කර්ෂණය කියන්නේ ඔබ වෙත අනුන්ගේ කැමැත්ත දිනා ගැනීමටයි. සමාජයේ ආකර්ෂණය දිනා ගන්න අකමැති කෙනෙක් නැහැ. හැබැයි මේ ආකර්ෂණය හැමෝටම හිමි වන්නේත් නැහැ. සමාජයේ ආකර්ෂණය අහිමි වීමට බලපාන හේතු කීපයක්ම තියෙනවා. ඉතින් අද අපි තීරණය කළා මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.


fb-like-beg

 


ඔබ සතුටින් ඉන්නේ නැද්ද?

ඔබේ මුහුණෙන් සතුට පෙනෙන්නේ නැද්ද? ජිවිතයේ මොන තරම් දුක් බර සිදුවීම් සැඟවිලා තිබුණත් හිනා මුසු මුහුණින් ඉන්න මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඇත්තෙන්ම සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ ඔවුන්ට. විශේෂයෙන්ම සතුටින් ඉන්න කාන්තාවකට සමාජයේ ආකර්ෂණය හිමි වෙනවා වැඩියි. ඉතින් ජීවිතයේදී ඇති වන ගැටළු වලදී මුහුණ එල්ලගෙන, පැත්තකට වෙලා දුකින් ඉන්න එපා. එහි අලාභය ඔබටමයි.

අමුත්තෝ එක්ක කතා කරන්නේ කාලගුණය ගැනද?

ඔබට හමුවෙන අය එක්ක ගැඹුරු මාතෘකා ගැන කතා කරන්න ඔබ කවදාවත් පෙළඹෙන්නේ නැද්ද?

“හරියට වැස්ස නේද?”, “ට්‍රැෆික් එක වැඩියි නේද?” වගේ ප්‍රශ්නයක් දෙකක් කතා කරලා ඔබ නිහඬ වෙනවද? එතකොටත් ඒ සංවාදය එතනින් නිමා වෙනවා විතරයි. හැබැයි ඒ වෙනුවට පොඩ්ඩක් ගැඹුරු මාතෘකා පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්න. එය ඔබට ආකර්ෂණය හිමි කර ගන්න උදව් වෙන හේතුවක් වේවි.

ඔබ නිදි මරන්න කැමතිද?

නිදි මැරීම සහ සමාජයේ ආකර්ෂණය අහිමි වීම අතර පැහැදිලි සබඳතාවයක් තියෙනවා. නිදි මරණ කෙනෙකුගේ දෙනෙත් මලානිකයි. එම තැනැත්තාගේ පෙනුම හරිම වෙහෙසකාරියි. සමහර විට දිවා කාලය පුරාවට ඔහු හෝ ඇය ඉන්නේ නිදි බරව. එහෙම නැත්තම් ඈනුම් යව යවා. ඉතින් කොහොමද ඒ වගේ පුද්ගලයෙක්ට සමාජය ආකර්ෂණය වෙන්නේ?

ඔබට විහිලු තේරෙන්නේ නැද්ද?

පිරිසක් එක්ක ඔබ ඉන්නකොට මොනා හරි විහිලු කතාවක් කියවෙනවා, එහෙම නැත්තම් මොනවා හරි හිනා යන සිදුවීමක් සිදු වෙනවා. එතන ඉන්න හැමෝම හොඳටම හිනා වෙනවා. හැබැයි ඔබට හිනා යන්නේ නැහැ. එක්කෝ ඔබට විහිලු තේරෙන්නේ නැහැ. නැත්තම් ඔබ හිතා මතාම හිනා වීමෙන් වැළකිලා ඉන්නවා.

අපෝ ඔය මෝඩ ජෝක් වලට මට හිනා යන්නේ නැහැ.” වගේ සිතුවිල්ලක් හිතේ තියාගෙන තමයි ඔබ හිනා නොවී ඉන්නේ. අපොයි, එහෙම කෙනෙක්ට සමාජය කොහොමටවත් ආකර්ෂණය වෙන්නේ නැහැ.

ඔබ රතු පාට ඇඳුම් අඳින්නේ නැද්ද?

සමහර පුද්ගලයන් විවිධ මිත්‍යා විශ්වාසයන් නිසා රතු පාට ඇඳුම් ඇඳීමෙන් වැළකිලා ඉන්නවා. රතු පාට කියන්නේ ආදරයේ, හැඟීම්බර බවේ සංකේතය. එහෙමයි කියලා ඔබ හැමදාම රතු පාට අඳින්න ඕනේ නැහැ. ඉඳ හිට රතු පාට අඳින පුද්ගලයන්ට සමාජයේ ආකර්ෂණය ඉබේටම හිමි වෙනවා.

තනි වෙලා ඉන්න ඔබ කැමතිද?

තනි වෙලා ඉන්න පුද්ගලයෙක්ට සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ හරිම අඩුවෙන්. පිටතින් බලන කෙනෙක්ට ඔබව වඩාත් සුන්දරව පෙනෙන්නේ මිතුරන් පිරිසක් එක්ක එකතු වෙලා විනෝදයෙන් ඉන්නකොටයි. ඔබ හැමදේම තනිවම කර ගනිද්දී, තනිවම ගමන් යද්දී ඔබව එතරම් ආකර්ශනීය ලෙස දිස් වෙන්නේ නැහැ.

ඔබ නිහතමානි නැද්ද?

හැම වෙලේම තමන්ගේ ආඩම්බරකම් කියවන, තමන්ගෙන් සිදු වන වරදක් කිසි දිනක පිලිනොගන්න කෙනෙක්ට සමාජයේ ආකර්ෂණය හිමි වෙන්නේ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද ? තමන්ගේ තුල කිසිම වරදක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක, ඒ බව පුන පුනා අනිත් අයට පවසන්නට යාම ඔබේ ආකර්ෂණය අඩු කරන හේතුවක්.

පමණට වඩා අනුන් තේරුම් ගන්නට යාම

තවකෙකු තේරුම් ගැනීම හොඳ දෙයක් තමයි. හැබැයි පමණට වඩා අනිත් පුද්ගලයන්ව තේරුම් ගන්නට යාම, ඔවුන් ඔබෙන් අපේක්ෂා කරන හැම දේම ඉටු කර දෙන්නට උත්සාහ කිරීම, බලෙන් උදව් කරන්නට යාම වගේ දේවල් ඔබේ ආකර්ෂණය අඩු වීමට හේතුවක් වෙනවා. ඇත්තෙන්ම පමණට වඩා තමන් ගැන උනන්දු වෙන, පමණට වඩා තමන්ට සහාය වන්නට එන පුද්ගලයන් ගැන සමාජය බිය වෙනවා.

SHARE