රුණ වියේ පසු වන ඕනෑම යුවතියක් අඩි උස පාවහන් පළඳින්න හරිම කැමතියි. යුවතියකගේ උස, පෞරුෂත්වය වැඩි කර පෙන්වීමේ මනා හැකියාවක් අඩි උස පාවහන් වලට තිබෙනවා. ඒ වගේම කාර්යාලයට යාමේදී, සාරි ඇඳීමේදී අඩි උස පාවහන් පැළඳීමට සිදු වෙනවා. ඉතින් මේ විලාසිතා වලට බර යුවතියන් විවාහ වී, ගර්භණි වීමත් සමඟ පෙර පුරුදු විලාසිතා කිරීමට නොහැකි වෙනවා. විශේෂයෙන්ම අඩි උස පාවහන් පැළඳීම පිළිබඳව බරපතල ගැටළුවක් පැන නඟිනවා. ඉතින් goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ ගර්භණි සමයේ ආරක්ෂිතව අඩි උස පාවහන් පැළඳිය යුතු ආකාරය ගැන අදහස් කීපයක් ඔබ වෙත ගෙන එන්නට අද අපි තීරණය කළා


fb-like-beg


අඩිය කොට වන තරමට ඔබේ ආරක්ෂාව සහතික වෙනවා

ගර්භණි සමයේදී ගොඩක් උස සහ සිහින් අඩි සහිත පාවහන් පැලඳුවොත් ඔබේ කොන්ද සහ දෙපා වේදනා ගෙන දෙන්නට පටන් ගැනීම නම් වලක්වන්න බැහැ. ඉතින් ගැබිණි මවකට Wedges සහ kitten අඩි උස පාවහන් තමයි ගොඩක් දුරට ගැලපෙන්නේ. මේ පාවහන් ඔබේ සිරුරේ නම්‍යතාවය සහ සමබරතාවය රැක ගැනීමට උපකාර කරනවා. ඉතින් ඔබේ ඇඳුම් වලට ගැලපෙන ආකාරයට මේ පාවහන් තෝරා ගන්න ඔබට පුළුවන්.

ඔබේ සිරුරේ බර ගැන අමතක කරන්න එපා

දරුවෙක් ලැබීමට සිටිද්දී ඔබේ බර කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. මේ නිසා ගැබිණි සමයේදී ඔබේ සපත්තුවේ උපරිම උස සෙන්ටිමීටර් 5ක් විය යුතුයි. ඊට වඩා වැඩි උසකින් උතු අඩියක් සහිත පාවහන් නම්, ඔබට කොහොමටවත්ම ගැලපෙන්නේ නැහැ. ඔබ මේ කැපවීම කල යුත්තේ මාස 9ක් යන තුරු පමණයි. ඉතින් මේ මාස නවයේදී ඔබේ දරු පැටියාගේ ආරක්ෂාවට මුල් තැන ලබා දෙමු.

අවසාන මාස තුනේදී අඩි උස පැළඳීම හැකි තරම් සීමා කරන්න

ඔබේ කුස තුල සිටින දරුවා ක්‍රම ක්‍රමයෙන් වැඩෙන විට ඔබ ආරක්ෂා විය යුතු ප්‍රමාණය වැඩි කල යුතුයි. ඔබගේ පුංචි සෙලවීමක් පවා දරුවාට හොඳින් දැනෙනවා. ඉතින් ඔබ යන්තම් හෝ ලෙස්සා ගියොත් හෝ ගැස්සුනොත් එය දරුවාට අයහපත් ලෙස බලපානවා. ඉතින් මේ කාලයේදී අඩි උස පාවහන් පැළඳීම හැකි තරම් අඩු කරන්න. දරුවාගේ ආරක්ෂාව සහ සුවපහසුව ගැන සැලකිලිමත් වී, එයට මුල් තැන ලබා දෙන්න. විශේෂිත වූ උත්සවයක් වැනි අවස්තාවක් සඳහා පමණක් ඇඳීමට මේ පාවහන් ඉවත් කර තබන්න.

ඔබට වේදනාවක් දැනෙනවා නම්, වහා අඩි උස පාවහන් පැළඳීම නවත්වා දමන්න

ඔබේ සිරුර මේ වෙලාවේ සිටින්නේ ඔබේ දරුවාගේ බරත් දරාගෙනයි. ඉතින් ඔබ අඩි උස පාවහන් පළඳින නිසා ඔබේ කොන්දේ සහ දෙපා වල වේදනා ඇති විය හැකියි. එසේ වේදනා ඇති වීම යනු, ඔබට අඩි උස පාවහන් ඉවත් කිරීම සඳහා ශරීරය විසින් ලබා දෙන සංඥාවක් බව තේරුම් ගන්න. ඔබට අඩි උස පැළඳීම නැවත්වීමට යම් ගැටළුවක් පවතිනවා නම්, දෙපා වල ඇති වේදනාවන් පහ කරන ව්‍යායාම  (Calf Stretches) සහ යටිපතුල් සම්බාහනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඔබේ දෙපා වලට වෙනදාට වඩා සාත්තු කරන්න

ගර්භණි සමයේ දෙපා ඉදිමීම වලක්වන්න බැහැ. ඉතින් ඔබේ දෙපා ඉදිමීම නිසාම ඔබ පෙර පැලඳු අඩි උස පාවහන් පැළඳීමට ඔබට අපහසු වෙන්න පුළුවන්. ඔබේ දෙපතුල් වල ප්‍රමාණය පාවහන් වල ප්‍රමාණයට වඩා විශාල වී ඇති බව දැනෙනවා නම්, පාවහන් පැළඳීමට අමාරුවෙන් උත්සාහ කරන්න එපා. දෙපා ඉදිමීම නිසා ඔබේ සිරුරට දැනෙන වේදනාව එයින් වැඩි වීමේ අවදානමක් පවතිනවා. හිර වුනු පාවහන් පැළඳ ඇවිදීමට උත්සාහ කරන්න. ඔබට ඒවා පැළඳ ඇවිදීමේදී අපහසු ගතියක් දැනෙනවා නම්, වහා ඒවා ගලවා ඉවත් කරන්න. හිර පාවහන් පැළඳ ගමන් කිරීමෙන් සමබරතාවය ගිලිහි යාම, හදිසි ඇද වැටීමකට භාජනය වීම වැනි අයහපත් ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්. එය දරුවාගේ ජීවිත් ආරක්ෂාවටත් තර්ජනයක්. මේ නිසා ඔබේ දෙපා වලට අපහසු දේ බලෙන් කිරීමට යන්න එපා.

SHARE