වැස්ස වැටීම එක්ක අම්මලාට හිතේ සහනයත් නැති වෙනවා. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි අපේ රටේ මදුරුවන් නිසා බෝවෙන ඩෙංගු, බරවා, මැලේරියා වැනි ආසාධන නිසයි. විශේෂයෙන්ම මෑත භාගයේ දරුවන් රැසකට අකල් මරණ ගෙන දෙන්නත් සුව වීමෙන් පසු නොයෙක් ආබාධ ඇති කරන්නත් ඩෙංගු උන රෝගය සමත් වුනා.ඔබේ සිත නිතරම කරදරෙන් ඇති ඔබේ දරුවා විනාශකාරී මදුරුවන්ගේ ප්‍රහාරයට ලක් වේවිද කියලා. ගෙතුළ කොතරම් ආරක්ෂා කලත් එළිමහනේ නිදහසේ සෙල්ලම් කරන දරුවා මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන ගැටලුව හැම අම්මටම තිබෙනවා.


fb-like-beg


මදුරු විකර්ෂක ආලේපන හොඳ විසඳුමක්ද?

ඇත්තෙන්ම එළිමහනේ දුව පැන ඇවිදින , පාසල් යන දරුවෙක් වෙනුවෙන් ගත හැකි හොඳම පියවර තමයි සමේ ආලේප කරන මදුරු විකර්ශකයක් භාවිතා කිරීම. නමුත් වෙළඳපොලේ ඇති එම ආලේපන බොහොමයක දරුවාගේ සමට අහිතකර DEET රසායනය අඩංගුයි. DEET රසායනය මදුරුවන් පලවා හැරීමට සාර්ථකව යොදා ගත්තත් එහි ඇති සෞඛ්‍යයට අහිතකර බලපෑම් ගැන තවමත් තිබෙන්නේ ලොකු අපැහැදීමක්. සමේ ආසාත්මිකතා හට ගැනීම , සමට දැනෙන අපහසුව , වමනය යාම, හිසේ කැක්කුම , ක්ලාන්ත ගතිය සහ අවධානය ගිලිහීම වගේ අතුරු ආබාධ විතරක් නෙවේ මොලයේ සෛල වලට හානි වීම පවා ඇතැම් විට වාර්තා වී තිබෙනවා. ඉතින් මේ රසායන ද්‍රව්‍යයෙන් සිදු වෙන අතුරු ආබාධ නිසා බහුතරයක් දෙමාපියෝ දරුවන්ට මදුරු විකර්ෂක ආලේපන යොදන්න කැමති නැහැ.

ඒ වගේම ඇතැම් ආලේපන වැඩි වෙලාවක් දරුවාට ආරක්ෂාව සපයන්නේ නැහැ. අලේප කරලා ටික වෙලාවකින් දරුවා නැවතත් මදුරුවන්ගේ දෂ්ටනයට ලක් වෙනවා. ඉතින් නිතර නිතර ආලේප කිරීම පාසල් යන දරුවෙක්ට ප්‍රායෝගිකව කරන්න නොහැකියි.

මේ ගැටළු දෙකට හොඳම විසඳුම දැන් ලංකාවේ අපෙන්

මේ ප්‍රශ්ණයට හොඳම විසඳුමක් දැන් ලංකාවේ වෙළඳ පොලට ඇවිත් තිබෙනවා. ඒ තමයි මොස්ගාර්ඩ් (MOSGUARD) මදුරු විකර්ෂක ආලේපනය. එය විශ්වාසයෙන් ඔබේ දරුවාට ආලේප කළ හැකි ඇලෙන බවින් තොර ස්වභාවික ක්රියාකාරී සංයෝගයන් අඩංගු නිෂ්පාදනයක්. කරාඹුනැටි තෙල් සහ ලෙමන් යුකැලිප්ටස් (Clove Oil and Lemon Eucalyptus) යන ශාක සාරයන්ගේ සංයෝගයෙන් නිෂ්පාදනය කරලා ඉතාම ආරක්ෂිතව ඔබ අතට පත් වෙනවා. මදුරුවන් විසින් පතුරන භයානක ලෙඩ රෝග වලින් ඔබේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරන්න දැන් ඔබට පහසුයි. MOSGUARD LOTION එක කෙලින්ම සම මත ආලේප කරහම මදුරුවන්ගෙන් ඔබේ දරුවන් ආරක්ෂා වෙනවා. අවුරුදු 6 ට අඩු දරුවන්ගේ සමේ නම් මදුරු විකර්ෂක ආලේපනයක් ගැල්වීම නිර්දේශ කරන්නේ නැහැ. එම නිසා මොස්ගාර්ඩ් අවුරුදු 6 ට අඩු කුඩා දරුවන්ගේ ඇඳුම් වල ආලේප කළ හැකියි.

