ඩේ දැවිල්ල ඇති වන්නේ ආයුර්වේදයේ අම්ල පිත්ත රෝගය ලෙස හඳුන්වන, අපි කවුරුත් ගැස්ට්‍රයිටීස් කිව්වම හොඳින්ම හඳුනන රෝගය නිසායි. මේ රෝගය වැළඳෙන්න නිශ්චිත වයසක් නැහැ. පුංචි දරුවන්ටත්, වයසක පුද්ගලයෙක්ටත් මේ රෝගය වැළඳීමට ඉඩ තියෙනවා. අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා ගැස්ට්‍රයිටීස් ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

fb-like-beg


ගැස්ට්‍රයිටීස් රෝගය පීඩාවක් වන්නේ කොහොමද ?

  • බඩේ දැවිල්ල ඇතිවීම
  • පපුවේ දැවිල්ල සහ හිර වෙන ගතියක් දැනීම
  • බඩේ පිපුම
  • වමනය
  • හිසරදය
  • ක්ලාන්තය සහ කරකැවිල්ල ඇති වීම
  • මළ බද්ධය හෝ ආහාර ලබාගත් විගස වැසිකිළි යාමේ අවශ්‍යතාවය දැනීම   

ගැස්ට්‍රයිටීස් වැළඳීමට හේතු

වැරදි ආහාර රටාව

  • මිනිසුන්ගේ ජීවන රටාව කාර්යබහුල වීමත් සමඟ ඔවුන් තමන්ගේ ආහාර වේල නිවැරදි වෙලාවට ගැනීම අතපසු කරනවා. ආහාර ජීර්ණය පහසු කිරීම පිණිස නිපදවෙන හයිඩ්‍රොක්ලොරික් අම්ලය ආහාර නොමැතිව වැඩි වෙලාවක් අමාශයේ රැඳීම නිසා මෙම රෝගය වැළදෙනවා.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ලබා ගැනීමත් මෙම රෝගයට අහිතකර ලෙස බලපානවා.
  • ඒ වගේම ඇතැම් අය නිවසේ සකස් කර ගත් ආරක්ෂාකාරී ආහාර වෙනුවට ක්ෂණික ආහාර, කඩේ තියෙන පාන් පිටි සහ තෙල් අධික ආහාර ලබා ගන්නට පෙළඹෙනවා. මෙම පුරුදු ගැස්ට්‍රයිටීස් රෝගයට අහිතකර ලෙස බලපානවා

උෂ්ණාධික ආහාර ලබා ගැනීම නිසා

ඇතැම් අයට උෂ්ණාධික ආහාර ලබා ගැනීමෙන් බලපෑමක් සිදු නොවුවත්, සමහරුන්ට මෙය අහිතකර ලෙස බලපානවා. ඉස්සන්, හුරුල්ලන්, බලයන්, කෙලවල්ලන්, දැල්ලන්, කකුළුවන්, අච්චාරු, අන්නාසි, අමුමිරිස් සහ තක්කාලි යොදා පිසූ ආහාර ලබා ගැනීමෙන් සමහරුන්ට ගැස්ට්‍රයිටීස් වැළඳේ.

මත්පැන් පාවිච්චිය

මත්පැන් මඟින් ආමාශයේ ආම්ලිකතාවය ඉහල නංවනවා. ඒ වගේම බොහෝ දෙනෙක් නැවත මත්පැන් වමනය කරනවා. නිතර වමනය කිරීම මඟිනුත් මෙම රෝගය උත්සන්න වෙන්න පුළුවන්. මත්පැන් වලට අමතරව සිගරට් සහ බුලත් පාවිච්චියෙනුත් මෙම රෝගය උත්සන්න වෙනවා.

