බ කාන්තාවක් නිසාම විවිධ ආකාර වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දිය යුතු වෙනවා. මේ වෛද්‍ය පරීක්ෂණ මොනවද කියල ගොඩක් කාන්තාවන්ට දැනුමක් නැහැ. ඔබ මේ ලිපිය කියවා මේ පරීක්ෂණ ගැන දැනුමත් වෙන්න. වෛද්‍ය වරයා හමුවී නිසි ලෙස එම පරීක්ෂණ වලට මුහුණ දීම අනාගතයේ ඔබට මුහුණ දෙන්න වෙන ලෙඩ රෝග රාශියක් කලින් හඳුනාගෙන ඒවාගෙන් වැලකීමට උපකාර වෙනවා.


fb-like-beg


මොනවද ඒ පරීක්ෂණ ?

  • පියයුරු පරීක්ෂාව (Mammogram)
  • ගැබ්ගෙල පරීක්ෂාව ( PAP Smear)
  • පියයුරු සෛල පරීක්ෂාව ( FNA of the breast)
  • ලැපරොස්කොපි (laparoscopy) පරීක්ෂාව
  • හිස්ටරොස්කොපි (hysteroscopy) පරීක්ෂාව
  • ගර්භාශ ආස්තරණයේ පටක පරීක්ෂාව ( emdometrial bioscopy)

මේ සේරම ගැන ලිපි 3කින් සදහන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ..


පියයුරු පරීක්ෂාව (Mammography)

  • පියයුරු වල මෘදුපටක සැකැස්ම X කිරණ මගින් චායාරූප ගතකිරීම මෙහිදී සිදුවෙනවා.

මෙය කරනු ලබන්නේ අවුරුදු 35ට වැඩි කාන්තාවන් සදහායි. මෙමගින් පියයුරු වල ඇති අසාමාන්‍ය වර්ධන තත්වයන් සහ පිලිකා රෝග විනිශ්චය කළ අයගේ පිලිකාවේ ප්‍රමාණය හා පැතිරීම නිර්ණය කරන්න පුලුවන්.

  • මේ සදහා පෙර සූදානම් වීමක් අවශ්‍ය නෑ.

හැබැයි මාසික ඔපස්වීමෙන් දින කිහිපයකට පසු සහභාගී වීම යෝග්‍යයි. ඒ වගේම මෙයට පෙනී සිටින්න පෙර ඔබ භාවිතා කරන ඖෂධ නැවත්වීම අනවශ්‍යයි.

  • පරීක්ෂණය සදහා අදින්න විශේෂ ඇදුමක් රෝහලින් දෙනවා.

මෙහිදී පියයුරක් තල 2කට මැදි කොට එකිනෙකට ලම්බක තල දෙකක්දී x කිරන චායාරූප අරගන්නවා. මේ ආකාරයෙන් සියලු චායාරූප ගනන 4ක්. පියයුරු දෙකම පරීක්ෂාවට ලක්කරන්නේ සංසන්දනය පහසු වීමටත්, අසාමාන්‍යතා හදුනාගන්නත්.

  • මෙය සමග පියයුරේ අතිධ්වනි පරීක්ෂාවක් කිරීම සාමාන්‍යයි.

එය නම් සුදුසු 35න් පහල කාන්තාවන්ට. එය mammogram එකට පරිපූරකයක් වෙන්වා. මේ පරීක්ෂණ 2කටම විනාඩි 10-15ක් වගේ කාලයක් යන්නේ.

  • අතුරු ආබාධ නම් නැති තරම්.

හැබැයි සුලු පිරිසකට පියයුරු වේදනා ඇතිවෙනවා.

  • පරීක්ෂාව කරන වෙලාවේ doctor කෙනෙක් ඉන්නවනන් ඒවෙලාවෙම results දැනගන්න පුලුවන්.
  • ඒ වගේම සෑම අසාමාන්‍යතාවයක්ම පිලිකාවක් නොවන බව මතක් කරගන්න ඔනේ.

එහෙම දෙයක් හරියටම confirm කරගන්න නම් biopsy ඇතුලු පරීක්ෂණ රැසක් කර ගත යුතු වෙන්වා.. නමුත් පිලිකාවක් හදුනාගැන්මට mammography පරික්ෂාව සෑහෙනවා.

