බ ඔබේ උදෑසන අරඹන ආකාරයෙන් ඔබේ දවසේ ඉතිරි කාලයන් වල ගුණාත්මකභාවය තීරණය වෙනවා. ඔබ උදයේ කුසට දමා ගන්නා ආහාර වලින් ඔබ දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ආහාර වැඩියෙන් ලබා ගන්නවාද, අඩුවෙන් ලබා ගන්නවාද යන්න තීරණය කරනවා. දවස පුරා ඔබේ සිරුර රඳවා ගන්නා කැලරි ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ මතයි. ඔබ ඔබේ උදේ වරුව ගත කරන ආකාරය හා ඔබේ බර වැඩි වීම අතර සම්බන්ධයක් තිබෙන බව පරීක්ෂණ කිහිපයකින් හෙළි වී තිබෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


01. සමබල උදෑසන ආහාර වේලක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම

ඔබ ආහාරයට ගන්නේ මොනවාද යන්නට වඩා ඔබ ආහාරය ලබා ගන්නා වෙලාව වැදගත් වෙනවා. ඔබේ බර අඩු කර ගැනීමේ උත්සාහයේදී උදැසන ලබා ගන්නා සමබල ආහාරයත්, රාත්‍රියේදී ලබා ගන්නා සැහැල්ලු ආහාරයත් වැදගත් වෙනවා. උදැසන ආහාරය කැලරි සහිත තරමක් විශාල ආහාරයක් වුවාට වරදක් නැත. දවල් ආහාරය ඊට සාපේක්ෂව අඩුවෙනුත්, රාත්‍රී ආහාරය සරල ආහාරයකුත් විය යුතුය.


02. උදෑසන අව්වට නිරාවරණය නොවීම

උදෑසන ලා හිරු රැස් වලට නිරාවරණය වීම වරදක් නොවේ. උදෑසන අව්වේ ඇවිදීමෙන් සිරුරේ මේදය ස්වල්ප වශයෙන් අඩු වෙනවා. කැනඩාවේ කළ පරීක්ෂණයකින් ශීත සෘතුවේදී මිනිසුන්ගේ බර වැඩි වන බවත්, එයට හේතුව වන්නේ හිරු එලිය නොලැබීම බවත් හෙළි වී තිබෙනවා.


03. උදෑසන අවදි වූ පසු ජලය වීදුරුවක් පානය නොකිරීම

ඔබ අවදි වූ විගස (උදේ ආහාරයට පෙර) ජලය වීදුරුවක් පානය කිරීම ඉතා හොඳ පුරුද්දක්. එමඟින් ඔබේ සිරුරේ පරිවෘතිය ක්‍රියාවලිය වේගවත් වෙනවා. එය තරබාරු වීමේ අවදානම අඩු කරනවා. සිරුරේ අඩංගු ටොක්සින් ඉවත් කිරීමටත් මෙය උපකාරී වෙනවා. මේ වතුර වීදුරුවට දෙහි බිඳු කීපයක් එක් කළ හැකි නම් වඩාත් සුදුසුයි. පුරුද්දක් ලෙස උදේ ජලය වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ බර 10% – 17%ක් අතර ප්‍රමාණයක් අඩු වෙන බව කියවෙනවා.


04. උදෑසන ව්‍යායාම නොකිරීම

ව්‍යායාම වල නිරත වීමට සුදුසුම වෙලාව උදේ වරුවයි. උදෑසන කරන ව්‍යායාම නිසා දවස තුල බඩගිනි ඇති වීමේ ප්‍රමාණය 20%කින් පමණ අඩු වෙනවා. මේ නිසා දවසේ අන් වේලාවන් තුලදී ව්‍යායාම කරනවාට වඩා, උදෑසන ව්‍යායාම කිරීමෙන් අඩු වන කැලරි ප්‍රමාණය වැඩිය.


05. රසවත් අතුරුපස රාත්‍රිය හෝ දිවා කාලය වෙනුවෙන් තබා ගැනීම

ඔබට රසවත් අතුරුපස ආහාරයට ගැනීමට අවශ්‍ය නම් එය උදේ වරුවේ කරන්න. එකම අතුරුපස උදෑසන ගැනීමේදී ඔබ මහත් වන ප්‍රමාණයට වඩා, එය සවස හෝ රාත්‍රියේදී ලබා ගැනීමේදී මහත් වන ප්‍රමාණය අඩුය.


06. උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම

උදේ පාන්දර ප්‍රවෘත්ති කියවීම අහිතකර වන්නේ ඒවායේ සිත කළඹවන, කෝප ගැන්වීමට සමත් සිදුවීම් පවා අඩංගු වන නිසායි. සෘණාත්මක සිතිවිලි ඔබේ සෞඛයයට හානි කරනවා. ආතතිය ඔබේ නින්ද නැති කිරීමටත්, ඔබව තරබාරු කිරීමටත් හේතුවක් වෙනවා. නිරන්තරයෙන් මෙසේ ඔබ උදේ වරුවේ ආතතියට පත් වීමේදී ඔබේ සිරුර තුලින් ඔබව ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සුදානම් කරවන හෝර්මෝන නිපදවනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ බර වැඩි වෙනවා. ඔබ ආහාර පාලනය කළත් එයින් නිවැරදි ප්‍රතිඵල නොලැබී යනවා.


07. උදේ වරුවේ සුරතල් සතුන් දෙස බැලීමට කාලයක් වෙන් නොකිරීම

උදේ වරුව කියන්නේ ගොඩක් කාන්තාවන්ට කාර්යබහුල වෙලාවක්. කෑම උයන්න, දරුවන්ව පාසල් යාම සඳහා ලෑස්ති කරන්න වගේ වැඩ රාජකාරි දහසක් හිස මත වැටෙන වෙලාවක් තමයි උදේ වරුව. ඒත් ඔබට පුළුවන් නම් ඔබේ බලු පැටියා හෝ පූස් පැටියා ගෙන ඇවිදින්නට යන්න, ඔවුන්ව සමීප කරගෙන ව්‍යායාම කරන්න එය ඔබට වඩාත් හිතකර ප්‍රතිඵල අත් කර දේවි. එයට හේතුව වන්නේ ඔබ සුරතල් සතුන් සමඟ ගැවසිමේදී ඔබේ මානසික ආතතීන් දැඩි ලෙස පහත වැටීමයි. ඔබ ඔබේ සුරතලාව ආදරයෙන් රැක බලා ගන්නා විට ඔබේ හෝමෝන වල ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා. සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට අන් අයට සාපේක්ෂව තමාගේ බර අඩු කර ගැනීමට පහසු බව හෙළි වී තිබෙනවා.

SHARE