සිත් තැවුල් ඇති වීම

කාර්යබහුලතාවය සමඟම පැමිණෙන විවිධාකාරයේ සිත්තැවුල්ද මෙම රෝගය වැළඳීමට හේතු විය හැකියි. සිත් තැවුල් ඇති වීමත් සමඟ ශරීරයේ හෝමෝන වල සංයුතිය වෙනස් වීම මෙයට හේතුවයි.

ආහාර ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු

ආහාර ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු නිසා ඇතැම් විට ආහාර දිරවීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මෙම තත්වය ගැස්ට්‍රයිටීස් වැළඳීමට හේතු විය හැක.


ගැස්ට්‍රයිටීස් වැළඳුනු අය අනුගමනය කළ යුතු දේ.

  • ධාන්‍ය වැඩිපුර ආහාරයට ගැනීම.
  • පලා වර්ග ආහාරයට ගැනීම.
  • කෙඳි සහිත ආහාර ලබා ගැනීම. – උදා : කොහිල, කෙකටිය
  • ජල ප්‍රතිශතය වැඩි එළවලු වර්ග ආහාරයට් ගැනීම. – උදා : පතෝල, වට්ටක්කා  
  • ආහාර ගැනීමේදී හොඳින් හපලා ගිලින්න පුරුදු වෙන්න.  
  • ජලය වැඩිපුර පානය කිරීම. ජලය වෙනුවට තැඹිලි, කුරුම්බා
  • මිරිස් භාවිතය අඩු කිරීම. මිරිස් වෙනුවට ගම්මිරිස් භාවිතයට හුරු වීම.
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
  • උෂ්ණාධික ආහාර වලින් වැළකීම සහ සිසිල් ආහාර වලට පුරුදු වීම. – උදා : බාර්ලි, සව්, හබල පෙති, කුරුම්බා මද  
  • කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ගැස්ට්‍රයිටීස් සඳහා සහනයක් ලබා ගන්න පුළුවන්.
  • ආහාර ගැනීමට පෙර කොමඩු යුෂ වීදුරුවක් පානය කරන්න.
  • ඇතැම් බෙහෙත් වලටත් ආමාශයේ ආම්ලිකතාවය වැඩි කිරීමේ හැකියාවක් තිබේ. එම නිසා යම් රෝගයකට බෙහෙත් ලබා ගන්නා විට තමාට ගැස්ට්‍රයිටීස් තිබේ නම්, ඒ බව වෛද්‍යවරයා දැනුවත් කිරීම.  
  • රාත්‍රියේ නින්දට යාමට පැය දෙකකටවත් පෙර රාත්‍රී ආහාර වේල ලබා ගත යුතුය. ආහාර ලබා ගත් විගස නින්දට යාම නුසුදුසුය.
  • කෝපි, චොකලට්, ශීත කළ බීම සහ වලින් වැළකී සිටින්න.
  • දිරවීමට අපහසු මස් වර්ග ඉවීමෙදී කුඩා කැබලි වලට කපා උයන්න. මස් ඉවීමේදී අමු පැපොල් කැබැල්ලක් එක් කර උයන්න.
  • අමු අඹ, රඹුටන්, ඇඹරැල්ල, නමිනන්, ජම්බු, උගුරැස්ස සහ ලොවි වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීම සුදුසු නැත.
  • එළකිරි, කොළ කැඳ, පොල්කිරි කැඳ, කිතුල් පිටි කැඳ පානය කරන්න.
  • සෝස්, චට්නි, ලුණු දෙහි භාවිතය අඩු කරන්න.

ගැස්ට්‍රයිටීස් රෝගය නොසලකා හැරීමෙන් එය පසුකාලීනව දරුණු වෙනවා. බඩේ ඇති වන තුවාල වලට බැක්ටීරියා ආසාදනය වීමෙන් කාලයත් සමඟ පිළිකා ඇති වීමට පවා ඉඩ තියෙනවා. මේ නිසා ගැස්ට්‍රයිටීස් වලට ප්‍රතිකාර ලබා ගැනීම ගොඩාක් වැදගත්.

SHARE