ගොඩාක් දෙනා තමන්ගේ සිරුරේ බර අඩු කර ගැනීමට සහ තරබාරු බව පාලනය කර ගැනීමට අත්හදා බලන උපක්‍රමයක් තමයි නිරාහාරව සිටීම. ඒ වගේම තමයි ඇතැම් ආගම් වලිනුත් නිරාහාරව සිටීමට උනන්දු කරවනවා. ඇත්තටම කොහොමද නිරාහාරව ඉද්දි කෙට්ටු වෙන්නේ? අපේ සිරුර තුල ඒ වෙලාවට සිදු වෙන්නේ මොනවද? ඔබ කවදාවත් මේ ගැන හිතලා නැතුව ඇති. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.


fb-like-beg


  • සිරුරේ ඇති සීනි බිඳ වැටීම

ඔබේ සිරුරේ පැවැත්මට ශක්තිය අවශ්‍යයි. ඔබ නිරාහාරව සිටීමේදී සිරුරට අවශ්‍ය ශක්තිය අවශෝෂණය කර ගන්නේ සිරුරේ තැම්පත් වී ඇති ග්ලූකෝස් සහ සීනි වලිනුයි. මෙමඟින් ලබා ගන්නා සීනි ඔබේ මොලයට, රතු රුධිරාණු සෛල වල ක්‍රියාකාරිත්වයට සහ මාංශ පේෂී වලට යැවෙනවා. නිරාහාරව සිටින මුල් පැය කීපය තුල ඔබට අපහසුවක් නොදැනෙන්නේ ඒ නිසායි.


  • සිරුරේ ඇති මේදය බිඳ වැටීම

මෙය සිදු වීමට පටන් ගන්නේ පැය 5/6කට පමණ පසුවයි. බර අඩු කර ගැනීම සඳහා නිරාහාරව සිටින අයෙකුට මේ අවස්ථාව ඉතා වැදගත් වෙනවා. සිරුරේ තැම්පත්ව තිබූ සීනි භාවිතයට ගත් පසු සිරුර එහි තැම්පත් වී තිබෙන මේදය ප්‍රයෝජනයට ගන්නවා. මෙම තත්වය ඔබට නිරාහාරව සිටීමෙන් වැලකි, කාබෝහයිඩ්රේට අඩු ආහාර ලබා ගැනීමෙනුත් ලඟා කර ගත හැකියි.


  • කොලෙස්ටරෝල් සහ යුරික් අම්ලය ඉවත් වීම

ඔබ නිරාහාරව සිටීමේදී ඉතා වැදගත් දේවල් කිහිපයක් සිදු වෙනවා. විෂ හරණ ක්‍රියාවලියකදී ඔබේ සිරුරේ කොලස්ටරෝල් සහ යුරික් අම්ලයෙන් පවිත්‍ර වෙනවා. මේ අවස්ථාවේදී ඔබේ රුධිර පීඩනය මඳක් පහල වැටෙන අතර, හිසේ කැක්කුම, කරකැවිල්ල, මහන්සි ගතිය, සමේ ලප ඇති වීම, මාංශ පේෂී වල වේදනා ඇති වීම සහ සන්ධි වල වේදනා ඇති වීම සිදු විය හැකියි.


  • ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලැබීම

ඔබ ආහාර නොගන්නා විට ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට නිවාඩුවක් ලැබෙනවා. මේ විදිහට විවේක ගැනීමට ඔබ ආහාර ලබා නොගෙන සැලකිය යුතු වේලාවක් සිටිය යුතුයි.


  • අහිතකර හැඟීම් හට ගැනීම

ඔබ නිරාහාරව පැය 6ක් පමණ සිටීමෙන් පසු ඔබට කුසගිනි දැනෙනවා. ඒ සමඟම ඔබේ සිත තුල තරහව, අපේක්ෂා භංගත්වය, දුක සහ මානසික ආතතිය ඇති විය හැකියි. මෙවැනි හැඟීම් ඇති වීම පසුපස ඇති ප්‍රධානතම හේතුව වන්නේ කුසගින්නයි. මේ අවස්ථාවේදී ඔබ ඉතා සැලකිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඔබට දැනෙන අහිතකර හැඟීම් අන් අය පිට නොහෙළිය යුතුයි. ඒ වෙනුවට ඔබ ශරීර ශක්තිය වැය නොවන යම් ක්‍රියාවක නියැලෙන්න. කුසගින්න ගැන කල්පනා කරමින් සිටීම සුදුසු නැහැ.


  • ආහාර පාලනයෙන් අත් කර ගත හැකි වෙනත් වාසි

♦ මෙය දෙවෙනි වර්ගයේ දියවැඩියා රෝගය සුව කර ගැනීමට හොඳ මඟක්. මෙය ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය යථා     තත්වයට පත් කර ගැනීමට හොඳ මඟක් වෙනවා.

♦ ඔබට නිතර දැනෙන මහා බඩගින්න පාලනය කර ගන්න මෙය උදව්වක් වෙනවා. නොකා සිටීමට හෝ අඩුවෙන් ආහාර ගැනීමට හුරු වූ විට, ඔබට වැඩියෙන් ආහාර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ

♦ හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු වෙනවා.

♦ ඔබ වයස්ගත වීමේ ක්‍රියාවලියේ වේගය අඩු කරනවා.

♦ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් වෙනවා.

SHARE