගැසීම ඉතාමත් ඉක්මනින් කලයුතු වෙනවා…

♥ ප්‍රතිපල දැනගැනීම

පරීක්ෂණයේ සොයාගැනීම් සැත්කම අවසානයේ වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරනවා.. පටක පරීක්ෂා සදහා ප්‍රතිපල දැනගැනීමට නන් දින කිහිපයක් ගතවෙනවා…

♥ පරික්ෂාව සිදුකරන ස්ථාන

ලැපරොස්කොපි උපකරණ කට්ටලයක් මිලෙන් ඉතාමත් අධිකයි.. ඒ වගේම ඒවා පාවිච්චි කිරීම සදහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරයකු සිටීම අත්‍යවශ්‍යයි.

රජයේ ශික්ෂණ රෝහල් වලත් මහ රෝහල් වලිනුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල් වලිනුත් මෙම සේවාව ඔබට ලබාගන්න පුලුවන්..


කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ ලිපි පෙල මෙයින් අවසන්..

වෛද්‍ය විජිනි ජයවර්ධන මහත්මියගේ කෘතියක් ඇසුරින් සකස් කලේ මාධවී රණවීර මහත්මිය


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ – 01 කොටස

මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ – 02 කොටස

SHARE