රුවාගේ පෝෂණය, අධ්‍යාපනය, හොඳ ගුණ ධර්ම ඇති කිරීම වගේ අරමුණු අතරේ දරුවාගේ නිරෝගීකම රැක ගැනීම මවක් ලෙස ඔබේ ප්‍රධාන වගකීමක් වෙලා. ඔබේ ජීවිතේ වටිනාම සම්පත වුන දරු පැටියා ලෙඩ රෝග වලට ගොදුරු වීම ඕනෙම මවකට දරා ගන්න බැරි වේදනාවක්. ඒ වගේම රෝගී වීම දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට වගේම නිසි වර්ධනයටත් අහිතකර ලෙස බලපානවා. ශ්‍රී ලංකාවේ පාරිසරික සාධක සහ අවිධිමත් සංවර්ධන කටයුතු නිසා මෑත භාගයේදී මදුරුවන් ඇසුරින් වසංගත රෝග රාශියක් පැතිරුනා. ලඟකදී අපේ ජන ජීවිතයට වැඩියෙන්ම හානි කළ මදුරුවන් විසින් බෝවන රෝගය වුනේ ඩෙංගු උනයි. ඒ වගේම සිකා, චිකුන්ගුන්යා, කහ උණ, මැලේරියාව වගේ දරුණු රෝග රාශියක වාහකයා ලෙස මදුරුවන් ක්‍රියා කරනවා. ඉතින් ඔබේ දරුවා මදුරුවන්ගෙන් රැක ගැනීම කියන ගැටලුව හැම අම්මෙක්ගේම ප්‍රධානම ගැටළුවක් වෙලා. හැමදාම ඔබේ සහ පවුලේ නිරෝගීකම ගැන හිතන අපි හානිකර මදුරුවන්ගෙන් ඔබේ දරුවා ආරක්ෂා කරන අලුත්ම ක්‍රමයක් ගැන කියා දෙන්න තීරණය කළා.


fb-like-beg


මදුරුවන් විනාශ කිරීමට කළ හැකි දේවල් මොනවද?

නිවසේ සහ ගෙමිදුලේ වගේම වහලයේ පවා මදුරුවන් බෝ වෙන ස්ථාන තිබේ නම් ඒවා සොයා බලා විනාශ කිරීම කළ යුතුයි. ඔබේ සීමාවේ කානු ආදිය ඇත්නම් ඒවාට සෞක්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේම ලබා දෙන Abate රසායනය යෙදීම වඩා සාර්ථක වෙනවා. එවිට මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ වෙද්දී ඉබේම මදුරුවන් නිසා ඇතිවෙන රෝග ආබාධ නැති වෙලා යනවා. ඒ වගේම ඔබේ නිවසේ කුණු නිසි ලෙස බැහැර කරන්නේ නම් මදුරුවන් හැදෙන ස්ථාන විශාල සංඛ්‍යාවක් නැති වෙලා යනවා. හැම පවුලකටම මේ දේවල් අනිවාර්ය ක්‍රියා ලෙස සලකන්න පුළුවන්. ඔබ නොසැලකිල්ලෙන් මදුරුවන් බෝ කිරීමට දායක වුනොත් එය බොහෝ දෙනෙකුගේ විනාශයට හේතු විය හැකියි.


ඔබේ දරුවා මදුරු කරදරෙන් ආරක්ෂා කරන්නේ කොහොමද?

ඔබ ගෙදර කොතරම් පිරිසිදුව තබා ගත්තත් වැඩක් නැහැ දරුවන් නිතරම එලි පහළියට යන නිසා. පාසල් යනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලට එලියට යනවා. දිවා රාත්‍රී දෙකේම දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගන්න ආකාර ගැන ඔබ නිතරම හිතනවා ඇති. ඒ වගේම ඔබ ළඟ නැති විටදී පවා දරුවා ආරක්ෂා කරන එක ලොකු වගකීමක්. මේ පියවරවල් දරුවන් මදුරු දෂ්ටයෙන් ආරක්ෂා කර ගන්න ඔබට උපකාර වේවි.

