දෙ

පයේ වේදනාවන් කාටත් ඇති වෙන්න පුළුවන්. ටිකක් වැඩි දුර ඇවිද්දම, වෙනදට වඩා මහන්සි වෙන්න වුනාම දණහිසේ, යටි පතුලේ, උකුලේ වේදනාවන් ඇති වෙන අවස්ථා එමටයි. ඒ වේදනාවන් සමනය කර ගැනීම වෙනුවෙන් ගොඩක් දෙනා කරන්නේ නිදා ගන්න ඒකයි. ඒත් පුංචි ව්‍යායාම කීපයක් කරලාත් ඒ වේදනාවන් ඉක්මනින්ම සමනය කර ගන්න පුළුවන්. අද අපි goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න තීරණය කළා.

 


fb-like-beg


විලුඹ එසවීම

යමක් අල්ලාගෙන සිට ගන්න. එක පාදයක් රූපයේ දැක්වෙන ලෙස පසුපසට ඔසවන්න. අනිත් පාදයේ විලුඹ සෙමින් ඔසවා ඇඟිලි තුඩු වලින් සිට ගන්න. එක පාදයකට 10- 15 බැගින් පාද දෙකටම මෙම ව්‍යායාමය සිදු කරන්න.

ඇඟිලි තුඩු වලින් ඇවිදීම

මිනිත්තු 5- 15ත් අතර කාලයක් ඇඟිලි තුඩු වලින් එහා මෙහා ඇවිදින්න. දෙපයේ වේදනාවන් දුරු වීමට එය සුදුසුම ව්‍යායාමයක්.

 

වළලුකර කරකැවීම

පුටුවක වාදී වී පාදය ඉදිරියට දිගු වන සේ ඔසවන්න. ඉන්පසුව ඉතා සෙමින් වළලුකර රවුමට කරකවන්න. එක පාදයකට 10 බැගින් කරන්න.

පටියක් ආධාරයෙන් ව්‍යායාම කිරීම

ඇදෙන පටියක් සවිමත් තැනක ගැට ගසන්න. ඉන්පසුව බිම දිගා වී රූපයේ දැක්වෙන පරිදි සිදු කරන්න. මෙය එක පාදයකට 10 බැගින් දෙපයටම සිදු කරන්න.

ඇඟිලි භාවිතා කර ක්‍රීඩා කිරීම

බිමට තුවායක් වැනි රෙද්දක් දමා, පාදයේ ඇඟිලි වලින් එය ඇදගෙන යන්න. බිමට කුඩා ගල් කැට කීපයක් දමා පා ඇඟිලි වලින් ඒවා රැගෙන බාස්කට් එකකට දමන්න.

ටෙනිස් බෝලයක් ආධාරයෙන් ව්‍යායාම කිරීම

පුටුවක වාඩි වී, ටෙනිස් බෝලයක් බිම තබන්න. ඉන් පසුව යටි පතුලේ සිට ඇඟිලි දක්වා එය එහා මෙහා කරන්න. එය දෙපයට හොඳ සම්බාහනයක් වනු ඇත.

SHARE