  • පිලිකාව හදුනා ගැනීම සදහා වූ mammography පරීක්ෂණය ( mammography for screening) වඩාත් සුදුසු වන්නේ,

♥ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට

♥ පියයුරු පිලිකා සෑදී සම්පූර්ණ ප්‍රතිකාර කල කාන්තාවන්ට හා පියයුරු පිලිකා සදහා පවුලේ රෝග ඉතිහාසයක් ඇති කාන්තාවන්ට

  • Mammography පරීක්ෂාව වසරකට වරක් සිදු කල යුතුයි..
  • පරික්ෂාව සිදුකෙරෙන ස්ථාන

මෙම පරීක්ෂාව Colombo general hospital එකේ, නුවර හා කොලඹ, දකුණ වන රෝහල් වල, ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල් වල හා රක්ෂණ සමාගම් අනුබද්ධිතවද සිදුකෙරෙනවා


ගැබ්ගෙල පරීක්ෂාව ( PAP Smear)

  • Papanicolaou test

එහෙම නැත්නන් pap පරීක්ෂාවෙන ගැබ්ගෙලේ සෛල පරීක්ෂා කරනවා. එමගින් ගැබ්ගෙල පිලිකා හදුනාගැනීමට පුලුවන් (cervical cancers).

  • HPV

HPV (Human Papilloma Virus) වැනි වෛරස් ආසාදනය, සහකරුවන් කිහිපදෙනෙකු සමග සංවාසයේ යෙදීම, අඩු වයසින් හා දීර්ඝ ලිංගික ජීවිතයක් ගත කිරීම වැනි හේතු ගැබ්ගෙල පිලිකා ඇතිවෙන්න පුලුවන්

  • සිදුකරන වයස්

මෙය සාමාන්‍යයෙන් සිදුකරන්නේ වයස අවුරුදු 35ට වැඩි හෝ ඊට අඩු වයසින් යුත් එහෙත් විවාහ වී අවුරුදු 5ක් ගතකල කාන්තාවන් සදහායි.

  • මාසික ඔපස්වීම් නැති දිනයක පරීක්ෂණයට සහභාගී විය යුතුයි.

ඒ වගේම පරීක්ෂණයට පෙර පැය 24කට පෙර සංසර්ගයෙන් වැලකිය යුතුයි. එසේම යෝනි මාර්ගය වැරෙන් පිසදැමීම නොකල යුතු වෙනවා. පරීක්ෂණයට ප්‍රථම කිසිදු ආකාරයේ ආලේපනයන් යෝනි මාර්ගයේ ආලේප නොකිරීම වැදගත්.

  • පරික්ෂාව

මුලින්ම වෛද්‍යවරයකු විසින් යෝනි මාර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය පිරිසිදු කර ස්පැතියුලාවක් (spatula) මගින් ගැබ්ගෙලේ සෛල සාම්පලයක් ගන්නවා. ඉන් අනතුරුව එය කදාවක් මතට දමනු ලබනවා.

  • මෙයට ගතවෙන්නේ විනාඩි 2-3ක් පමණයි.

කිසිදු අතුරු ආබාධයක් ඇති නොවුනනත් කලාතුරකින් සමහර කාන්තාවන්ට යෝනි මාර්ගයෙන් ලේ බිංදු 2,3ක් පිටවෙන්න පුලුවන්.

  • මෙහි ප්‍රතිපල එන්න අවම සති 2ක් වගේ යනවා.

එහිදී අසාමාන්‍ය ලක්ශණ පෙන්වන රෝගීන්ට වෛද්‍යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ නියම කරනවා..

ආසාදන තත්ව හදුනා ගත්ත රෝගීන්ව අදාල ප්‍රතිකාර වලට යොමුකරන අතර ඔවුන් වසරකට වරක් pap පරීක්ෂාවකට පැමිණීම අවශ්‍යයි.

කිසිදු අසාමාන්‍යතාවයක් නොපෙන්නුවත් වසර 3ට වරක් pap පරීක්ෂාවක් කිරීම වැදගත්.

  • පරික්ෂාව සිදුකෙරෙන ස්ථාන

මෙම පරීක්ෂාව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥයින් විසින් පවත්වනු ලබන නාරිවේද හා සුවනාරි සායනවලත් පෞද්ගලික රෝහල් වලත් පවත්වන්වා


වෛද්‍ය විජිනි ජයවර්ධන මහත්මියගේ කෘතියක් ඇසුරින් සකස් කලේ මාධවී රණවීර මහත්මිය


මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

කාන්තාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ – 02 කොටස

SHARE