  1. නෙට් දැමීම : දරුවා නිදි ගැන්වීමේදී හැම විටම මදුරු දැලක් යොදන්න. දිවා රාත්‍රී දෙකේම මදුරු දැල් යෙදීම අනිවාර්යය වෙනවා. මොකද ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ දිවා කාලයේදී.
  2. දොර ජනෙල වලට විශේෂ මදුරු දැල් යෙදීම : ගෙදර දොර ජනෙල් සඳහා මදුරුවන්ට රිංගා ගත නොහැකි ආකාරයේ දැල් දැමීම ඉතාම ප්‍රයෝගික ක්‍රියාවක්. ඒ මගින් ගෙතුලදී මදුරුවන්ගෙන් වෙන හානිය අවම වෙනවා.
  3. දරුවාගේ ශරීරය වැහෙන්න ඝන ඇඳුම් ඇන්දවීම : එළියේ ක්‍රීඩා කරන විට විශේෂ ඇඳුම් ඇන්දවීම නිසා දරුවා මදුරුවන්ගෙන් සැහෙන්න ආරක්ෂා වෙනවා. නමුත් ලංකාවේ පාසල් නිල ඇඳුම් නම් මදුරුවන්ට දරුවා පහසුවෙන් ගොදුරක් වෙන ආකාරයට තමා නිම වී තිබෙන්නේ.
  4. මදුරු විකර්ෂණ ආලේපන දරුවාගේ ශරීරයේ ගැලවීම :  මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක්. නමුත් අම්මලා ගොඩක් වද වෙනවා මොකද මේ මදුරු විකර්ෂණ ආලේපන ඇතැම් විට අසාත්මිකයි. ඒ වගේම මිනිස් සිරුරට විෂ සහිත Deet සංයෝගය බොහෝ විට මේ මදුරු විකර්ෂණ ආලේප වල අඩංගු වෙනවා. රසායන ද්‍රව්‍ය දරුවාගේ ශරීරයේ ගැල්වීම නිසා දරුවාගේ දීර්ඝ කාලීන සෞක්යට ගැටළුවක් වෙයි කියන බය බොහෝ අම්මලාගේ හිත් වල වැඩ කරනවා.

මේ ප්‍රශ්ණයට හොඳම විසඳුමක් දැන් ලංකාවේ වෙළඳ පොලට ඇවිත් තිබෙනවා. ඒ තමයි මොස්ගාර්ඩ් මදුරු විකර්ෂණ ආලේපනය. එය විශ්වාසයෙන් ඔබේ දරුවාට ආලේප කළ හැකි ඇලෙන බවින් තොර ස්වභාවික නිෂ්පාදනයක්. කරාඹුනැටි තෙල් සහ ලෙමන් යුකැලිප්ටස් (Clove Oil and Lemon Eucalyptus) යන ශාක දෙකේ සංයෝගයෙන් නිෂ්පාදනය කරලා ඉතාම ආරක්ෂිතව ඔබ අතට පත් වෙනවා. මදුරුවන් විසින් පතුරන භයානක ලෙඩ රෝග වලින් ඔබේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන්න දැන් ඔබට පහසුයි. MOSGAURD LOTION එක කෙලින්ම සම මත ආලේප කරහම මදුරුවන්ගෙන් ඔබේ දරුවන් ආරක්ෂා වෙනවා. අවුරුදු 6 ට අඩු දරුවන්ගේ සමේ නම් කිසිම මදුරු විකර්ෂක අලෙපනයක් ගැල්වීම නිර්දේශ කරන්නේ නැහැ. එම නිසා මොස්ගාර්ඩ් අවුරුදු 6 ට අඩු කුඩා දරුවන්ගේ ඇඳුම් වල ආලේප කළ හැකියි.

එහි Deet හෝ වෙනත් කිසිඳු විෂ රසායන ද්‍රව්‍යක් අඩංගු නැහැ. ඒ වගේම සමට කිසිසේත්ම අසාත්මික නොවන වග ඉන්දියාවේ මුම්බායි MASCOT SPINCONTROL සායනික පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර තිබෙනවා. පැය 6 ක් පුරා ඔබේ දරුවා මදුරුවන්ගෙන් ආරක්ෂා කරන බව සායනිකව තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මගිනුයි.

මින් පස්සේ ඔබේ දරුවා මදුරුවන්ගෙන් 100% ක්ම ආරක්ෂිතයි කියලා ඔබට සිත නිදහස් කර ගන්න පුළුවන්. පැය හයෙන් හයට අලේප කිරීමෙන් දරුවා මදුරු කරදරෙන් සම්පූර්ණයෙන්ම බේරා ගන්න හැකි වෙන්නේ කිසිම විස රසායනයක් නොදමා දරුවාගේ ආරක්ෂාවත් තහවුරු කරමින්. මොස්ගාර්ඩ් ලෝෂන් එක ස්වභාවික ද්‍රව්‍ය වලින් පමණක් නිපදවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ Colombo Science and Technology Cell සහ හේමාස් සමාගම සමග එකතු වෙලා කළ පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙසයි. මොස්ගාර්ඩ් නිෂ්පාදනයේ ඇති කාර්යක්ෂමතාවය ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර තිබෙනවා. ඉතින් අපේ රටට ගැලපෙන්න නිපදවා ඇති මෙම ස්වභාවික නිෂ්පාදනය භාවිතාවට ගැනීම ඔබේ දරුවන්ගේ සහ පවුලේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

SHARE