බ කාන්තාවක් නිසාම විවිධ ආකාර වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දිය යුතු වෙනවා. මේ වෛද්‍ය පරීක්ෂණ මොනවද කියල ගොඩක් කාන්තාවන්ට දැනුමක් නැහැ. ඔබ මේ ලිපිය කියවා මේ පරීක්ෂණ ගැන දැනුමත් වෙන්න. වෛද්‍ය වරයා හමුවී නිසි ලෙස එම පරීක්ෂණ වලට මුහුණ දීම අනාගතයේ ඔබට මුහුණ දෙන්න වෙන ලෙඩ රෝග රාශියක් කලින් හඳුනාගෙන ඒවාගෙන් වැලකීමට උපකාර වෙනවා. අපි පෙර ලිපියෙන් සාකච්චා කළේ පියයුරු පරීක්ෂාව (Mammography) සහ ගැබ්ගෙල පරීක්ෂාව ( PAP Smear) පිළිබඳවයි.


fb-like-beg


පියයුරු සෛල පරීක්ෂාව (FNA පරීක්ෂාව)
(Fine Needle Aspiration of the breast)

♥ පරීක්ෂණයේ පරමාර්ථය

පියයුරෙහි හට ගන්නා ගැටිති සදහා මෙය යොදාගනු ලබනවා..

♥ මේ සදහා විශේෂ සූදානමක් අවශ්‍ය නෑ

හැබැයි ලිඩෝකෝන් හෝ එවැනි නිර්වින්දක ඖශධ වලට ආසාත්මිකතා ඇතිවෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කල යුතුයි

♥ සිදුකරන ආකාරය

වෛද්‍යවරයා විසින් පියයුරු ගැටිත්ත පරීක්ෂා කරාට පස්සේ එම ස්ථානය විසබීජ නාශකයකින් පිරිසිදු කරනවා.. ඊටපස්සෙ තමයි නිර්වින්දන ඖෂධය විදින්නේ..

සම හිරිවැටුනට පස්සේ කටුවක් ඇමිණූ සිරින්ජයක් මගින් පටක සාම්පලයක් ලබාගන්නවා.. මේ සිරින්ජය suction device එකක් විදියට ක්‍රියා කරනවා..

♥ පරීක්ෂාවෙන් පසු

මෙහිදී සාම්පලය ගත් ස්ථානය මදක් ඉදිමිය හැකියි සුලු වේදනාවක් සමග

♥ ප්‍රතිපල දැනගැනීමේ කාලය

මෙහි ප්‍රතිපල ලබාගැනීමට අවමයෙන් දවස් 3ක් පමන ගත වෙනවා

♥ ඉන් අනතුරුව

එය ආසාදිත තත්වයන් නිසා ඇති උන ගැටිත්තක් නම් එයට අදාල ප්‍රතිකාර සදහා ද පිලිකා වැනි තත්වයක් නන් වැඩිදුර ප්‍රතිකාර සදහා ද වෛද්‍යවරයා විසින් යොමු කරනු ලබනවා

♥ පරික්ෂාව සිදුකරන ස්ථාන

ශික්ෂණ රෝහල් සහ මහ රොහල් වල වගේම පෞද්ගලික රෝහල් වලත් මේ පරීක්ෂාව සිදුකරනු ලබනවා


හිස්ටරොස්කොපි (hysteroscopy) පරීක්ෂාව

♥ පරීක්ෂණයේ පරමාර්ථය

මේ පරීක්ෂණයේ පරමාර්ථය වෙන්නේ ගර්භාශ ආස්තරණය වෛද්‍යවරයාට හොදින් දැකබලා ගැනීමට සැලස්වීම, දරුපල නොමැති බව, නිරන්තර ගබ්සාවීම් වගේම අසාමාන්‍ය ආර්තව චක්‍ර පැවතීම වැනි රෝග තත්වයන් සදහා මෙය යොදාගන්නවා

♥ පරීක්ෂණයට සුදුසුම කාලය

මාසික ආර්තවනයෙන් සතියකකට පසු කාලය මෙයට සුදුසුම කාලය වෙනවා…ගර්භාශ බිත්තිය පැහදිලිවම බලාගන්න මේ කාලයේදි පුලුවන්..

