රමුසු කියන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල ඉතාම පහසුවෙන් සොයාගත හැකි පැළෑටියක්. මේවා හීං ඉරමුසු හා මහ ඉරමුසු ලෙස වර්ග දෙකක් තියෙනවා. ලංකාවේ ඉහත කිවා වගේ වැවෙන්නේ හීන් ඉරමුසු. මහ ඉරමුසු ඉන්දියාවෙන් ආනයනය කරනවා. වසර පූරාම දකින්න පුළුවන් ඉරමුසු කිරි සහිතයි. අපූරු සුවඳක් ඇති මලක් තියෙනවා. ඒ වගේම ඉතා වටිනා ඖෂධයක් තමයි ඉරමුසු කියන්නේ.

fb-like-beg


  • උද්භිත විද්‍යාත්මක නාමය :- Hemi desmus im dicus(L)R .Br
  • කුලය :-PERIPLOCACEAE (අර්ක කුලය)
  • වෙනත් නම් :-
    • සිංහල – ඉරමුසු
    • දෙමළ – නන්නාරි, උල්සාප්පු
    • ඉංග්‍රිසි – Indian Sarsaparilla

ඉරමුසු මුල් තම්බා ගත් ජලයේ ඖෂධීය ප්‍රයෝජන

  • දැවිල්ල සහිත තුවාල සඳහා – ඉරමුසු මුල් තම්බා ගත ජලයෙන් තුවාලය සේදීම
  • ආහාර ආසාත්මිකතා සඳහා
  • කුෂ්ට රෝග සඳහා
  • මුත්‍රා රෝග – උදා : මුත්‍ර දැවිල්ල, වේදනා සහිතව මුත්‍ර පිටවීම, මුත්‍ර වරින්වර පිටවීම

ඊට අමතරව හිසකෙස් වර්ධනය කිරීමේ ගුණය ඉරමුසුවල තිබෙනවා. වාත රෝග, සෙම් රෝග, මළ පහ පිට වීමේ දෝෂ ආදිය නිවාරණයටත් ඉරමුසු හොඳ බෙහෙතක්. ලේ පිරිසිදු කිරීමේ ගුණය ඇති නිසා කිරිදෙන මව්වරුන්ට හා දියවදියා රෝගීන්ටත් ගුණදායකයි. ඒ වගේම කෑම අරුචිය මැඩලා ආහාර දිරවීම ක්‍රමානුකූල කරන්නත් ඉරමුසු සහය වෙනවා.

 

SHARE