බිඳ වැටුණු ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නේ මෙහෙමයි.

ගොඩක් දෙනෙක් තමන් විසින්ම මානසිකව බිඳ වැටිලා ඉන්නේ. නිතරම සිතන්නේ මට බෑ කියන එකමයි. තමන් ගැනම තියෙන්නේ ලොකු කලකිරීමක්. මේ වගේ මානසික බිඳ වැටීම් අපි කාටත් තියෙනවා. ඒ නිසාමයි අපි හිතුවේ තමන් පිළිබඳ අභිමානයක් ගොඩ නාග ගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න.

fb-like-beg


01. මිතුරන් ගැන සැලකිලි මත්වන්න.

ගොඩක් දෙනෙක් තුළ අභිමානයක් ඇති කිරීම සඳහා තමන් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන්ගේ හැසිරීම, ඔවුන්ගේ මතය යනාදිය බලපානවා. ඔබ නිතර ඇසුරු කරන්නේ කිසිදේකට උත්සහයක් නොගන්න ඉතාමත් අලස යහළුවන්ව නම් ඔබ තුළත් රෝපණය වන්නේ ඔවුන්ගේ සිත් තුළම දක්නට ලැබෙන අදහස් පමණි. ඔබ ඒ නිසා හැකිතාක් ධනාත්මකව සිතන මිතුරන් ඇසුරු කිරීමට පුරුදු වෙන්න. ඔවුන් නිසා ඔබට ඔබ ගැන නිරන්තර අභිමානයක් ඇති වේවි. ඔබ තුල යම් විටක මානසික පසුබෑම් ගතියක් දක්නට ලැබුනත්. එය මිතුරන් නිසා නැවත වර්ධනය වේවි.


02. තව අයෙක්ව ආදර්ශයක් කර ගන්න.

ඔබගේ ජිවිතයයේ ගමන් මඟට කව්රුන් හෝ පුද්ගලයෙකුව ඔබට පුළුවන් මඟ පෙන්වන්නෙකු ලෙස තබා ගන්න. ඒ කියන්නේ ජිවිතේ දිනාගත් සාර්තක පුද්ගලයෙකුව සැමවිටම ඔබ ඔබගේ ජීවිතයේ නියමුවා කරගන්න. ඔබ ජිවිතයේ බිද වැටෙන හැම තැනකදීම ඔහුව හෝ ඇයව නිදසුනක් කරගෙන ජීවිතය තුළ ඉදිරියට යන්න. මේ තුළින් ඔබ තුළ නොමැති ආත්ම අභිමානයක් නිරන්තරයෙන් ඔබ තුළ ඇති වේවි.


03. ආත්ම විශ්වාසය.

ගොඩක් වෙලාවට ලංකාව වගේ සමාජයක කාන්තාවන්ගේ සෑම දෙයකටම තව කව්රුන් හෝ උදව් කරන්න ඕනේ, කියලා අදහසක් තියනවා නේද? කාන්තාවක් සැමවිටම තව කෙනෙකුගේ සහය පැතීම අවශ්‍යම වෙන්නේ නෑ.

ඔබ පළමුව ඔබ ගැන විශ්වාසය තබා ගන්න. සියල්ල තමාට තනිව කල හැක යන්න තරයේ විශ්වාස කරන්න. හැමදාම බෑ කියා පසු බහිනවට වඩා පුංචි හෝ දෙයක් තනිවම කිරීමට ඔබ උත්සහ කරන්න. එය තුළින් නිසැකව ඔබ පිළිබදව ආත්ම විශ්වාසය වර්ධනය වේවි.


04. මානසික වෛද්‍යවරයෙකුව මුණ ගැසෙන්න.

නිරන්තරයෙන් ඔබ හදවතින් කඩා වැටුණු අයෙකු නම්, ඔබට එම තත්වයෙන් මිදීමට ඉතාමත් අපහසු නම් ඔබ කල යුතුම වන්නේ වෛද්‍යවරයෙකුගේ සහය පැතීමයි. ඒ තුලින් ඔබට පුළුවන් ඔබ ගැන ඔබගේම සිත තුල තිබෙන පසුගාමි ලක්ෂණයන් ගෙන් මිදී, ඔබ තුළ මනා ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න. ගොඩක් දෙනෙක් සිතන වැරදි දෙයක් තමයි මානසික වෛද්‍යවරයෙකු මුණ ගැසෙනවා නම් ඔහු සැබැවින්ම මානසික රෝගියෙක් බව. මනස නිරන්තරයෙන් බලාපොරොත්තු විරහිතව පසුගාමී ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, ඔබ කිසිම වෙලාවක වෛද්‍යවරයෙකුව මුණගැසී මෙම තත්වයෙන් මිදීමට ලෑජ්ජා වෙන්න නම් එපා.


05. සංසන්දනය කරන්න එපා.

ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි වෙනත් අයත් සමඟ සංසන්දනය කිරීම. ඇත්තටම සංසන්දනය තුලින් සිදු වෙන්නේ ඔබ, ඔබ පිළිබඳව අවතාක්සේරුවෙන් සිටීමයි. මේ නිසා ඔබ ඔබගේ සුවිශේෂිතාවය හදුනාගන්න. එය වර්ධනය කිරීමට ඔබ කටයුතු කරන්න. ඔබට ඔබ ගැන අභිමානයක් ඇති වනු නියතයි.

SHARE