ල්මයිසර් රෝගය කියන්නේ දරුණු ස්නායු රෝගයක්. මෙය වැළඳුණු පසු සම්පුර්ණයෙන්ම සුව කළ නොහැකි බව කියවෙනවා. මේ නිසා අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඉතින් මේ විදිහේ ක්‍රම කීපයක් අනුගමනය කළොත්, ඇල්මයිසර් රෝගය නොවැළඳෙන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ රෝගය වලක්වා ගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ඒ පියවර 6 ගැන ඔබව දැනුවත් කරන්න.


fb-like-beg


01. පුරුද්දක් ලෙස ව්‍යායාම කරන්න

ව්‍යායාම කිරීම නිසා ඇල්මයිසර් රෝගය වැළඳීමේ අවදානම 50%ක්ම අඩු වන බව සනාථ වී තිබෙනවා. ව්‍යායාම නිසා සිරුරේ රුධිර සංසරණය ප්‍රාණවත් වන අතර, මොළය සුරකිනු ලබන රසායනිකයන් වල ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා. වයස්ගතවීමත් සමඟ මොලයේ ඇති වන දුර්වලතා වැලක්වීමටත් ව්‍යායාම උපකාරී වෙනවා. සතියකට මිනිත්තු 150ක්වත් ඔබ ව්‍යායාම වල නිරත විය යුතුයි. බර එසවීමේ ව්‍යායාම මඟින් මස්පිඬු සකස් වනවා සේම, මොලයේ ක්‍රියාකාරිත්වයත් වර්ධනය වෙනවා.


02. සමාජය හා ගැටෙන්න

තනිකමට හුරු වෙන්න එපා. මිනිසා කියන්නේ ස්වාභාවිකවම සමාජය හා ගැටීමට බිහි වූ සත්වයෙක්. මිනිසා අවධානය ලබා ගැනීමට සහ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරනවා. මේ නිසා සමාජය හා එක්ව ඔබේ ජීවිතය ගත කරන්න. එසේ කිරීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම අඩු වෙනවා. සමාජ ආශ්‍රය ඔබට උපකාරී වන්නේ ඇල්මයිසර් රෝගයෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. එය ඔබේ මානසික ශක්තිය නඟා සිටුවන්නත් උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ බොහෝ මිනිසුන් තනිවෙනවා. මෙයින් මිදීම සඳහා නව මිතුරන් ඇති කර ගන්න, සංවිධාන හෝ වැඩමුළු වලට සහභාගී වන්න, ස්වෙච්චාවෙන් සේවය කරන්න.


03. ඔබේ ආහාර වේල ගැන උනන්දු වන්න

ඇල්මයිසර් රෝගය හඳුන්වන්නේ මොලයේ ඇති වන දියවැඩියා තත්වයක් ලෙසයි. මේ නිසා ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. සීනි භාවිතය සහ කබෝහයිඩ්රේට් භාවිතය ඔබ අඩු කළ යුතුයි. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට හානි පැමිණෙනවා. මේදය අධික ආහාර වලින් ඔබ වැළකිය යුතුයි. ඔමේගා 3, ග්‍රීන් ටී, ෆෝලික් අම්ලය, විටමින් B-12 බහුල ආහාර ඔබේ දෛනික රටාවට එක් කර ගන්න.


04. මතක ශක්තිය වැඩි කර ගැනීමට උපකාරී වන ප්‍රෙහේලිකා හා ගණිත ගැටළු වල නිරත වන්න

විනෝදයත් සමඟ මතක ශක්තිය වඩවා ගත හැකි හොඳම ක්‍රම වන්නේ මෙමරි ගේම්ස්, ප්‍රෙහේලිකා හා ගණිත ගැටළු විසඳීම වැනි කරයි. නිතරම අළුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අළුත් භාෂාවක්, සංස්කෘතිය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න. පත්තර කියවීමට හුරු වන්න. මීට අමතරව හැමදාම එකම විදිහට කරපු දේවල් වෙනස් විදිහකට කරන්න උත්සාහ කරන්න. නිතරම එකම ක්‍රමයක් හෝ පිළිවෙලක් අනුගමනය කළොත් ඔබේ මොළය ක්‍රියාශීලි වන්නේ නැහැ. මේ නිසා සංඛ්‍යා අග සිට මුලට ලිවිම, දිනපතා නිරත වූ යමක් වෙනස් ආකාරයකට කිරීම, කබඩ් එකේ ෆයිල් තබන රටාව වෙනස් කිරීම, කරන වැඩ නුහුරු අතින් කිරීම වැනි යමක් කරන්න.


05. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ඇල්මයිසර් රෝගය වැළඳුනු බහුතරයක් දෙනා නින්ද නොයෑමේ රෝග වලින් පීඩා විඳි අය බව හෙළි වී තිබෙනවා. නින්ද නොයෑම ඔබේ සිතිවිළි, සිතීමේ රටාව සහ මනසේ ස්වභාවයට බලපානවා. ඔබ නින්ද නොයෑමේ ලක්ෂණ වලින් පීඩා විඳිනවා නම්, දවල් කාලයේ කෙටි නින්දවල් ලබා ගැනීමෙන් වලකින්න. රාත්‍රී නින්ද සඳහා ඔබ පැය දෙකක පමණ සිට මනසින් ලෑස්ති වන්න. නිදා ගැනීමට ආසන්න වූ විට ඇඟ සේදීමෙන් නින්ද පහසුවෙන් ඔබ වෙත ලඟා වෙනවා. පොතක් කියවීමට හුරු වීමෙන්, ඔබ වෙත නින්ද ලඟා වේවි. එකම වෙලාවක නින්දට යාමට හුරු වන්න.


06. ඔබේ මානසික පීඩනය අවම කර ගැනීමට කටයුතු යොදන්න

මානසික පීඩන තත්වයන් ඔබේ මොලයේ මතක තබා ගැනීමේ කොටසට හානි පමුණුවනවා. භාවනා කිරීම, ඇවිදින්නට යාම, ගැඹුරින් හුස්ම ගනිමින් හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම, අවට පරිසරයේ සුන්දරත්වයට අවධානය යොමු කිරීම වැනි ක්‍රියා වල නිරත වෙමින් මානසික පීඩනය අවම කර ගන්න. නිතරම සතුටින් සිටීමට උත්සහ ගන්න.

SHARE