ස්වභාවික කරාඹුනැටි තෙල් සහ ලෙමන් යුකැලිප්ටස් වල විශේෂ ගුණ

(Clove Oil and Lemon Eucalyptus)

ලෙමන් යුකැලිප්ටස් ශාකයේ සාරය මදුරුවන් පලවා හැරීමට 100% ක් සාර්ථකව යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. එය ස්වභාවික අමුද්‍රව්‍යක් නිසා DEET වැනි අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිකරන අතුරු ආබාධ වලින් ඔබේ දරුවා ආරක්ෂා කරනවා. ඒ වගේම ලෙමන් යුකැලිප්ටස් ශාකයේ සාරය වැඩි වෙලාවක් ක්‍රියාකාරී වෙමින් මදුරුවන් පලවා හරින්න සමත් වෙනවා.

අතීතයේ පටන් විවිධාකාරයෙන් යොදාගත් ඖෂධයක් වන කරාඹු නැටි තෙල් කියන්නේ ලාංකික අපිට නම් අමුතු දෙයක් නොවේ. එහි ඇති විශේෂ ගුණාංග අතර සැමට සලසන ප්‍රතිලාභ අමතක කරන්න බැහැ. එය තුවාල සුව කිරීමට, ප්‍රති බැක්ටීරියා නාශකයක් ලෙස වගේම ප්‍රති වෛරස් කාරකයක් ලෙස ප්‍රසිද්ධයි. සමේ ඇතිවන ආසාධන වලට කදිම ඔසුවක් වන කරාඹු නැටි තෙල් මදුරුවන්, කුහුඹුවන් වැනි කරදරකාර කෘමීන් පලවා හැරීමටත් ගෘහාශ්‍රිතව යොදා ගන්නවා.

මොස්ගාර්ඩ් වල DEET රසායනය අඩංගු නොවේ

එහි DEET හෝ වෙනත් කිසිඳු විෂ රසායන ද්‍රව්‍යක් අඩංගු නැහැ. ඒ වගේම සමෙහි අසාත්මිකතා ඇති නොකරන බව ඉන්දියාවේ මුම්බායි MASCOT SPINCONTROL සායනික පර්යේෂණ ආයතනය මගින් තහවුරු කර තිබෙනවා. පැය 6 ක් පුරා ඔබේ දරුවා මදුරුවන්ගෙන් ආරක්ෂා කරන බව තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මගිනුයි.

ඔබේ දරුවා මදුරු කරදරෙන් ආරක්ෂිතයි

මින් පස්සේ ඔබේ දරුවා මදුරුවන්ගෙන් 100% ක්ම ආරක්ෂිතයි කියලා ඔබට සිත නිදහස් කර ගන්න පුළුවන්. පැය හයෙන් හයට ආලේප කිරීමෙන් දරුවා මදුරු කරදරෙන් සම්පූර්ණයෙන්ම බේරා ගන්න හැකි වෙන්නේ DEET හෝ වෙනත් කිසිම විස රසායනයක් නොමැතිව දරුවාගේ ආරක්ෂාවත් තහවුරු කරමින්. මොස්ගාර්ඩ් ලෝෂන් එක ස්වභාවික ක්‍රියාකාරී සංයෝග වලින් පමණක් නිපදවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ Colombo Science and Technology Cell සහ හේමාස් සමාගම සමග එකතු වෙලා කළ පර්යේෂණයක ප්රතිඵලයක් ලෙසයි. ඉතින් අපේ රටට ගැලපෙන්න නිපදවා ඇති මෙම ස්වභාවික ක්රියාකාරී සංයෝගයන් අඩංගු නිෂ්පාදනයක් භාවිතාවට ගැනීම ඔබේ දරුවන්ගේ සහ පවුලේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.


SHARE