මෙහිදී ඔබට ක්‍රමවත් ආර්තව චක්‍රයක් පැවතීම වෛද්‍යවරයා හට දින වකවානු නියම කිරීම සදහා බොහෝ උපකාරී වෙනවා..

♥ ආසාත්මිකතා

නිර්වින්දක ඖෂධ වලට ඇති ආසාත්මිකතා ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම මෙහිදී වැදගත්..

♥ පරීක්ෂණයට සුදානම් වීම

සම්පූර්ණ නිර්වින්දනය ලබා දී සිදු කරනවානන් පැය 6ක් නිරාහාරව සිටිය යුතු වෙනවා වගේම පරීක්ෂණයට පෙර මුත්‍රාශය හිස් කල යුතු වෙනවා..

♥ මුලින්ම මුත්‍රාශය හිස්කොට යෝනි මාර්ගය පිරිසිදු කරගන්නවා..

අවශ්‍යතාවය අනුව මුලු සිරුරම හෝ කොන්දෙන් පහල හිරිවට්ටනු ලබනවා

♥ පරික්ෂාව සිදුකරන ආකාරය

ඉන් අනතුරුව හිස්ටරොස්කොපිය නම් දිගැති නම්‍යශීලී උපකරණය යෝනි මාර්ගයේන් ගර්භාශයට ඇතුල් කරනවා..
මේ උපකරණයේ පොඩි කැමරා උපාංගයක් සවිකර තියෙනවා..

ඊටපස්සේ ගර්භාශයට වායුවක් හෝ තරලයක් මුදා හැරලා ගර්භාශ බිත්තිය විස්තාරය කරනවා… ඒ හොදින් නිරීක්ෂණය කිරීම සදහා

♥ හිස්ටරොස්කොපයේම ශල්‍ය උපකරණයක්ද අඩංගුයි..

එමගින් පටක සාම්පල ලබාගැනීම, අසාමාන්‍ය වර්ධනයන් ඉවත් කිරීම, ගර්භාශ ආස්තරණයේ වන රුධිර ගැලීම් විද්‍යුත් ධාරා මගින් පාලනය කිරීම සිදුකල හැකී

♥ පරීක්ෂාවෙන් අනතුරුව..

යෝනි මාර්ගයෙන් රුධිරය ස්වල්පයක් පිටතට ගැලීම සාමාන්‍යයි

♥ අතුරු වේදනා

ඒ වගේම ගර්භාශය විස්තාරනය කිරීමට යොදා ගන්නා වායූන් උදරයේ ඇතිකරන තෙරපුම නිසා උරහිස් වේදනා ඇතිවීම කලාතුරකින් සිද්දවෙනවා

♥ පරීක්ෂාවෙන්නො පසු නොකළ යුතු දෑ

පරීක්ෂාව සදහා මුලු සිරුරම නිර්වින්දනය කරානන් ඉන් අනතුරුව මත්පැන් පානය වගේම රිය පැදවීම නොකල යුතු වෙනවා..

♥ වෛද්‍යවරයා වහාම දැනුවත් කලයුතු අවස්ථා

තදබල උදර වේදනාව, අධික රුධිර වහනය, ෆැරන්හයිට් 101 ට වඩා උන තිබීම වෛද්‍යවරයා වහාම දැනුවත් කල යුතු වෙනවා

♥ ප්‍රතිපල දැනගැනීමේ කාලය

මෙහිදී සාම්පලය පරීක්ෂා කර ප්‍රතිපල දැන්වීමට සතියක පමන කාලයක් ගතවෙනවා..

♥ පරික්ෂාව සිදුකරන ස්ථාන

පහසුකම් ඇති රජයේ ශික්ෂණ රෝහල්, මහ රෝහල් වල වගේම පෞද්ගලික රෝහල් වලත් මේ පරීක්ෂාව සිදු කරනු ලබනවා

ගර්භාශ ආස්තරණයේ පටක පරීක්ෂාවත් (endometrial biopsy) බොහෝ සෙයින් මීට සමාන වෙනවා

වෛද්‍ය විජිනි ජයවර්ධන මහත්මියගේ කෘතියක් ඇසුරින් සකස් කලේ මාධවී රණවීර මහත්මිය


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ – 01 කොටස

SHARE